01

352 21 14
                                        

"ෆයිටින් hyung.... මං අතන ඉඳන් බලාගෙන ඉන්නවා. Hyung චුට්ටක්වත් බය වෙන්නෙපා. අද hyung ගේ දවස. අද hyung record එක තියනවාමයි."

මීටර් 10 උස spring board එක උඩ හිටගෙන වෝම් අප් වෙන ගමන් SHINee බෑන්ඩ් එකේ main rapper choi minho ශාලාව පුරාවට එයාගේ ඇස් දිවෙව්වා. Pool එක වටේ රැස් වෙලා ඉන්න හැමෝම නොයිවසිල්ලෙන් බලන් හිටියේ එයා දිහා. අද මින්හො එයාගේ සුපුරුදු ගායන ජීවිතෙන් මිදිලා ලෝක වාර්තාවක් තියන්නයි සූදානම.

මෙතෙක් වෙලා බෝඩ් එක උඩ හිටගෙන කියව කියව ඉඳපු නිවේදකයා දැන් පහල ඉඳන් අනවුන්ස් කරනවා මින්හෝට ඇහෙනවා. හතර වටෙන්ම එයා දිහාට එල්ල වෙලා තියෙන කැමරා ෆ්ලෑෂ් ලයිට් නිසා වගේම එයාගේ වාර්තාව සියැසින් දැක ගන්න රොක් වෙලා ඉන්න සෙනඟින් නැගෙන කුසු කුසුව එයාව ‍යාන්තමට නොසන්සුන් නොකලාම නොවේ.

මෙතෙක් වෙලා දැල්විලා තිබ්බ සාමාන්‍ය විදුලි බුබුලු ඒකේ පැහැය රතු වර්ණයෙන් වර්ණ ගැන්වූයේ තමන්ගේ පැනීමට තව සුලු මොහොතයි කියලා මින්හෝට මතක් කරන්න වගේ. දැනෙන පීඩනය අඩු කරගන්න මින්හෝ එයාගේ ඇස් දෙක තද කරලා පියාගත්තේ පපුවට අතකුත් තියාගෙන.

"Hyung ට බය හිතුනොත් hyung මගේ දිහා බලන්න. මං hyung ට අත වනන්නම්. එතකොට hyung ගේ බය නැති වෙනවා. මට විශ්වාසයි." 

සුභ පතන්න ආව වෙලේ ටේමින් කිව්ව වචන මින්හොගේ හිස ඇතුලේ රැව් පිලිරැව් දෙද්දි එයාගේ මූණට මදහසක් නැගුනේ තමන් පඩිපෙල උඩට නගින අතරමගදි ටේමින් දිහා බලනකොටත් එයා කඩදාසියක් වගේ සුදුමැලි වෙලා ඉඳපු විදිය මතක් වෙලා.

'පණ්ඩිතයා වගේ කියෙව්වට මේ කොල්ලා මටත් වඩා බය වෙලානේ' 

එයාට හිතුනේ එහෙම.

මින්හෝ තවමත් නොමැකුණු මදහසින් දෑස් විවර කරා.

"Minnie... කෝ ඔයා..."

 එයාගේ දෑස් යොමු උනේ පහල රැස් වෙලා ඉන්න පිරිස වෙතට.

"Minho-ya... fighting..."

Minho තමන් දෙස බලනවා දැක්ක jonghyun වාඩිවෙලා හිටපු තැනින් නැගිටලාම එයාට චියර් කරේ ඔනිව්ත් එයා එක්ක එකතු වෙද්දි.. එයාලා එක්කම ශාලාවේ රැස් වෙලා හිටපු අනිත් අයගෙනුත් හොඳ චියර් එකක් මින්හොට ලැබුනා. එයා ලෑල්ලේ කෙලවරටම ආවේ තවත් ඓතිහාසික වාර්තාවකට මුල පුරන්න.

Jjongට ඉස්සරහින් බිරාන්ත වෙලා බලන් ඉන්න කීත් jjongට පිටිපස්සෙන් සීට් එකෙනුත් නැගිටලා චියර් කරන ඔනිව්ත් මින්හොගේ දර්ශ්න පථයට අහු වුනත් එයාගේ ඇස් හෙව්ව රුව නම් දකින්න ලැබුනේ නෑ.

"කොහෙ යනවද මංදා... වොශ්රූම් ගියාවත්ද... ඒත් මේ වෙලාවෙම... ඊටපස්සේ දැක්කේ නෑ කියලා මෙතන නහයෙන් අඬයි... minnie ඉන්න තැනකින් ඉක්මනට එන්න... තව wait වෙන්න බෑ.. මිනිස්සු බලන් ඉන්නවා."

 Coach ලා දෙන්නා දිහාත් බලලා කැමරා එකට okay එක දෙන ගමන් මින්හො හිතුවා. වටේම තිබුන ලයිට්ස් ටික මින්හෝ ළගට පොයින්ට් වෙද්දි මින්හෝ ඇස් දෙක තදින් පියාගෙන ලොකු හුස්මක් ගත්තා.

"ජබොග්!"

ඊළග මොහොතේ බර යමක් වතුරට වැටෙන හඬින් මින්හෝ එයාගේ දෑස් විවර කරා. මෙතෙක් වෙලා මින්හෝ දිහා බලාගෙන හිටපු සියලුම දෑස් නොසන්සුන් ලෙසින් පූල් එක දිහාට එල්ල වෙලා. මින්හෝ ලෑල්ල උඩ දණහිස තියලා පූල් එකට එබිලා බලුවා. තමන් springboard එකට නගින්න සුලු මොහොතකට පෙරත් jjong සහ ඔනිව් මැදින් වාඩි වෙලා සුදුමැලි මූණෙන් ඒත් තමන් දිහා බලලා අපූරුවට හිනාවුන ටේමින්ගේ සුදු ෂර්ට් එක වතුර අතරින් පේන්න ගද්දි ඒ ඡායාව බොඳ වෙන්න ගත්තේ මින්හෝගේ දෑස් මත එකතු වුන කඳුලු පටලයට.

එහෙම්ම ලෑල්ල මත හිටගත්ත මින්හෝ තමන්ගේ අත් දෙක උඩට කරලා පූල් එකට පිම්මක් පැන්නේ

" taeminnaaaaaaaahhhhhhh...."

 jjongගේ කටහඬ මහ සද්දෙට ශාලාව පුරා විහිදෙනවත් එක්කමයි.

" minnie" 

මින්හෝ මිමිනුවේ එපමණයි. මින්හෝ ඒ ඓතිහාසික පිම්ම පැන්නා. ඒ දිහා කිසිම කෙනෙක් බලන් හිටියේ නෑ. හැමෝගෙම ඇස් යොමු වෙලා තිබුනේ පූල් එකේ නිල් පාට වතුර ටිකෙන් ටික රතු පාටින් හැඩ ගැනෙවන දිහාවට. ඒ වෙද්දිත් පූල් එකේ මින්හෝගේ පිම්ම බලාපොරොත්තුවෙන් ඉඳපු කිමිදුම්කරුවෝ ටේමින් දිහාට පීනමිනුයි හිටියේ.

"ජබොග්!" 

දෙවනි වතාවටත් ශාලාවේ රැස් වෙලා ඉඳපු සෙනග ගැස්සිලා ගියා. ඒ මින්හෝගේ වාර්තාගත පිම්ම.

..........................................................................................................................

-Lee JinYa-

2022-07-30

Blue eyesWhere stories live. Discover now