6

50 9 22
                                    

ජන්කුක්ගේ ගෙදර හිටිය සෝහා ඇස්වල කදුලු ඔහේ ගලන් යන්න ඉඩ දීලා එලියට  දීවේ නම්ජූන්ට කෝල් කරන ගමන්මයි...

පාරේ ටික දුරක් යද්දි හම්බුන නම්ජූන්ගේ බයික් එකේ නැගලා සෝහා ගෙදර ගියේ කාර් එකේ ඩ්‍රයිවර්ට ජන්ග්මිව ගෙදරට ගිහින් දාන්න කියලා..

සෝහා නම්ජූන් එක්ක ගියේ එයාගේ පරන ගෙදරට..
එයයි අප්පයි එකට හිටපු ගෙදරට..
පොඩි කාලේ අප්ප එක්ක ගත කරපු කාලෙ  මතක එකින් එක මතක් වෙද්දි තමන්ව බදාගෙන අඩන සෝහා දිහා පැති කණ්ණාඩියෙන් බලන ගමන් නම්ජූන් පුලුවන් තරම් වේගයෙන් බයික් එක පැද්දා..

සෝහාට ඕන වුනේ පුලුවන් තරම් ඉක්මනට අප්පා ගාවට යන්න ..
තව මොහොතක්වත් එයාගෙන් ඈත් වෙන්න සෝහාට ඕන වුනේ නෑ...

ගෙදර ගාවට ආව නම්ජූන් සෝහාට කතා කරද්දියි සෝහා හරි සිහියට ආවේ..

" කුමවෝ ජූන් "

නම්ජූන්ට ස්තුති කරන ගමන් ගෙදර දොර ගාවට අඩියට දෙකට ගිය සෝහා දොරට තට්ටු කරන්න හදද්දි එයා තත්පරයකට නැවතුනා..

' අප්පා මාත් එක්ක තරහද...? සෝහා මෙච්චර වෙලා අප්පව බලන්න තිබ්බ හදිස්සිය කෝ... වැරදියි කියලා හිතෙනවා නම් සමාව ඉල්ලන්න තවත් පරක්කු නොවී... '

හිතත් එක්ක පෙරලි කරන ගමන් හිටිය සෝහා දොරෙන් අඩියෙන් අඩිය පිටිපස්සට ආවේ නොදැනුවත්මයි...

සෝහා නැවතුනේ නම්ජූන් එයාගේ අත අල්ලගනිද්දි...
සෝහා දිහා එක එල්ලේ බලන් හිටපු නම්ජූන්ගේ ඇස් කීවේ ඔයාට මේක පුලුවන් සෝහා කියලයි...

සෝහාගේ ඇගිලි අතේ පටලවගත්ත නම්ජූන් ඉස්සරහට ගිහින් දොරට තට්ටු කරා..

" කවුද..? "

" ජෙඔන්ශි.."

" අප්පා.."

" සෝහා "

සෝහා දැකපු ජෙඔන්ගේ ඇස් දිලිසුනේ කදුලු වලට කියලා නම්ජූන් වගේම සෝහත් දැක්කා..

සෝහා ලගට යන්න හැදුවත් ජෙඔන්ට මතක් වුනේ සෝහා ගෙදරින් යන්න කලින් දවසේ කීව දේවල්...
ඒ වචන ඔලුව ඇතුලේ ආයේ ආයේ ආයේ අහෙද්දි සෝහා ලගට යන එක හරිද කියලා ජෙඔන්ට විනාඩියකට සැක හිතුනා...

You've reached the end of published parts.

⏰ Last updated: Jun 29, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

Alone? ( KNJ )Where stories live. Discover now