🧍මිස්... දැනටමත් පරක්කු වෙලා..

🚶‍♀️අපොයි.. ටග්ගාලා යමු එහෙනම්....

Driver අංකල් drive කළා නෙවේ පියඹා ගියා වගේ 😂. මටත් ඉතින් කට පියන් ඉන්න බෑ නේ.. යනගමන් මම ඒ මනුස්සයගෙන් ඇහුවා ඊයේ tv එකේ දැක්ක එක.

🧍ඔව්. ඇත්තටම මේක අපි රහසක් විදියට තියන් ඉන්න හැදුවේ... මමයි ඔයාගේ තාත්තයි හොද යාලුවෝ...

🚶‍♀️මොකක්?

🧍ඔව්. ඔයා ඒක දැනගත්තම.. තාත්තගේ යාලුවෙක් නිසා බරක් පතලක් නැතුව එහෙදි වගේම ඉදී කියලා තමයි අපි නොකිය හිටියේ..

යකඩෝ.. මාස්ටර් ප්ලැන් නේ ගහන්නේ මේ කට්ටිය... 🙄
කොහොමහරි ඊටපස්සේ ඉදලා මම එයාට uncle lee කියලා කතා කළා. ඩැඩීගෙ යටතේ ඉන්න කෙනෙක් වුනාට.. එයාලා යාලුවෝලුනේ... 🙄

එදා මම campus එකට යද්දී පරක්කු වෙලා. අම්මෝ වෙලාවට මෙහෙ රැග් මගුල් නෑ... අපි එහෙදි අපේ බලේ නිසා අනිත් උන්ව රැග් කලාට.. මෙහෙ එව්වා බෑ නේ 🥱

මම ලෙක්ච හෝල් එක හොයාගෙන ඒකට ගියා. ලෙක්ච එක ඉවර වුණ ගමන් ම.. කවුද කෙල්ලෙක් ඇවිත් අලුතෙන් ආපු ෆොරින් අපි ඔක්කොමල්ලම එක්කගෙන ගියා documents වගයක් sign කරලා.. Campus එකේ අපිට අදාල තැන් පෙන්නන්න. එදා දවසම සූ ගාලා වැඩ . හුස්මක් ගන්න වෙලාවක්‌ හම්බුනේ නෑ..
හවස.. Special event එකක් තිබ්බා. Sensor dancer කෙනෙක් ඇවිල්ලා.. අපිට practical dancing session එකක් තිබුනා.

කට්ටියම ආතල් ඒකේ බිම වාඩි වෙලා තමන්ගේ turn එක ආවම ගිහිල්ලා dance කළා. ඒ අතරේ තමයි senior ආවේ.

ඒත් 🥲🥲 ඒ කෙනා දැක්කම තමා මට උන් හිටිතැන් අමතක වුණේ. හද්දෙයියනේ මේ අර flight එකේ හිටිය මකබාස්..🥲

ඒ මනුස්සයත් මාව දැක්කා. කට කොනින් චාටර්ම චාටර් හිනාවක් දාලා මේ මිනිහා කට්ටිය මැද්දට ගිහිල්ලා බකපණ්ඩිතයා වගේ කියවනවා.

කොහොමහරි ඔන්න මගේ turn එක ආවා එයා එක්ක dance එකක් කරන්න 🥲

මමත් ඉතින් වැඩ්ඩා වගේ ගිහිල්ලා වට දෙකක් කැරකිලා නටද්දී... හම්මට සිරි.. මාව මගේ වටේම බ්‍රමණය වෙන ගමන්... අර කොල්ලා වටේ පරිබ්‍රමණය වෙන්න ගත්තා...
🥲 එතනින් පස්සේ ටික මට මතක නෑ 🥲

.______________

මං අවදි වුණේ මගෙ ගෙදර මගේ කාමරේ මගේ ඇද උඩ නෙවෙයි කියලා නම් මට ශුවර්. අහළ පහළින් සිලිම් බිලිම් සද්ද ඇහෙන්න ගත්තා. පිහි , කතුරු වගේ ඒවගෙ. යකඩෝ.. මුන් අවයස ජාවාරම් කාරයොද දන්නෙත් නෑ. ඕවා හිත හිත මං ඇස් දෙක පියාගෙනම හිටියා.
ඇයි හද්දෙයියනේ මොක්කුද ද නෑනෙ වටපිටාවෙ ඉන්නෙ.

සද්ද ටික අඩු වුන්නට පස්සෙ මම ශේප් එකේ ඇහැක් ඇරලා බැලුවා.
අහ්හ්.. Nursing room එක ද කොහෙද මේ.....

මං පොඩ්ඩක් වටපිටාව බලද්දී දැක්කේ අර මකබාස් බෑග් එකකුත් උස්සගෙන මගේ පැත්තට එනවා. 🙄

🚶 ඔහ්... අවදි වුණා ද...(කොරියන් වලින් )

🚶‍♀️ මොකක්? කියන එකක් තේරෙන භාෂාවකින් කියනවකෝ 🙄මෙතන funeral එකක් කරන්න කලින්.... 🙄

🚶 මට සිංහල තේරෙනවා මිස්. රියා...

🚶‍♀️ හෑ... මොකක්.. 😱😱

හැබෑටම මේ මිනිහා.. ආ නෑ.. කොල්ලෙක්නේ.. මේ කොල්ලා කවුද? මොන ලෝකේක මනුස්සයෙක් ද මන්දා...

🚶 ඔව්. මං ඔයාවත් හොදට දන්නවා... ඒක නෙවෙයි. මොකද faint වුණේ?

🚶‍♀️ ආ.. අනේ මන්දා... 🙄

🚶 අනේ මන්දා කියන්නේ.. කෑවේ නැද්ද?

🚶‍♀️ මං කෑවේ නැද්ද? අම්මටසිරි... 😶
හරිනේ. ඔව්නේ...
උදේ ඩැඩී කෝල් කළාම නැගිට්ටා.. ඊට පස්සේ නෑවා.. හම්මට කොන්ඩේ වේලගත්තේත් නෑ 😂🥲
ඊට පස්සේ ආවනේ.. කන්න අමතක වුණා නේ.. 🙄

🚶 ආ... හරිනේ ඉතින්.

🚶‍♀️ හැබැයි මං දවල් fruit juice එකක් බිව්වා.

🚶 ඒක ඇතිද දෙයියනේ මනුස්සයෙක්ට දවසකට...

🚶‍♀️ ඒක තමා.. මං සාමාන්යෙන් දවසට කී පාරක් නම් කනවද.. හයියෝ.....
ආ... ඒක නෙවේ... ඔයා කවුද?

🚶ආ.. මම...

_________________________😂😂😂 කවුද?

Ups! Gambar ini tidak mengikuti Pedoman Konten kami. Untuk melanjutkan publikasi, hapuslah gambar ini atau unggah gambar lain.

_________________________
😂😂😂 කවුද?

Arrogant You Tempat cerita menjadi hidup. Temukan sekarang