02. හන් හ්යේයොන් / ජේහෝප්

85 25 37
                                    

දහවල ඉර අව්ව වැදිලා සෝල් රෝහලේ නාම පුවරුව දිදුලනවා. ඊට යටින් රෝහල තුලට ඇතුලු වුන කඩවසම් තරුණයෙක් ශාරීරික පරීක්ෂාවට අංකයක් අරගෙන ගිහින් පුටු පෙළක ඉඳගත්තෙ තමන්ගෙ වාරය එනකන්.

මොහොතකින් ශාරීරික පරික්ෂා සිදු කරන කුටියෙහි සිටි හෙදිය පිටතට ඇවිදින් එයාව ඊ.සී.ජී. එකක් වෙනුවෙන් ඇතුලට එක්කන් ගියා.

හරි හරි මේ ජීමින් ගැන කියන්නෙ.

ඊ.සී.ජී පරීක්ෂණය ඉවර වෙලා ඇඳෙන් නැගිටපු ජීමින්ට තමන්ගෙ ෆෝන් එක වයිබ්‍රේට් වෙනවා ඇහුනා. එයාට තවම ඊළග පරීක්ශනයට යන්න චිට් එකක් හම්බුනේ නැහැ. ඉතින් එයා ෆෝන් එක අතට අරන් මේ වෙලාවෙ තමන්ට කෝල් කරන්නෙ කව්ද කියලා පරීක්ෂා කරලා බැලුවා.

හ්ම්ම්?

ජීමින් කෝල් එකට පිළිතුරු දුන්නා.

එයාට එතකොටම ඇහුනේ අනිත් අන්තයේ හිටපු කෙනෙක් මහ හඩින් තමන්ට බෙරිහන් දෙන විදිය. "ජීමින්! තමුන් කොහෙද ඉන්නෙ? අද හවස ඔයාගෙ ස්ටයිලින් වලට මම ඔයාව අරන් යනවා කියලා මම කීවෙ නැද්ද? කොහෙද ඉන්නෙ, ඉන්න තැනකින් වහාම එනවා!"

කෑගහන කෙනා කෑගහලා ඉවර වෙනකන් ෆෝන් එක කනෙන් සෙන්ටිමීටර් දහයක් විතර ඈතින් තියලා අල්ලන් හිටපු ජීමින් අරයා කතාව ඉවර කරපු ගමන් ෆෝන් එක ආපහු කනෙන් තියාගෙන හිනහා වුනා.

"හ්යුන්ග්, මම හොස්පිටල් එකේ ඉන්නෙ. කරදරයක් නැත්තන් ඇවිත් මාව හොස්පිටල් එකෙන් අරගන්න පුළුවන් ද?"

එහා අන්තයෙ හිටි කෙනා ජීමින්ගෙ ප්‍රකාශය අහලා මොහොතකට නිහඬ වුනා. හැබැයි ඒ තත්පර දෙක තුනකින් ආපහු වතාවක් ජීමින්ට බෙරිහන් දෙන්න පටන් ගන්නකන් විතරයි. "හොස්පිටල් එකේ? හොස්පිටල් එකේ මොනවද කරන්නෙ? ජීමින්! කායි හින්දා ආයෙත් වතාවක් මොනවා හරි කරගත්ත ද තමුන්? ඔහේ මෝඩ වැඩක් එහෙම කරගෙනනම් ආය මගෙ මූනවත් බලන්න එපා!"

"වුන දෙයක් කියන්න කලින් ඔයා හිතින් මවාගෙන ඉවරනෙ."

"ඔහොමම ඉන්නවා! මම තව චුට්ටෙන් ඔතන. මෝඩ වැඩක් එහෙම කරගෙනනම් මම ඔහෙව ඉහේ ඉඳන් පතුරු ගහනවා!"

Du hast das Ende der veröffentlichten Teile erreicht.

⏰ Letzte Aktualisierung: Jun 10, 2022 ⏰

Füge diese Geschichte zu deiner Bibliothek hinzu, um über neue Kapitel informiert zu werden!

The Little MushroomWo Geschichten leben. Entdecke jetzt