Chapter 01

801 93 11
                                    

ඒ 2009 අවුරුද්දේ ජනවාරි මාසය.. හැම අවුරුද්දක්ම වගේම මේ අවුරුද්දත් හාහා පුරා කියල ආරම්භ වුනත් මේ අවුරුද්ද නම් පටන් ගත්තේ මගෙ අලුත් ඉස්කෝලෙන් ආව ලියුමත් එක්ක..

"සිනෙල්යා.. ඔයාව girl's school එකට තෝරගෙන.."

මල්ලිත් එක්ක සෙල්ලම් කර කර හිටපු මං ළඟට අම්මා ආවේ ලියුමකුත් අරගෙන.. පහේ ශිෂ්‍යත්වෙ ඉහළින්ම පාස් වෙලා මට අම්මට වගේම මගෙ තාත්තටත් ලොකු ආඩම්බරයක් ගෙනත් දෙන්න පුළුවන් වුනා.. ඒ දෙන්නා ඒ ගැන සතුටින් කතා කරද්දි මගෙ හිතටත් ලොකු සතුටක් දැනුනා.. ඒත් ඒක සාමාන්‍යයි.. නෑ ඒක සාමාන්‍ය නෑ.. ඒ කාලේ තිබ්බ අමාරුම ශිෂ්‍යත්ව පේපර් එක ලිව්වේ අපි.. ඉතිං ඒ පේපර් එක ලියල පහේ පුංචි හපනෙක් වුන මං ලොකු ලකුණක් එක්ක පාස් වුන එක ඇත්තටම ලොකු දෙයක්..

අලුත් ඉස්කෝලෙන් මාව බාර ගන්න කැමති කියල ආව ලියුම දැක්කාම අම්මා ගොඩක් සතුටු වුනා.. මමත් අම්මව බදාගෙන ඉවර වෙලා, මල්ලිගෙ අත් දෙකත් අල්ලන් උඩ පැන්නෙ හිතේ ඇති වුන සතුටට..

"මං අලුත් ඉස්කෝලෙට යනවා.. මං girl's school යනවා... මං අලුත් ඉස්කෝලෙට යනවා.. මං girl's school යනවා.."

මං උඩ පැන පැන කෑ ගගහ ගේ වටේ දිව්වෙ ලියුමත් අතින් අරගෙනමයි.. මේ වෙලාවෙ තාත්තා ගෙදර හිටියෙ නැති නිසා හති දදාම මං දිව්වෙ ගෙදර ලෑන්ඩ් ෆෝන් එක ළඟට..  අංක ටිකක් ගහපු මම බලාගෙන හිටියෙ තාත්තා ෆෝන් එකට ආන්සර් කරනකම්..

"හොලෝ.."

"තාත්තා.."

"ලොක්කි..!!"

"තාත්තා මං girl's school යනවා.. හුරේ.."

මං ෆොන් එකත් කනේ තියාගෙනම කෑ ගැහුවෙ අතේ තිබ්බ ලියුමත් පපුවට තුරුල් කර ගන්න ගමන්..

"ෂා.. මගේ කෙල්ල හොඳම ඉස්කෝලෙට තේරිලා නේද??"

"ඔව් තාත්තා.. මට සතුටුයි.."

"⁣මගෙ කෙල්ලට මොනවද ඕනි??"

"මට අලුත් ස්කූල් බෑග් එකක් ඕනි.. අලුත් සපත්තු දෙකකුත් ඕනී.. අලුත පෙන්සිල්-"

"හරි හරි.. අපි ඔය ඔක්කොම ගම්මුකො.. මං අද කලින් ගෙදර එනවා.. රෑ කෑමත් අරගෙනම.. අම්මට කියන්න රෑට කෑම හදන්න දඟලන්න එපා කියලා.. එයා ප්‍රෙග්නට්නේ.."

ඔව් මගෙ අම්මා ප්‍රෙග්නට්.. අපේ ඊළග අමුත්තා පුංචි නංගියෙක්.. තාත්තා කෝල් එක කට් කලාට පස්සේ ඉදන් මං හිටියෙ තාත්තා ගෙදර එනකම්.. දවසෙ ඉතුරු ටික සිංදු කිය කිය කාටුන් බල බල සතුටින් ගත කලා.. 

තව සති දෙකකින් මං අලුත් ඉස්කෝලෙට යනවා.. ඒ සති දෙකෙන් පස්සේ මගෙ ජීවිතේ කොයි විදිහට ගෙවෙයි ද කියන්න මං තාම දන්නෑ.. ඒත් මං ප්‍රාර්ථනා කරනවා මගෙ අලුත් පාසල් ජීවිතේ ගොඩක් හොඳ විදිහට ගෙවිලා යන්න කියලා..

~~

ඔන්න I'M SORRY කතාවෙ පලවෙනි චැප්ටර් එක ගෙනාවා..

සිනෙල්යා ගෙ අලුත් පාසල් ජීවිතේ කොයි වගේ වෙයි ද කියල අපි දොවනි චැප්ටර් එකෙන් බලමු..

ඒකත් ඉක්මනට අරන්න එන්න උත්සාහ කරන්නම්..
එතකම් ඉන්න I'M SORRY කතාවත් එක්කම..

- Bright Guki -
06062022

I'M SORRY | GL ✔Where stories live. Discover now