"නැහැ ජිමින්ශී...මට මෙහෙ තිබ්බ වැඩයි, ස්ට්‍රෙස් එකයි එක්ක ඒ දේවල් එහෙම්මම අමතක වෙලා...චූටි කාලෙම එහෙම වුන නිසා මට පොඩි මතකයක්වත් නැහැ...එතකොට දැන් ඔයා ඇයි මගෙන් මගේ ඉස්සර විස්තර අහ්න්නේ"

ජිමින් දැක්කා ටේගේ එහා පැත්තේ තිබ්බ පැන්සල.. ජිමින්ට ඒ පැන්සල අදුන ගන්න පුලුවන් වුනා. මොකද එයානෙහ් ඒක දුන්නේ ටේට...ජිමින් නැගිටලා ගිහින් ඒක අතට අරන් ටේට පෙන්නුවා.

"ඔයාට මේක ගැනවත් මතක නැද්ද ටේ ටේ..ඔයාට මතක නැද්ද ඔයා ඉස්සර හැමතිස්සෙම කෑගගහා කියන නම...තාර පැටියා කියන නම කිව්වම ඔයාට ගහන්න පස්සෙන දුවන් එන ඔයාගේ ඒ චූටි යාලුවව ඔයාට මතක නැද්ද?"

ජිමින්ගේ ඇස්වලට කදුලු පිරුනා.

"ඔයාට මතක නැද්ද ටේ ටේ. ඒ තාරා පැටියා ගැන මුකුත්ම ඔයාට මතක නැද්ද? ඔයා තාර පැටියා කිව්වම ආපිට ඔයාට කොටි පැටියා කියන ඔයාගේ ඒ යාලුවව මතක නැද්ද?"

ජිමින්ගේ ඇස් අග තිබ්බ කදුලු කැට දෙකක් කම්මුල් දිගේ ගලා ගෙන ගියා.

එතකොට ටේ... එයාට ඒ දේවල් ටිකෙන් ටික ඔලුවේ මැවිලා පේන්න ගත්තා. එයයි තව පොඩි කොල්ලෙකුයි දුව දුව සෙල්ලම් කරන ඒවා.

කදුලුත් එක්කම ජිමින් ආයෙමත් කතා කරන්න පටන් ගත්තා.

"ඔයාට මතක නැද්ද ටේ ටේ..ඔයත් එක්ක එකට මොන්ටිසෝරියේ එකම ඩෙස් එකේ ඉද ගත්ත මේ පැන්සලේ අයිතිකාරයව ඔයාට මතක නැද්ද"

ටේ මතක් කලා.. මතක් කරන්න උපරිම උත්සාහ කලා....ටේට ටික ටික මතක් වෙන්න ගත්තා...එයා හැමදාම මොන්ටිසෝරියේ එයාගේ යාලුවගේ එහා පැත්තෙන්ම ඉද ගෙන, එකට පාඩම් වැඩ ටික කරන, එයත් එක්ක සෙල්ලම් කරන, රණ්ඩු කරන එයාගේ චූටි කාලේ හිටපු හොදම යාලුවව මතක් වුනා. ඇත්තම කිව්වොත් ජිමින් මතක් කෙරෙව්වා..

"ඔව් මට මතකයි කොට මහත මෝචි බෝලයක් වගේ හිටපු මගේ පොඩි කාලේ මට හිටපු එකම යාලුවව මට මතකයි...සෝල් ආවයෙන් පස්සේ මට එයාව මග හැරුනා..මෙච්චර කල් එයා මගේ මතකේ රැදිලා හිටියේ නැහැ...ඇයි ඇයි මට මගේ එකම් යාලුවව අමතක වුනේ...මං කොහොමද එහෙම කලේ..එයා....එයා දැන් කොහෙද දන්නේත් නැහැ...එයාව බලන්න ඕනේ මට.....එයා දැන් වෙනස් ඇති..මට එයාව අදුන ගන්න බැරි වෙයි නෙහ්"

𝔹𝔼𝕊𝕋 𝔹𝕌𝔻𝔻𝕀𝔼𝕊 ᵛᵐⁱⁿ🐯🐥 {sɪɴʜᴀʟᴀ} ✓Donde viven las historias. Descúbrelo ahora