තිස් දෙවන කොටස....❤️💚

Start from the beginning
                                    

"යීබො....."

යීබො සිටි කල්පනාවෙන් මිදී ශාන් දෙස බලා...

"ඔබ පැමිණියාද....."

"එසේ යි....ඔබ කුමක් ද ඔය තරම් කල්පනා කර සිටින්නේ...මා එන බවවත් ඔබ දන්නේ නැහැ....."🥺🥺

"මා හට ඔබට යමක් පැවසීමට තිබෙනවා....එය ඉතාමත් වැදගත් දෙයක්...."

"පවසන්න....."

"මියුන් යනු රාජ්‍යයේ දැනට සිටින සත්‍ය උරුමකරුවා....දැන් සිටින රජුගෙන් කෙසේ හෝ කිරුළ ලබා ගත යුතුයි...ඔහු සිතා සිටින්නේ මියුන් ජීවතුන් අතර නැතැයි කියා....නමුත් ඔහු කුඩා කල සිටන මා සමඟයි හැදී වැඩුනේ....යැන්ග් සීව ඔබ විශ්වාස කරන්න එපා....මා හෙට අත්‍යවශ්‍ය ගමනක් ගොස් ඉක්මනින් පැමිණෙනවා...මා එනතුරු ප්‍රවේශමෙන් සිටින්න....ඔබ හට තේරුණා ද..."

යීබො එසේ පවසා ශාන්ව තම දෙපා වල හිදුවා ගත්තා....

"එසේ යි....යැන්ග් සී කුමක් ද සිදු කලේ...."

"ඇය රජුගේ අණට ක්‍රියා කරන්නේ....එනිසා ඔබ ඇයගෙන් ඈත් වී සිටින්න...."

"හොඳයි...."

"එසේ නම් අප ආහාර ගෙන නින්දට යමු...."

"හොඳයි...."

ශාන් යීබොගෙ උරහිසකින් හිස තබා ගෙනම පවසයි.....

උදෑසන............🌄🌄

"මා පිටව යනවා......"

යීබො උදෑසනම අවදි වී ශාන්ගේ නළලෙහි හාදුවක් තවරා පවසයි....

"ඔබ පිටත් වීමටද සූදානම් වන්නේ....මංද ඔබ මා අවදි නොකළේ....."

ශාන් ඇඳෙහි සිටින මුහුණ හකුලුවාගෙන අසයි....

"ඔබ නිදා සිටින අයුරු දුටු විට මා හට ඔබව අවදි කිරීමට සිතුනේ නැහැ....."😌😌

යීබො එසේ පවසන විටම ශාන් එක හුස්මෙන් යීබොගෙ කරෙහි එල්ලී ඔහුව වැළඳ ගත්තේ ඉතාමත් සැනසීමක් යීබො හට ලබා දෙමිනි...🥺🥺

"දැන් ඔබ මාව අතහරින්නකෝ...මා හට ඉක්මනින් යාමට අවශ්‍යයිනේ...."

යීබො එසේ පවසා යාමට සැරසුනත් එය සිතකින් නොවේ...

යීබො කොතරම් දුර ගියද යීබොගෙ හදවත ඇත්තේ ශාන් අසලයි.....

"හොඳයි...ප්‍රවේශමෙන් ගොස් ඉක්මනින් පැමිණෙන්න....මා බලා සිටිනවා...."

General's Partner  (Yizhan Completed)Where stories live. Discover now