18th - Episode

261 34 5
                                    

එක දිඟට කියාගෙන කියාගෙන ගියපු මිශිල් පෙරටත් වඩා මහ හයියෙන් අඬන්න ගත්තේ... ජංගුක් ගේ ඇස් වලින් මොනාදෝ හොයන ගමන්... ඒත් කෙල්ල හොයනදේ ජංගුක් ගාව නැහැ කියලා කෙල්ලට තේරෙන්න ගන්නකොට කෙල්ලට තමන් ගැනම කලකිරැනා... මොනවද මිශිල් හොයන්න ඇත්තේ...? ඔව්... ඒ ඇස් වලින් මිශිල් හෙව්වේ 'ආදරය' ' ඇත්තම ආදරය '
හරියට හැමදේම වෙන්න කලින්.. ඒ ඇස්වල තමන්ගැන තිබුණු ආදරය... අඩුතරමේ අද ඒ ආදරේ නටඹුන්වල අංශුමාත්‍රයක්වත් ජංගුක්ගේ ගාව තිබුනේ නැහැ.. ජංගුක් හිටියේ..හිස් හැඟීමකින් කෙල්ලදිහා බලාගෙන... අඩුමතරමේ ඒ ඇස්වල පසුතැවීමක්වත් තිබුනේ නැහැ..හදවතක් නැති ගල් මිනිහෙක් වගේ ජංගුක් ඔහේ බලං හිටියා...

ඒත් තවත් කෙල්ලටනම් ඒ විදියට බලං ඉන්න පුළුවන් කමක් තිබුනේ නැහැ...කෙල්ල තව මොකුත් කියන්න ඉදිරිපත් නොවීම උගුර හරහා ආපු ඉකියක් යටිතොල හපාගෙන නවත්තගත්තු කෙල්ල බිම බලාගත්තේ... තවත්.. ඒ මූන දිහා බලන්න කෙල්ලට හයියක් නොතිබුන නිසයි... බිඳුණු වීදුරැවක් ආයෙත් යතා තතත්වයට පත් කරන්නේ කොහොමද?.. ඒක ඇත්තටම අමාරැ වැඩකටත් වඩා කරන්න බැරි වැඩක් කියලා කිව්වනම් මං නිවැරදියි... සුනු විසුණු වුනු වීදුරැ කැබලි ආපහු තිබුනු විදියටම ගොඩනගන්න නොහැකිවන්නාසේම...හදවතත්.. එක පාරක් හරි බිදුනොත්... ආයෙත් තිබුණු විදියට හදන්නේ කොහොමද?.. ඒක පහසු වැඩක් නෙමෙයි.. හදවත යතා අතට හැරැනා කියමු.. නමුත්.. ඒ රිදවීම් හේතුකොටගෙන ඇතිවුනු තුවාලය සනීප වේවිද?..ඒක අතිශයෝක්තියක්!..ඔව් අනිවාරෙන්ම.. කෙල්ලට අපහසුවක් දැනුනා..මොකද ආයේ කවදාවත් ඒ බිඳුණු හදවත් යතා තත්වයට නොපැමිනෙන නිසා... ජංගුක්ගේ බර සුසුමක් පිටවන හඬ... කෙල්ලට යාන්තමින් ඇහුනා.. ඒත් ඔලුව උස්සලා කොල්ලා දිහා බලන්න පුළුවන් කමක් කෙල්ලට තිබුණේ නැහැ... මේක වෙන්නැති හැමදේකම අවසානේ...

"ජංගුක්...!"

කාමරේ පැත්තකින් ඇහුන ටේහියුන්ගේ හඬට කොල්ලයි කෙල්ලයි දෙන්නම බැලුවේ බේස්මන්ට් එකේ දොර දිහායි..

"හියුන්..."

"ඇතුලට වරෙන් යුංගි හියුන් උබට කතා කරනවා...."

"මං එන්නම් හියුන්..."

⁣තවත් මොකුත්ම නොකියා ... පිටත් වී යන ජංගුක් දිහා මිශිල් බැලුවේ.. දෑස් වල පොදිකන කඳුළු අතරිනුයි...ඒත් කෙල්ලට හයියක් නැහැ තව මොකුත්ම කියන්න... අඩුම තරමේ කෙල්ලට බැහැ... 'සුභ ගමන් ජංගුක්!' කියලවත් කියන්න.. කලින් කිව්ව වගේ ආදරේ ඉස්සරහ මිනිස්සු කොයි තරම් නම් අසරණද?.. ආදරේ නිසා විඳින තරමටම... ඒ ආදරේ නිසාම මිනිස්සු අනන්තව විඳවනවා... මොනවා කරන්නද...? මේක තමා ඔවුන්ගේ ඉරණම ...

vιŁŁꭿι𝓷 ŁỖv𝔼R || ✔Where stories live. Discover now