"අධිරාජිනියණි.. කරුණාකර අප හට සවන් දෙනු මැනවි.. කිමද ඔබතුමන් මෙලෙස හැසිරෙන්නෙ.. කරුණාකර සිහි එලඹවා ගනු මැනවි අධිරාජිනියණි.." අ'ඩින්ග් හඬමින් පැවසුවාත් ඇය දෙස බැල්මක්වත් නොහෙලූ වෙයි වුශියැන් නැවතත් නැගිට අධිරජුගේ මැදුර දෙසට දිවයන්නට වුණා..

අධිරාජිනිය තමන් කිසිවෙක් හටත් ඇහුම්කන් නොදෙන බව ⁣ඒ වනවිට තේරුම්ගෙන සිටි බායි ලූ වෙන් නින්ග් හා අ'ඩින්ග් හටත් ඔහු පසු පස යනවා හැරෙන්නට වෙනත් විසඳුමක් වූයේ නැහැ..

අධිරජුගේ මැදුර දෙසට දිව ගිය වෙයි වුශියැන් දුටුවේ මැදුරෙන් පිටතට පැමිණෙන ෂූ යැන්ග්වයි..

"ෂූ යැන්ග්.."

"අධිරාජිනියණි.."

"කොහිද.. කොහිද එතුමා.."

"අධිරාජිනියණි.. එතුමා.. එතුමා.." වෙයි වුශියැන් හට ලබා දිය යුතු පිළිතුරක් සිතාගත නොහැකිව ෂූ යැන්ග් අසරණ වූවා..

"ෂූ යැන්ග් වහා මා හට පවසනු.. කොහිද එතුමා.." ⁣අධිරාජිනිය විමසුවේ ෂූ යැන්ග්ගේ සලුවෙන් ඇද අල්ලා ගනිමින්..

"එතුමා ප්‍රධාන මාළිගය වෙත පිට....... අධිරාජිනියණි..." ෂූ යැන්ග් පවසා අවසන් කිරීමටත් පෙර වෙයි වුශියැන් ප්‍රධාන මාළිගය දෙසට දිව යන්නට වුනේ ෂූ යැන්ග් හඬ නගා ඔහුව අමතද්දී..

මේ අතරතුරේ ප්‍රධාන මාළිගය වෙත පැමිණි ලාන් වන්ග්ජි තමාට පිටුපා ඉදිරියෙන් සිටගෙන සිටින ලී චින් ව දැක සිටි තැනම නතර වුණා..

"ලී චින්.." අධිරජුන්ගෙ හඬ ඇසුන සැනින් පසු පස හැරී බැලු ඇගේ මුහුණට නැගුනේ සිනහවක්..

" අධිරජුන්ගෙ හඬ ඇසුන සැනින් පසු පස හැරී බැලු ඇගේ මුහුණට නැගුනේ සිනහවක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Male Empress (Wangxian)✔️Where stories live. Discover now