65📖️

2.1K 444 76
                                    

අධිරජුගේ මැදුර..

"බිය වීමට කරුණක් නැහැ අධිරජුනි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"බිය වීමට කරුණක් නැහැ අධිරජුනි.. එතුමා සුවෙන් සිටිනවා.. තුවාල වල වේදනාව සහ දැඩි කම්පනය හේතුවෙන් එතුමා සිහිසුන්ව තිබෙන්නෙ.. මා එතුමාගේ තුවාල වලට ඹෟෂධ ගැල්වූවා.. සිහිය එලඹි විට මේ ඔසුපැන් පානය සඳහා ලබා දී එතුමාට විවේක ගැනීමට ඉඩ සලසන්න.." රාජකීය වෙදැදුරු පැවසුවේ අධිරජු ඉදිරියේ හිස නමමින්..

"හ්ම්.. ඔබට පිටව යා හැකියි.. එලෙසම තුවාල ලැබූ සෙබලුන්ට නිසි අයුරින් ප්‍රතිකාර සැලසීමට වගබලාගන්න.." ලාන් වන්ග්ජි වෙයි වුශියැන් ගේ සයනය මතින් වාඩි වෙන අතරතුරේ පවසන්නට වුණා..

"එසේයි අධිරජුනි.. ඔබතුමන්ගේ අණ පරිදි සියල්ලක්ම සිදු කරන්නම්.." යැයි පැවසූ රාජකීය වෙදැදුරු අධිරජු හට ආචාර කර එතුමාගේ නිදන කුටියෙන් පිටතට ඇවිද ගියා..

" යැයි පැවසූ රාජකීය වෙදැදුරු අධිරජු හට ආචාර කර එතුමාගේ නිදන කුටියෙන් පිටතට ඇවිද ගියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"වෙයි යින්ග්.. මා හට කමා කරන්න.. මා පැමිණීමට ප්‍රමාද නොවුනා නම් ඔබට මේ අයුරින් වේදනා විඳීමට සිදුවන්නෙ නැහැ.." වෙයි වුශියැන් ගේ අතක් තම දෝතින්ම අල්ලාගත් ලාන් වන්ග්ජි මුමුණන්නට වූයේ සිත් වේදනාවෙන් යුතුව..

"මෑ..මෑණියනි මා හැරයන්නට එපා.. මෑණියනි.." ඒත් සමඟම දෑස් පියාගෙන සිටි වෙයි වුශියැන් තම හිස දෙපසට සොලවමින් සයනය මත දඟලන්නට වූයේ වන්ග්ජි ඉක්මනින් තම පූර්ණ අවධානය ඔහු වෙත යොමු කරද්දී..

Male Empress (Wangxian)✔️Where stories live. Discover now