End of pov...

එහෙම හිතාගෙන කොල්ලා ඇදහැලෙන කඳුළු අස්සේම දත්මිටි කාගෙන ඉස්සරහට අඩි තියද්දී ඒ තරම්ම කඳුළු පුරෝගෙන කොල්ලා දිහා බලාගෙන උන්නු කෙල්ලත්.. කොල්ලා ඉස්සරහට තියන අඩියක් පාසාම අඩියක් පිටිපස්සට තිබ්බේ.. එ් ඇස්වල තියෙන හැඟීම තේරැම්ගන්න බැරැවයි... සමහරවිට කෙල්ල බය වෙලා ඇති... ජංගුක්ට එයා කරපු බොරැව කොල්ලට අහුවුනු එක ගැන...එහෙම නැත්තං කෙල්ල බය වෙන්න ඇති බොරැවට ජංගුක්ට ආදරේ කරපු ගැන... ජංගුක්ගේ ඇස්.. ඒවා කඳුළු අතරින් කෝපයෙන් දිලිසෙනවා... කෙල්ල කවදාවත්.. ජංගුක් මේ තරම් තරහින් ඉන්නවා දැකලා නැහැ ...මොකද කවදාවත් ජංගුක් කෙල්ල ඉස්සරහ මේ විදියට හැසිරිලා නැති නිසා... එහෙව් කොල්ලට මේ තරම් ගින්දරක් දීපු එක ගැන කෙල්ල පසුතැවෙන්න ඕනි නැද්ද...?

"ආහ්...!"

අඩියෙන් අඩිය පිටිපස්සට තිබ්බ කෙල්ල ⁣එකපාර ගිහින්.. අල්මාරිය අතරට හිරවෙනකොට...  අතේ තිබුණු  phone එකත් කෙල්ලගේ අතින්.. බිමට  වැටුණා ...

"හෙලෝ ඇහෙනවද??"

"ඇහෙනවා නේද?"

බිමට වැටිලා ලවුඩ් ස්පීකර් ඔන් වෙලා සද්දෙන්.. නාඳුනන කටහඬක් phone එකෙන් ඇ⁣හෙනකොට... ජංගුක්ගෙත් ,මිශිල්ගෙත් දෑස් යොමු වුනේ phone එක  දිහාවටයි...
බිමට නැමිලා... phone එක අහුල ගත්තු ගත්තු කොල්ලා ලවුඩ් ස්පීකර් ඕෆ් කරලා phone එක කනෙන් තියාගත්තා..

"අද එහෙනම් අනිවාරෙන් එන්න.. ඇලෙක්ස් ප්ලෑන් එකක් ගහලා තියෙන්නේ ජේකේව ඉවරයක් කරන්න.. ඔයා මාර්ගෙන් තමා මෑන් ඕක කරන්න හිතන් ඉන්නේ..."

කොල්ලා අහිංසකව තමන්ටම හිනාවුනා... තමන් වැඩියෙන්ම ආදරේ කරන කෙනා තමන්ව මරන්නත් සැලසුම් කරනකොට..  කොල්ලා කරලා තියෙන්නේ.. අඳ,ගොළු ,බීරෙක් වගේ කිසි දෙයක් නොදැන කෙල්ල දිහා බලන් හිටපු එක.... කෙල්ලට ආදරේ කරපු එක.. මේකද එතකොට මිශිල්කුක් ආදර අන්දරයේ අවසානය? පෙර භවයක ඔවුන් විසින්ම ලියා අවසන් කල ඔවුන්ගේම ඉරණම ඒකද එතකොට...? තමන්ටම හිනා වෙනවා ඇරෙන්ට කොල්ලට වෙන කරන්න දෙයක් නැහැ... ආදරේ තුලින්ම යම් සතුටක් ලැබුවාද... ඒ ආදරය තුලින්ම කඳුළක් හිමිවන බව ජංගුක් දැන ගෙන ඉන්න තිබුනා අඩු තරමේ.... දැන් වැඩක් නෑ... ආයෙත් හැරෙන්නම බැරි වෙන තරමේ දිගු දුරක් ගෙවාගෙන ආයෙත් මුලට යන්න කොල්ලට බෑ... බෑ නෙමෙයි කොහෙත්ම බැහැ....ජීවිතේ එකම වරක් හරි..තමන් කරපු වැරැද්දක් හදාගන්න නැවතත් අවස්ථාවක් ලැබෙනවද? කවදාවත්?... ඒක එහෙම වෙනවනම්... මේ ලෝකේ ජීවත් වෙන හෝ නොවන බොහෝ අයගේ ජීවිත කතා... ශෝකාන්තයකින් තොරවුනු සුඛාන්තයකින් අවසන් ජීවිත කතාවක් වන බව නම් පැහැදිලියි... වාසනාවකටද,අවාසනාවකටදෝ මන්දා අපිට මේ ලෝකේ මවපු කෙනා ඒ අවස්ථාව දීලා නැහැ... ඉතින් ජංගුක්ට සිද්ධවෙනවා... අකමැත්තෙන් හෝ ඉදිරියටම යන්නේ... ඈ සමඟින් හෝ තනිවම....

vιŁŁꭿι𝓷 ŁỖv𝔼R || ✔Where stories live. Discover now