15

538 105 111
                                    

The 29th minute

"නෑ ඒත් අනේ... මට බය හිතෙනවනේ..."

"මේ දැනුත්...?"

"නෑ නෑ සමහර වෙලාවට..."

"ඒ මොකෝ චූටි...?"

"නෑ ඉතින්... ම්ම්හ් අනේ මන්දා..."

"ඇයි ඒ............."

ඒඒඒ ගාලා අදිනවා මෙහෙ ඉඳින් ඕසි වලටම.. බූරු පැටියා...! මල කෝලමක් වෙලා ඒ ටිකට...

ඔලුවට තියාගෙන ඉඳපු කොට්ටෙ අරගෙන පපුවට තුරුල් කරන් මං හැරුණා ජනේලෙ පැත්තට... මගේම උණුහුමෙන් ආයෙ මාව වෙලාගත්තට මොකද, ඒ රැවටිල්ලට පුලුවන් හදවත අයිස් ගැහෙන එක නවත්තන්න... හ්ම්ම්ම්... තදටම ඕන වුණ උණුහුමක අඩුව පුරවගන්න මිනිස්සු හිතාමතාම රැවටෙනවා... හරිම කැමැත්තෙන්...

කට්ට කරුවල කාමරේට මං වගේම තනිවුණ කණාමැදිරියෙක් රිංගගෙන.. එකපාරට දෙන්න උත්තරයක් ගැටගහගන්න බැරුව මං බලන් හිටියෙ එයා එළියට යනකල්.. නෑ ඒත් ඕන්නෑ වගේ... ජනේලෙත් ඇරලා තියෙද්දි ඌ මේ කාමරේකට කොටුවෙලා... අපි ඔක්කොම එකයි බලාගෙන ගියාම...!

මිහිදුම් එකපාරට ලොකු හුස්මක් එළියට දානවා ඇහුණා... සමහරවිට මාව ආයෙ මේ ලෝකෙට් ගෙන්නගන්න වෙන්නැති.. එයා දන්නවා පොඩ්ඩක් අතෑරපු ගමන් මං පාවෙන්න ගන්න හැටි...

"නිම්න..."

"ම්ම්ම්...?"

එහෙම රහස් කියද්දි මැවිලා පේනවා මගෙ මූණ ඉස්සරහම බලාගෙන ඉන්න කපටි රජාව... අහිංසක නිවුණු ඇස් දෙක යන්තම් මත් වෙලා... අඩවන් කරන් බලාගෙන ඉන්න හැටි... මට විතරක් පේන අමුතු දඟ හිනාව... ඇස් දිහා බලාගෙන මොන මොනවදෝ කියන හැටි... එතනින් එහාට තව ගොඩක් දේවල්..

මටත් ඉතින් කලින් වුණ ඔක්කෝම අමතකයි... කොට්ටෙට මූණ තදකරගෙන සද්ද නැතුව අහගෙන හිටියා...

කෝල් එක ඇවිල්ලා "මොකද කරන්නෙ මයෙඅම්මා..?" කියලා අහන්න විතරයි ඕන.. ආයෙ වැටෙනවා ඉතින් නෝමල් ට්‍රැක් එකට.. මෙසේජස් සීන් නොකරපුවා, දවස් එකහමාරක් තිස්සෙ මට කෝල් නොකරපුවා, අඩුම එහෙ ලෑන්ඩ් කරාට පස්සෙ වත් මට නොකියපු ඒක.. ඒ මුකුත්ම අදාලම නෑ දැන්.. මටම හිතාගන්න බෑ මං මොනවගේ එකෙක්ද කියලා.. ඊයා හලෝ මං නම් නෙවෙයි අර බීලා කියව කියව ඇඬුවෙ... අර එම් තමා මෙතන වළලන්න හැදුවේ.. මේ ඉන්නෙ මං ෆිට් එලකිරි කොල්ලෙක් වගේ...!

The 29th MinuteWhere stories live. Discover now