05

714 151 59
                                    

The 29th minute

------------------------------------

පුංචි එකෙක් වගේ මං බලාගෙන හිටියේ ඒ නිවුණු ඇස් දිහා...

ඒ හීනි දිග ඇස් හරිම අහිංසකයි... එයාගෙ හීනි දෙතොල් මගෙත් එක්ක ළාවට හිනාවෙද්දි ඇස් දෙක තවත් හීන් වෙලා දිළිසෙනවා... නෑ නෑ... ඒවා කතා කරනවා මගෙත් එක්ක...

ඒ ඇස් වල කිසිම අවිශ්වාසයක් නැහැ... ඒත් මං කරපු දේවල්...? තරහට පළිගන්න ගියාට මට කොතන හරි වරදින්න ඇති... ඔව්... ඒක එහෙම වෙන්නැති...

ම්ම්ම්... හරි නේද දැන්...? නිදාගමුද අපි... හරිම මහන්සී චූටී..."

පව් එයා... දවසෙම මහන්සි වෙලා හරියට නින්දක් වත් නෑ මං නිසා...

---------------------------------------------


දවස් තුන හතරක් ගතවුණේ මීදුම් මන්දිරේ ඉඳපු මිනිස්සු මට ගොඩක් දේවල් උගන්වද්දි...

ඇත්තටම ඉගැන්නුවා නෙවෙයි... මං තනියෙම ගොඩක් උත්සාහ කළා ඒ ඇයි කියලා තේරුම්ගන්න... ඒත් ඒක හරි අමාරුයි... සිද්ධවුණ දේවල් එකකට එකක් ගලපගන්නෙ කොහොමද කියලා මට තේරෙන්නෑ... නැත්නම් ඒවා ගැලපෙන හැටි බලන්න මට ඕන වුණේ නෑ... ඒ නිසා හැම කල්පනාවක්ම කෙළවරෙ වුණේ... "නෑ ඒක වෙන්න බෑ...", "එයාට වැඩ නිසා ස්ට්‍රෙස් ඇති... මං කරදර කරන්න හොඳ නෑ..." මට වැරදිලා වෙන්නැති..." වගේ එක එක් දේවල් හිතට බලෙන්ම ඔබලා,  මහන්සියට ලොකු හුස්මක් පිටකරන ගමන්..

එදා රෑ දැක්කට පස්සෙ, මට විතරක් පෙනුන මිහිදුම්ගෙ අහිංසක ඇස් දෙක ආයෙ එයා ළඟ තිබුණෙ නෑ... එක රැයකින් මොකක් වුණාද කියලා හිතාගන්න බැහැ... හවස වැඩ ඇරිලා එද්දි, කොහේදෝ තිබුණ කාලබලකාර නපුරු දරදඬු බවක් එලවගන්න බැරි තරමටම ඒ කලු පාට ඇස් ඇතුළෙ පැළපදියම් වෙලා තිබුණා...

එයා ගෙදර හිටියේ මාව පේන්නෙම නැති ගානට... කාමරේ, කෑම මේසේ කොහේ වුණත් එයාට මගෙත් එක්ක ගනුදෙනු තිබුණෙ නැතිම තරම්...

ඇයි කියලා නොතේරුණත්, එයා ගෙදර ඉඳපු හැම තත්පරේකම මං ඒ ඇස් දෙක හෙව්වා...  හැංගිලා ගියපු ඒ නිවුණු අහිංසක ඇස්දෙක... ජීවිතේ පළවෙනි වතාවට හැඟීම් වලින් පිරුණු දේකට මං ආසකරාමයි ඒ... ඒතරම් ඉක්මන්ට යන්න දෙන්න පුලුවන්ද ඉතින්...? යන්න බැරිවෙන්න එයාව අල්ලගෙන මට ඒකෙ තේරුම හොයන්න ඕන...

The 29th MinuteWhere stories live. Discover now