03

776 152 29
                                    

The 29th minute

------------------------------------------

එයා පොඩි දරුවෙක්ව නළවන්න වගේ මට කතා කරද්දි, ඇයි මම එයා එක්ක ලාවට හිනාවෙලා සදී දිහා හොරෙන් බැලුවේ...?? එයා හිමීට මගේ ඔලුව අතගාද්දි ඇයි මගෙ ඇස් බොඳවෙන්න ගත්තේ...? මොකක්ද මට ඕන වුණේ...? එයා සදීට වඩා මං ගැන හිතනවා කියන්නද...? එයා තමුසෙට වගේ මට බනින්නෙ නෑ කියන්නද...? ඒත් ඇයි...?? කවදද මට තව කෙනෙක් මං ගැන හිතන්න ඕන වුණේ...? ඒකත් මිහිදුම්ම...? පැය කීපෙකින් මනුස්සයෙක්ගෙ සාමාන්‍ය හැසිරීම මේ තරමටම අපගමනය වෙන්න පුලුවන්ද...?

---------------------------------------------


අහ්හ්... දැන් පැයගානක්... රත්‍රිය උදාවුණා නින්ද ඇයි නොඑන්නේ...???

"හරියන්නෑ මේක.. කොට්ටෙ තියාගන්නෝන ඔලුව උඩින්... හැමෝම කරන විදියට බෑ... නිදි දෙව්දුවට වුණත් ඉඳලා හිටලා හරි පොඩි ස'ප්‍රයිස් එකක් දෙන්නෝන...

ඕන්න මං නිදාගන්න යන්නේ... මූණ ලැජ්ජාවෙන් වහගෙන ඉන්නෙ හරිද මං... ඔයා දූවලා දූවලා ඇවිත් කිස් එකක් දෙන්නකෝ... හරි හරි හග් එකක් උනත් කමක් නෑ... 'සිප' බැරි නම් 'වැළඳ' හරි ගන්නවකො ගෑනියෙ නිදාගන්න ඕන මට...!!"

මොනහ්...! වැඩක් නෑ... අපෙ රැවුල නෑනෙ.. අර මීදුමාට නම් කරන්නෝන ඔක්කොම කරලද කොහෙද.. අර අර කොට්ටෙ කොහෙවත්... ශීට් එක කකුල් දෙක අස්සෙ... දැක්කනේ වගේ වගක් නෑ මැරිලා වගේ නිදාගෙන ඉන්න හැටි...! ඒකෙත් පොඩි ආට් එකක් නැතුවම නෙවේ ඉතින්...

අඩ අඳුරෙ වුණත් සැක නැතුව කියන්න පුළුවන්... ඒ පිළිවලට ලස්සනට නීට් එකට තිබුණ කාමරේටම තිබුණ එකම අපිළිවල දේ සඤ්ඤක "ද" යන්න වගේ ඇද ගහලා වකුටුවෙලා හිටපු මං විතරයි කියලා...

මේ මහ විසාල ගෙදර ඉන්නෙ මේ මෝඩස් නුයි එයාගෙ නංගියි විතරලු.. ආහ් තව ඉන්නවා වැඩට මිනිස්සු දෙන්නෙක්... ගාඩ්න් එක බලාගන්නෙ නුවරින් ආපු මෑන් කෙනෙක්... අර මාව ලස්සනට පිළිගත්තෙ... හැබැයි මිනිහගෙ පොඩ්ඩක් සිහිකල්පනාව මදිලු.. ඊට පස්සෙ ගෙදර වැඩට ඉන්නවා ටිකක් වයසක ගෑනු කෙනෙක්... ම්ම්ම්හ් අවුරුදු හැටක විතර... එයාගෙන් තමයි හිමීට මේ ටිකත් අහගත්තෙ...

The 29th MinuteWhere stories live. Discover now