"ම්ම්...මං ආස සකුරා මලට"

"සකුරා...?? සකුරා මල් මෙහේ අඩුයිනේ.. ඇයි ඒ මලට කැමති...? මෙච්චර මල් තියෙද්දි ?"

"මොකද එ් මල තමා මං දැකපු ශක්තිමත්ම මල.... ඉතින් මං එ් මලට කැමතියි...."

"දැන් මගේ පන්ඩිත ආච්චි කියන්නකෝ බලන්න කොහොමද කියන්නේ.. ඒ මල ශක්තිමත් කියලා..?"

"අර බලන්නකෝ..."


"කෝ... ? කොහෙද...? "



"අර අනේ... අර තියෙන්නේ... සකුරා ගහ... පේන්නැද්ද...?"



"ආහ්.. ! අරකද? ඇයි ඉතින්...?"




"ඒ ගහ දිහා බැලුවම ඔයාට මොනවද හිතෙන්නේ....?"



"ම්ම්... හිම වැටෙන්න ළඟ නිසා... කොල ,මල්.. හැලිලා ගිහින්.. නිකං.. කඳ විතරක් ඉතුරැ වෙලා...."


"අර... අර පේනවද... ඒ ගහේ.. තව මලක් ඉතුරැවෙලා තියෙනවා....?"

"හ්ම්... ඔව් පේනවා...."



"අන්න ඒ මල තමා මං කියන්නේ ශක්තිමත්ම මල කියලා...'එයාගේ දෙමව්පියෝ.. සහෝදරයෝ... යාලුවෝ ... එයා ආදරේ කරන අය හැමෝම එයාව දාලා ගිහින්... පේනවද? ඒ හැමෝම එයාව දාලා ගිහින්... අලුත්... ඉරක් යට ආයෙත් පායන බලාපොරොත්තුවෙන්... ඒත් එයා? එයා.. කොහොමවත් එයාගේ ජීවිතේ ගැන බලාපොරොත්තුව අත්ඇරගෙන ගිහින් නෑ... කවුරැ එයාව දාලා ගියත්... එයා හැමදාමත් ශක්තිමත්ව ඉන්නවා... හැමදාමත්.... ජීවිතේ අන්තිම මොහොත වෙනකම්ම... ඉතින් එයා ශක්තිමත් .... එයා සතුටින්....'

"ඒ තරම්ම ශක්තිමත්ද මගේ මැණික ..."

දෑස පුරා උනපු කඳුළු ඔහේ ගලා යන්ට ඉඩ ඇරපු ටේහියුන් එක දනක් නමලා ඉඳගෙන... අතේ තිබුනු සුදුපාට මල් පොකුර... ළඟ තිබුණු සොහොන මතින් තැබුවා...

කිම් යුනාරා...

උපත -2004.12.30 විපත- 2021.11.05

වැස්ස නිසා.. සොහොනෙහි බැදිලා තිබුනු මීදුම් පටලය අතින් පීදාදමපු කොල්ලා... වෙනදා වගේම ඒ පින්තූරය ආදරෙන් සිපගත්තා ...ටේහියුන්ට නම්.. හේමන්තය ඉවර වෙන්නැති ගානයි...වස්සානයෙන් උණුසුම් වෙලා.. උද⁣යෝගයෙන්.. හිටපු කොල්ලා... එකපාරම ඇවිත් නතර වුනේ.. හේමන්තයක.... ග්‍රීෂ්ම සෘතුවටත් කලින්ම? කොල්ලා හේමන්තයට ඇවිත්...වෙනදටනම් මාස තුනකින් හතරකින් ඉවර වෙන හේමන්තය.. මෙදාපාරනම් කවද ඉවර වෙයිද කියලා කොල්ලා දන්නේ නෑ.. අඩුම කොල්ලට හිතාගන්නවත්... බැහැ ⁣..තනිවම කොල්ලා මේ පාර කොහොමනම් ඒ සීතල උහලා ගනීවිද...?.. ඒක හරියට අදහාගන්න බැරි හීනයක් වගෙයි.. යුනාරා නැති හේමන්තයක්... ටේහියුන් කවදාකවත් පැතුවේ නැහැ... පතන්න හිතන්නෙවත් නැතුව ඇති...ඉතින් කොහොම හුරැවෙන්නද... මේ නුහුරැ හේමන්තයට...? ඒ ජීවිතයට වසන්තය කවදානම් ආයේ ඒවිද...? ඒක තීරණය කරන්න ඕනෙත් ටේහියුන්ම තමයි...තවත් මොහොතක්...නිසොල්මනේ සොහොන් කොතෙහි වැතිරීසිටි ටේහියුන්ගේ ආදරියගේ මුහුණ දෙස බලා සිටි කොල්ලා යන්න ගියේ.. දෙපාරක් තුන්පාරක්ම හැරි හැරි ඒ දෙස බලමින්..

vιŁŁꭿι𝓷 ŁỖv𝔼R || ✔Where stories live. Discover now