සසලවීම

Start from the beginning
                                    

"ජන්ග්කුකී....මොකද මේ?වාඩිවෙයන්කෝ මෙතනින් මුලින්.කෝ හුස්ම ගනින්කෝ ඉස්සෙල්ලම." යුන්ගි හ්‍යුන්ග් ජන්ග්කුකාව වාඩි කරලා පපුව අත ගාන ගමන් කිව්වම කුකා හිමින් හුස්ම ගන්න ගත්තා.

"හ්‍යුන්ග්.........නම්ජූනී හ්‍යුන්ග්....."ජන්ග්කුකා මගේ දිහා බලාගෙන කියද්දි මම කුකා ලගට ලන් වුනා.

"හ්‍යුන්ග් ඉක්මන් කරන්න." ජන්ග්කුක් මගේ අතින් අල්ලගෙන කිව්වම මම බය වුනා.

"ඕ....ශිට් නම්ජූනා......ඉක්මන් කරපන් මිනිහෝ........
කෙල්ලව හොයාගනින්......." හොබා 4n එක දිහා බලන් ඔලුවේ අත ගහගෙන කියද්දි මම නැගිටලා 4n එක උදුරගෙන බැලුවා.

"ශිට්...කාලකන්නි.....මගේ කෙල්ල........"

"හ්‍යුන්ග්....යන්න.ඉක්මනට.....නූනා....නූනාව........පරිස්සම් කරගන්න."ජන්ග්කුකා ඒක කියන එක මට ඇහුණේ හීනෙන් වගේ මම පිස්සෙක් වගේ එලියට දුවගෙන ගියා.

"හොබා උබත් පලයන් අරූ මොනවා කරගනීවිද මන්දා...." යුන්ගි හ්‍යුන්ග් ඈතින් ඉඳලා කෑගහන එක විතරයි ඇහුණේ.

මම පිස්සෙක් වගේ වාහනේට නගින්න යද්දිම...

"ජුනා.....passenger seat එකට නැගපන්.මම ගන්නම් වාහනේ.සන්සුන් වෙයන්.කෙල්ලට මුකුත් වෙන්නේ නෑ .
ටේයි ජිමිනායි දැනටමත් එතනට ගිහින් ඇති.
අනික නාරි වගේම යන්ග්මිත් එතන ඇති.අනික ඔක්කොමලා ඒවි තව ටිකකින් අපි හැමෝම ඉන්නවා ජුනා.උබ තනි නෑ ." හොබා මගේ හිත හදන ගමන් කියද්දි මම ඔලුවත් අල්ලගෙනම seat එක උඩට කඩන් වැටුණා.

මේ වෙද්දිත් ජිමිනායි ටේයි එතන ඉන්න එක මට ලොකු සැනසීමක් වුනා.

අපි පුලුවන් ඉක්මනට හොස්පිටල් එක ළගට ආවා.ඒ එක්කම හේවෝන් එක්ක යශ් හ්‍යුන්ග් දුවගෙන ආවා.

වටේම media වගේම සසෙන්ග්ස්ලා........
මගේ අහින්සකී දෙවියනේ......

"හ්..හ්‍යුන්ග්....මගේ කෙල්ල.....කෝ හ්‍යුන්ග්...." මම වෙවුලා වෙවුලා හ්‍යුන්ග්ගෙන් ඇහුවා.

"සමා වෙයන් ජුනා.මේක ගැන publish වෙද්දිම කෙල්ල එකපාරටම හොස්පිටල් එකෙන් එලියට බැහැලා දිව්වා."යශ් හ්‍යුන්ග් කියද්දි මගේ කකුල් දෙක පණ නැතුව ගියා.හොබා නොහිටින්න මම එතන බිම වැටිලා.

The Gift Of Love (Mr.perfect 2 After Marriage )Where stories live. Discover now