CHAPTER 1

594 148 71
                                    

Jin's Pov

විනාඩි කීපයක් ඇතුළත අවුරුදු අටක් ඈත අතීතයට මගේ හිත දුවලා ගියේ නිරායාසයෙන්මයි. එක අතකට මෙහෙම ලියුමක් ලැබෙන එකේ ඒ හැටි පුදුම වෙන්න දේකුත් නෑ.. මොකද මම පාජුවල ඉ‍ඳලා ආයේමත් සෝල් එනකොට ඒ දරුවට ඕන්නම් මාස එකහමාරක් විතර වයස ඇති.. කොයිතරම් නතර කර ගන්න ඕන උනත් මටත් නොදැනීම මගේ හිත පාජුවල එහේ මෙහේ සැරිසරන්න පටන් අරගෙනයි තිබුණේ

"ඔක් ජා ඇයි මේ අඬන්නේ ආහ්... මන් කිව්වනේ මාව විශ්වාස කරන්න.."

එදා මන් කිව්ව වචනයක් පාසා මගේ කන් ඇතුලේ දෝංකාර දෙනවා වගෙයි මට දැනුනේ.. වළදාලා තිබුණ අප්‍රසන්න අතීතය ටිකෙන් ටික මතුවුණේ මගේ හිත සෑහෙන නොසන්සුන් කරන ගමන්.. කියාගන්න බැරිතරමේ අසරණකමක් දැනෙනකොට පාජුවල ගෙවපු හැම මොහොතක්ම මට මගේ ඇස් ඉස්සරහා මැවි මැවි පෙනෙන්න ගත්තා..

මමත් ඒරත් අවුරුදු අටක් තිස්සේ ගෙව්වේ හරිම සාමකාමි ලස්සන ජීවිතයක්.. නීතිඥවරියක් වුනු ඒරා මන් මගේ ජිවිතේ දැකපු සුන්දරම ගැහැනිය.. මගේ හිතමිත්‍රයෝ ගෙවන පවුල් ජීවිත එක්ක බලනකොට මන් තරම් වාසනාවන්ත මනුස්සයෙක් තව නැති තරම් කියලා හිතෙන අවස්ථා ඕනෑ තරම් තියෙනවා.. ඒ තරමටම ඒරා මාව තේරුම් ගත්තා.. සතුට විතරක් පිරිලා ඉතිරිලා යන තරමට තිබුණ අපේ ගෙදර ඇතුළේ දුකකට කියලා ඉතුරුවෙලා තිබුණේ මන්දිරයක් තරම් විසාල අපේ ගෙදර ඇතුළේ කිරි හිනාවක් ඇහෙන්න නොලැබුණ එක..

පිටින් කොයිතරම් හොඳින් ඉන්නවා කියලා පෙන්නුවත් ඒ දේ ගැන හිතනකොට ඒරා ඕනවටත් වැඩිය විදෙව්වා.. විවාහයෙන් පස්සේ ඕන යුවලගේ බලාපොරොත්තුව වෙන්නේ දරුවෙක්.. ඒත් අවුරුදු අටක් යනකනුත් කිරි සිහිනයක් දකින්න අපි දෙන්නට වාසනාව තිබුණේ නෑ..

ඒත් මීට මාස පහකට විතර කලින් ඒ ප්‍රශ්නෙත් සම්පූර්ණයෙන්ම අපේ හිත්වලින් අයින් වුනේ පුංචි පැටියෙක් අපි දෙන්නගෙම ජීවිත වලට ළංකරන ගමන්.. අපේ අසම්පූර්ණ ජීවිත කිසිම හිඩැසක් නැතුව සම්පූර්ණ වුණා කියලා මට දැනුනා.

ඒත් ඒ සතුට අස්සෙන් මතක් කරන්න කිසිම ඕන කමක් නැති ඒත් හැමවෙලේම හිත අස්සේ හොල්මන් කරන පාජුවල මතක අපි දෙන්නගේ ජීවිතේ දැන් තියෙන සතුට එහෙම් පිටින්ම නැති කරලා දායිද කියන බය හදවත පුරා පැතිරෙන්න ගත්තේ දරුණු විෂක් වගේ..
.
.
.
.
.
.

HINDSIGHT || KSJ || COMPLETEDDove le storie prendono vita. Scoprilo ora