-20-

2.1K 251 24
                                    

ආශාද් 💛💫

#20

( 18+ scenes are included 🤐 You are warned 😬)

   " තාම ඇහැරලද? නිදාගන්න.. වෙලාට තුනටත් ලගයි.. පහට නැගිටින්න ඕන... " අසෙනි කතා කලේ දොර අසල සිට ය. ආශාද් කලුවර කාමරයේ ඇද මත දිගා වී සිටියත් ඇයට ඔහු නාසය උඩට අදින හඩ දොර ලඟට ඇසුනි.

    "ම්ම්.. "

" අයියා කුස්සියෙ.. පොල් ගානවා කිරිබත් එකට... "

   " ම්ම්... මම ආත්මාර්ථකාමීද අක්කි..?"

ආශාද්ගේ ප්‍රශ්නය නිසා අසෙනි මදකට නැවතී කල්පනා කලාය.. කලුවරේම ගොස් සයනය මත හිදගත් ඈ ඔහුගේ හිසකෙස් රොදක් අතගා සිනාසුනාය..

    " ඔයා තමයි ඒක දන්නෙ මැනික.. "

  " අයියා කියන්නෙ.. "

" ඇයි ඒ..."

   " මං ගෙදර වැඩ කරන්න කැමති නැති හින්දා.. "

   " කවුරුත් කැමති නෑ මල්ලි... මමත් කැමති නෑ.. ඒ වුනාට මං මැරි කරල ගිය දවසක ගෙදර වැඩ කරන්න ඕනැ මං... නැත්නම් අක්කි.... මේහ්.. මගෙ පාර්ට්නර්ට බෑනෙ ඒව කරන්න.. "

    " අක්කි? "

" ම්ම්හ්හ්.. අයියට මේක කියන්න එපා... කාටවත් කොටින්ම.. "

    " ඈහ්?"

   " හරි හරි... මං ලෙස්බියන් තමා.. මට ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නෙ... "

  " මොකක්?!"

" හරි හරි කෑගහන්න එපා.. කෝමත් ඔයාට කියන්නමයි හිටියෙ මං.. එදා අර ටවුන් එක්ක යන්න හැදුවෙ ඔයාව... අක්කිට ඔයාව පෙන්නන්න.. "

   " අනේ සිරාද අක්කි? මට හිතාගන්නත් බෑ... "

  " හිමින් කියනවකො... ඔව් සිරා තමා... "

   " කෝ ෆොටෝස් නැද්ද?"

" උදේට පෙන්නන්නම්.. දැන් නිදාගන්නකො.. ම්ම්? "

    " හ්ම්ම්... අයියට මාව පේන්න බැරුව ඇති... ඒත් මට මේම ඉදල පුරුදු නෑ.. කවදාවත් ගෙදර වැඩක් කරල නෑ ලොකුවට.. ගෙදර ඉද්දිනම් මගෙ ඇදවත් අඩුමගානෙ හදල නෑ... පස්සෙ බෝඩිමේ ඉද්දිත් ඔහෙ හිටියා මිසක් ලොකුවට වැඩක් කරේම නෑ.. අයියා එක්ක ඉද්දිත් එහෙමයි... ඉව්වෙත් එයා නැත්නම් බෝඩිමේ අනිත් අයියලා... නැත්නම් කඩෙන් ගෙනාවා ඔක්කොටම අයියා.. "

ආශාද් ( Completed  )Where stories live. Discover now