"ශූ ගගා එන්න අපි යමු..."

මන් ශූ ගගාට එහෙම කියලා ආයෙත් බෝ දිහාට බැල්මක්වත් පා නොකර එහෙන්මම අනික් පැත්ත හැරිලා Ground එක පැත්තට එන්න ආවා...

මගේ ඇඟ ගැහෙනවා...ඇස් වලින් පාලනය කරගන්න බැරුව කදුලු ඔහේ වැටෙනවා..මට හරි අපහසුවක් දැනුනා හරියට මාව ගිනි ගොඩක් උඩ තියලා වගේ.. ඒ හින්දාම මන් මගේ සාක්කුවේ තිබ්බ ෆෝන් එක අරන් ඒකට අවධානේ දුන්නා...

අපි හිටියේ කොරිඩෝවක ඉස්සරහට යන ගමන්...මන් ඇස් කොනෙන් දැක්කා ශූ අයියායි බෝයි එනවා ඊට පිටිපස්සෙන් යැංසිත් එනවා දැක්කා...

' ඔයාව පාලනය කරගන්න ජාන්..එයා දැන් වෙන කෙනෙක්ගේ...එයා ඇත්තටම ආදරේ කරන කෙනා ගාව එයා ඉන්නෙ දැන්...එයාට දැන් ඔයාව හරියට මතකවත් නැතුව ඇති...its ok ජාන්...ඔයා සතුටු වෙන්න එයා අද සතුටින් ඉන්නවානේ තව කෙනෙක් එක්ක හරි සමහර විට එයා ඔයා ගාව ඉදියා නම් එයා අද සතුටින් ඉන්නෙ නැති වෙන්න පුලුවන්..හ්ම්ම්ම්..'

එහෙම හිත හිත ෆෝන් එක දිහා බලන් ගිය මන් පිටිපස්සෙන් කිසි අඩි සද්දයක් ඇහුනේ නැති තැන ආයෙ හැරිලා බැලුවා වුනත් කවුරුත් ඉදියේ නෑ...ශූ අයියාවත් කවුරුත්..

"ශූ ගගා ඔයාලා කොහෙද.."

මන් ඉන්න තැනම ඉදන් කතා කරා වුනත් කිසිම ප්‍රතිචාරයක් තිබ්බේ නෑ...මෙයාලා කොහෙද ගියේ...මන් ආපහු හැරිලා කොරිඩෝව දිගේ ආපහු ගියා අපි ආපු පැත්තට...

කොරිඩෝවම පාලුවට ගිහින් තිබ්බේ ළමයි ඔක්කොම ග්‍රවුන්ඩ් එකට ගිහින් තිබ්බ නිසා වගේම ගුරුවරුවත් කවුරුත් පෙන්න ඉදියේ නෑ..

මන් ටික දුරක් වටපිට බල බල එයාලව හොය හොය යද්දි කොරිඩෝව කෙළවරේ තිබුන ගබඩා කාමරෙ පැත්තෙන් මොකක් හරි දෙයක් පෙරලෙනවා වගේ ඇහුන නිසා මන් ඒ පැත්තට ගියා...ඒ කාමරේ දොර භාගෙට ඇරලා තිබ්බේ..මන් හෙමින් හෙමින් ගිහින් දොර ඇරලා ඇතුලට ගියා...

"ශූ ගගා ඔයාලා මෙතනද.."

ඇත්තටම මන් ගොඩක් බය වෙලා ඉදියේ...තේරෙන්නෙ නැති මහ මූසල හැගීමක් හිතට දැනෙද්දි ඇතුල කලුවර නිසා මන් ෆෝන් එකේ ටෝච් එක පත්තු කරගෙන ඉස්සරහට අඩිය තිබ්බා...

Gift 🎁 (Completed)Where stories live. Discover now