2

39 11 6
                                    

ෆෝන් එක හොයපු මම දැක්කේ..
මේසේ උඩ තිබ්බ ෆෝන් එක ..
මට හොදටම සුවර් ..
ඒකේ ලේ තිබ්බා..
ඒත් දැන් ඒකේ නෑ...
එතකොට මට මතක් වුනේ හූඩි එකෙත් ලේ තිබ්බා කියලා ..

උදේ වෙනකම් හූඩි එකේ ලේ පිටින්ම නිදාගෙන හිටිය මට මොකද වුනේ කියලා කල්පනා කරත් මට පොලීසියට කෝල් කරපු වෙලේ ඉදන් කිසිම දෙයක් මතක තිබ්බේ නෑ

ආයිශ් මොකක්ද ඒ වුනේ..?
පැලෙන්න වගේ රිදෙන ඔලුවත් අල්ලන් ඉද්දි තමා දැක්කේ කාමරේ තව කෙනෙක් ඉන්නවා..

කලු පාට ඇදුම් ඇදන් හිටපු කෙනා අනිත් පැත්ත හැරිලා හිටියත් ඒ පිරිමි කෙනෙක් කියලා අදුරගන්න වැඩි වෙලාවක් ගියේ නෑ..

එයා හිටියේ ජනේලයෙන් එලිය බලාගෙන ..
මගේ ගෙදරට ඇවිත් එයාගේ ගෙදර වගේ හැසිරෙන එකට මට කේන්ති ගියා වගේම මට වුනේ මොකක්ද කියලා හිතා ගන්න බැරුව මම හිටියේ ප්‍රශ්න ගොඩක පැටලිලා..

' තමුසේ කවුද ..? තමුන්ට මොනාද වෙන්න ඕනේ '

මේසේ උඩ පලතුරු වට්ටියේ තිබ්බ පිහිය ඒ මනුස්සයාගේ බෙල්ලට අගලක් විතර දුරින් තියාගෙන මම අහද්දි කටේ තිබ්බ ලොලිපොප් එක අතට ගන්න ගමන් මගේ පැත්තට හැරුනා..

' න.. නම්ජුන් '

ඒ හිටිය කෙනා දකිද්දි පිහිය එයාගෙන් ඈත් වුනත් ආයේ මත් සිහියට ආපු මම මේ සැරේ ටිකක් සැරෙන් කතා කරා..

' ඔයා ඇයි මෙහේ..? මොනවද තමුන්ට ඕනේ '

අඩියෙන් අඩිය මං ලගට එද්දි මම ටිකක් පිටිපස්සට ගියත් මගදි නතර වුන හින්දා පිහියට එයාගේ බෙල්ල තදවෙලා ලේ ආවා..
ඒ ගමන්ම පිහිය විසිකරපු මම එයාගේ කොලර් එකෙන් අල්ල ගත්තා..

' තමුසේද ඊයේ මට පොලීසියට කෝල් කරන්න නොදුන්නේ.. ආහ්. ඒ මිනිස්සු ..
ඒ මිනිස්සුන්ට මොකද වුනේ..? ම මගෙන් අතින් එයාලා මැරුනා ඇයි මනුස්සයෝ මට හිරේ යන්න නොදුන්නේ..කියනවා..'

මං කීව දේවල් ඇහුනේ නෑ වගේ ආයේ එයා ලොලිපොප් එක කටේ දාගත්තා..
කොලර් එකෙන් අතෑරපු මම කාමරෙන් එලියට යන්න ආවේ පොලීසියට යන්න...
ඇයි දෙයියනේ මට .. මට මිනිස්සු තුන් දෙනෙක්ව මරලා නිදහසේ ඉන්න පුලුවන් වෙයිද..?

Alone? ( KNJ )Where stories live. Discover now