ඉරිසියාව

Start from the beginning
                                    

"ඒකද මේ?මගේ husbandට jelouse හිතිලනේ.
දැන්  ඔය බුම්මගෙන ඉන්න මූන හදාගෙන පහලට යන්න.ඔයා අකමැති නම් ආයේ මම සාරි නොඇද ඉන්නම්කෝ හ්ම්ම්....." මම ජූන් ලගට ගිහින් කම්මුලත් අත ගගා කිව්වම ඔලුවත් කස කසා පොඩි බබා වගේ ඔලුව වනලා පහලට ගියා.
මම ඉක්මනට වෙන skirt එකකුයි blouse එකකුයි ඇදගෙන පහලට ගියා.අජුම්මා උදෙන් ‍කෑම හදලා එයාගේ දුවගේ ගෙදර ගිහින්.

මම ඉක්මනට කුස්සියට දුවලා ජූන්ගේ protein shake එක හදන්න ගත්තා.
පුරුදු විදිහටම මගේ කෝලා මාව back hug කරා.

"ඔයා සාරි අදින්න, ඔයා ලස්සනයි  සාරියට.ඒත්  uni යද්දි එපා.ඔව්,මට ඉරිසියයි.ඔයාට වගේම මටත් ඔයාව බෙදාගන්න ඕන නෑ .ඔයාට වෙන කිසිම කෙනෙක්ගේ අනවශ්‍ය බැල්මක් වැටෙනවට මම කැමති නෑ . මියාහනයෝ මම ඔයාට මෙහෙම සීමා දානවට.ඒත්...මම ආර්ථමාර්තකාමී ඔයා ගැන ගොඩක්." ජූන් කිව්වේ ගොඩක් ආදරෙන් මට තේරුනා.

"හ්ම්...මම දන්නවා.ආ මේක බීලා අපි කලා ඉක්මනට යමු."මම  එහෙම කිව්වම ජූන් මගේ නලලට හාදුවක් තියලා මාත් එක්ක හිනා වුනා.

මගේ  අතින් අල්ලගෙන කෑම මේසෙට එක්කගෙන ගිය එයා මටත් එක්ක්ම බෙදාගෙන කවන්න ගත්තා.

"ඇති ජූන්......ගොඩක් කෑවා දැන් .තවත් නම් බෑ ." කෙලවරක් නැතුව මට කවන ජූන්ට මම කිව්වේ කටේ කෑම  පුරවගෙන.

"ඔය ඉතින්......කන්නෙත් පොඩ්ඩයි ඒකත් එපාලු.ඊළඟට ලෙඩ වෙනවා.දැන් ගහනවා දෙකක් මම." ජූන් සැරෙන් කියද්දි මම බිම බලාගත්තා.

"කෝ කෝ අනේ මැණික ආදරේටනේ මම සැර කරන්නේ......කෝ එහෙනම් මේ ටික pack කරගෙන අරගෙන යන්නකෝ.hospital එකේදි මතක් කරලා කන්න ඕන.මම හේවෝන්ගෙන් අහනවා කෑවද නැද්ද කියලා හොදද?" ජූන් මගේ මූන එයාගේ අත් දෙකට අරගෙන ආදරෙන් කියද්දි මම ඔලුව වැනුවේ හා කියන්න.

ඊළඟට ඉක්මනට කෑම ටිකත් pack කරගත්ත අපි දෙන්නා ගෙදරින් පිටත්වුනා.
Uni එකට යන මග දිගටම ජූන් මගේ අත අල්ලගෙන විකාර කියව කියව ගියේ වාහනේ අපි දෙන්නාගේ හිනාවෙන් පිරෙද්දි.

"හරි.....එහෙනම් මම යනව.පරිස්සමට studio එකට ගිහිල්ලා වෙලාවට කාලා,ඉක්මනට පරිස්සමට ගෙදර එන්න ඕන.හරිද?" Uni එක ලගට ආවම මම ජූන්ගේ පැත්ත හැරිලා එයාගේ අත් දෙකෙන් අල්ලගෙන කිව්වා.

The Gift Of Love (Mr.perfect 2 After Marriage )Where stories live. Discover now