ඉරිසියාව

Comenzar desde el principio
                                    

"ජූන් විනාඩි 10ක් දෙන්න මම ready වෙන්නම්.අජුම්මා අද උදේ කෑම හදනවා කිව්වා.ඔයා පහලට යන්නකෝ.මම එන්නම්." මම ඉක්මනට wardrobe එකට දිව්වේ ඇඳුමක් හොයන්න.අද මට uni එකේ lecture එකක්.ඉතින් වෙනදටත් වඩා පිළිවෙළට යන්න ඕන.

මම සාරියක් අරගෙන ඒක ඇද උඩ තියලා dressing table එක ළගට ගියේ කොන්ඩේ පීරගෙන පොඩි make up එකක් දාගන්න.මගේ මූන ටිකක් විතර අද සුදුමැලි නිසා.

ජූන් එයාගේ කොන්ඩෙත් හදලා watch එක බැඳගෙන මගේ කම්මුලෙන් පොඩි හාදුවක් තියලා යන්න හැරුනා.

"රූහි........."

මොකද මේ මගේ සම්පූර්ණ නම කියන්නේ? තරහ ගිහින් ඇයි? මම ඉක්මනට එයා දිහා බැලුවා.අම්මෝ ඇස් දෙකත් පොඩි කරගෙන ඇයි මේ?

"ඇයි ජූන්?"

"මේ මොකක්ද?"එයා ඇද උඩ තියන මගේ සාරිය පෙන්නලා අහනවා.

"ඔය ඉතින් මගේ සාරියක්නේ....ඔයා ආසම එකක්නේ...."

"ඔව්, ඉතින් ඇයි මේක මෙතන?"

මේ මනුස්සයට පාන්දර උතුර දකුන මාරුවෙලාද?

"ජූන් මම මේක ගත්තේ අද ඇදගෙන යන්න."

"දැන් එතකොට ඔයා කියන්නේ අද මේක ඇදගෙන තමා ඔයා අර uni එකටත් යන්නේ කියලද ආ?"

"ඔව් ඉතින්, දෙකක් අදින්න බෑනේ.....අනික අද උදේ මට lectures ."

"නෑ.......මේක නැතුව වෙන ඕන එකක් ඇදගෙන uni ගියාට කමක් නෑ .මේක ඇදලා ඒ හතර මායිමක ගිහින් අහුවෙන්න එපා."ජූන් කේන්තියෙන් මට සැර කරලා කිව්වා.

"ඇයි ජූන් එහෙම් කියන්නේ?පොඩ්ඩක් සන්සුන් වෙලා මට හේතුව කියන්නකෝ.මොකක්ද වැරැද්ද මේකේ?" මම ඇහුවේ සාරියේ තියන වැරැද්ද කල්පනා කරන ගමන්.

"වැරැද්ද?වැරැද්ද?මේක ඇදගෙන ගියාම අර uni එකේ ඉන්න සෙවලයෝ ඔක්කොම ඔයාගේ පස්සේ වැටෙන එක.ඔයාගේ ඉන දිහා උන් බලන් ඉන්නකොට මට උන්ව මරාගෙන මැරෙන්න පුලුවන්.so ඒ නිසා රූ....මාව මිනීමැරුවෙක් නොකර වෙන එකක් ඇදගෙන යන්න.ඔයාගේ ඉන පේන්න පුලුවනුත් මට විතරයි .අල්ලන්න පුලුවනුත් මට විතරයි .
ආයිශ්.......තවම එදා උන් බලන් හිටපු විදිහ මට මතකයි." ජූන් කේන්තියෙන් කෑ ගගහා කියද්දි මම හිනාව හිරකරගෙන් හිටියේ අමාරුවෙන්.

The Gift Of Love (Mr.perfect 2 After Marriage )Donde viven las historias. Descúbrelo ahora