ඉරිසියාව

Start from the beginning
                                    

"Princess,රූ.......මගේ කෙල්ල....ඔය දැන් අඩනවද?
ඇයි මැනික අඩන්න එපා.......
අනේ මම නිකන් කිව්වේ...
කෝ ඒක අමතක කරන්න.කෝ උදේම අඩන්න එපා.......ම්ට දරාගන්න බෑ ." ජූන් මාව එයාගේ පැත්තට හරවගෙන කිව්වේ හරි පරිස්සමට මගේ කම්මුල අතගාන ගමන්.

"හ්ම්හ්......හරි අඩන්නේ නෑ .හැබැයි ආයෙත් ඔය කතාව කියන්නේ එහෙම නෑ ."මම ඉක්මනට ජූන්ගේ බෙල්ල වටේ අත දාලා බදාගෙනම කිව්වා.

"මෙහෙ එන්නකෝ......" ජූන් මාව එයාගේ උකුලට අරගෙන ඇදෙන් වාඩිවුනා.

"හ්ම් මොකක්ද?"එයාගේ නිරුවත් පපුවේ ඇඟිල්ලෙන් ඉරි ඇද ඇද මම ඇහුවා.

"මගේ හැමදේම,ඒ වගේම මාව මගේ ඔම්මා අප්පාට පස්සේ අයිති ඔයාට ඔයාට විතරමයි.
මට සමා වෙන්න,එදා ඔයාට අයිති මේ තොල් දෙක ඒ කොහෙවත් යන එකීට kiss කරන්න දුන්නට.මම සිහියකින් හිටියේ නෑ  රූ....මම...." ජූන් මගේ අතක් එයාගේ තොල් උඩින් තියාගෙන කියවගෙන ගියා.

මම දන්නවා මැනික.මම දන්නවා.ආයේ ඒ කෙල්ල ගැන කතාවක් ඕන නෑ  මේ බිය්හිති අතරේ.මම දෙපාරක් නොහිතම ජූන්ගේ තොල් උඩට පොඩි හාදුවක් තිබ්බේ ඒ නිසාමයි.

"ආයේ ඒ සිද්ධිය ගැන කතා තහනම්.මම හැමදේම දන්නවා.මට ඔයාව විශ්වාසයි.ඒ වගේම ආයේ එහෙම දෙයක් වෙන්න මම ඉඩ තියන්නෙත් නෑ .තේරුනාද Mr.husband ?" මම ජූන්ගේ නහයට තට්ටුවක් දාලා කිව්වම එයා හිනාවුනා.

"ඒක නෙවෙයි.....මොකක්ද ඒකලේ?" ජූන් මගේ මූනට එබිලා ඇහුවම මම රතු වෙන්න මහ ලොකු වෙලාවක් ගියේ නෑ .

"අනේ...........ඉතින්....
ඇයි මම මගේ husbandට morning kiss එක දුන්නා.වැරදිද?"මම බිම බලන් කිව්වම එයාට හිනා ගියා.

"කවුද වැරදි කිව්වේ.....ම්ම්....?
වැරදි නම් එක දෙයයි.........ඒ ඒක තත්ත්පර දෙකක්වත් දිගට දුන්නේ නැති එක." ජූන් මගේ නිකටින් අල්ලලා මූන උස්සලා කියද්දි මට වැලලන්න හිතුනා.

"මොනවද කියන්නේ ?අයින් වෙන්න මට යන්න ඕන පරක්කු වෙනවා......." මම ජූන් මාව අල්ල ගන්න කලින්ම ඇදෙන් බැහැලා bathrobe එකත් අරගෙන bathroom එකට දිව්වා.

"යා........බබා.....අනේ......" ජූන් කෑ ගැහුවත් මම හිනාවෙවීම හිටියා.

Wash එකකුත් දාගෙන bathrobe එකත් ඇදගෙන මම එලියට එද්දි එයා guest room එකකින් wash එකක් දාගෙන ඇවිත් ලැහැස්තිවෙලා.

The Gift Of Love (Mr.perfect 2 After Marriage )Where stories live. Discover now