- සුලෝධජ -

Start from the beginning
                                    

#අවුරුදු විස්සේදි නැවතත් තීර්ථයට යන්නේ මාළිගාවම බියපත් කරලා. එතනදි සේවිකයන් දෙදෙනක් ඝාතනය කරලා , පියරජුගේ ගෙලටත් අසිපත තියනවා.

#සුලෝධජ ලෙස භාසුව දීඝ අසපුවට යවලා , දුගියෙක් විදියට වෛශව අසපුවට යනවා. දුගී කෑම බීම පවා කනවා.

#මිධුනාථ හම්බුනාම එයාට කිසිම විදියකින් එයාගේ පොඩි කාලේ යාළුවාව අදුරගන්න බැහැ.

#රෙදි පිළි හෝදන්න , අශ්ව වසුරු අයින් කරන්න හැම වැඩක් එක්කම දරුණු විදියට උණ හැදෙනවා. ඒ හැම සැරේකම රෑට පේන භයානක හීන එයාව බය කෙරෙව්වා.

#මිධුනාථ එයාව අදුරගත්ත වගක්වත් නොදැන , මිධුනාථව විශ්වාස කරනවා කියලා තීරණය කරනවා.

#සප්තකන්‍යාවේදි ජඨිල එයාගේ හස්තය බිදනවා . ඒත් කිසිම දෙයක් කරගන්න බැරි මෝඩයෙක් වගේ හැසිරෙන්න සිද්ධ වෙනවා.

#මිධුනාථ එයාට තදින් ආදරය කරන බවක් නොදැන මිධුනාථ ගැන අැතිවෙන හැම හැගීමක්ම යාලුකම කියලා යටපත් කරන්න ගන්නවා.

#කාලට තර්ජනය කරද්දි අනන්‍යතාවය හෙළි වෙනවා සහ කාලව වෙන කවුරුන් හො ඝාතනය කරනවා. ඒ වෙලාවේ මිධුනාථ පවා එයාව විශ්වාස කරන්නේ නැති වෙන නිසා ගොඩක් අසරණ වෙනවා.

#මිධුනාථගේ කුඩා කාලය ගැන දැනගන්නවා මිගාරගෙන්. එයා මෙච්චර හොයන සක්වල චක්‍රයෙ යතුර මිධුනාථමයි කියලා දැනගන්න එක එයාට ලොකු කම්පනයක් වෙනවා.

# පියාණන් උන ධාරනාග රජුට  අසාධ්‍ය වෙනවා . ධිරගේ ඉල්ලීම මත නැවත තීර්ථ මාළිගයට යන්න සිද්ධ වෙනවා. එහිදි පියාණන්ගේ අසාධ්‍ය බව දැක දැකත් බැනලා ඇවිත් පසුතැවෙනවා.

#අනුර්ධ අසපුව ආයේත් බලන්න ගියාම එයාවත් නොදැන මිධුනාථගේ අතින් සක්වල මුද්‍රාව විදියට ලකුණු වෙනවා.

#අසාවෙන් හදන කැටපෝලයට මිධුනාථ පයින් ගහනවා.

#ජිවිතේට හම්බුන හොදම යාළුවෙක් , එයාගේ වටේ දැවටි දැවටී දග කරපු මල්ලි වගේ මිගාරත් අසුර අසිපත දරන්නා අතින් මිය යනවා. ඒකත් සුලෝධජ අසුරගේ අතට පයින් ගහන නිසා මිගාරට වැදෙන්නේ.

_ ඇඹුල් දොඩම්_ Where stories live. Discover now