ඔබ දන්නවා ද ?

173 49 80
                                    

🌸 අග්නි ලියන්න ගත්තේ , Fantasy කතාවක් ලෙස බවත් , අග්නි යන නාමය '' ගින්දර බලයක් '' ඔහුට හිමි බැවින් යෙදූ වග ඔබ දැන සිටියා ද ? හිකි හිකි.. අන්තිමේ ඒ ප්ලොට් එක චූට්ටක් වෙනස් කරලා දැන් තියන අග්නි බිහිවූ වග ඔබ දැන සිටියා ද ?

🌸  මුලින්ම කතාව ගිරි අසපුව කේන්ද්‍රකරගත් අදහසක් තිබූ වග ඔබ දැන සිටියා ද ? හිකි හිකි.. ඒ කියන්නේ මිධුනාථ , ගිරි අසපුවේ වෙනුරාධ මුනිගේ පුතා විදියට.. ඒත් මං වැඩිපුරම ගැළපෙන වෛශව අසපුව පාවිච්චි කළා..

🌸 කතාවේ මුල්ම චරිතේ ඛාදී දේවිය වග දැන සිටියා ද ? මිධුනාථ මගේ ඔළුවනේ ඉදියේ... ඛාදී දේවියට මං මුලින්ම දාන්න ඉදපු නම ශෝහීලි වග ඔබ දැන සිටියා ද ? හිකිස්..

🌸 මුලින්ම අවුරුදු 10 දී පුහුණුවීම්වලින් දුර්වල වන මහීධ වසර 10දී මිය යාමට මා විසින් සැලසුම් කර තිබූ අයුරු ඔබ දැන සිටියා ද ? හදිසියේ කතාවට ආ මිගාර නිසාවෙන් , මිගාර මරා මහීධගේ දිවි ගැළවූ වග ඔබ දැන සිටියා ද ? බුහාහාා..

🌸 මිගාරට තාලීව සින්න කර දීමට මගේ සිතේ කිසිදු අදහසක් නොවූ බවත් , තාලී අග්නිවල ප්‍රධාන දුෂ්ඨ චරිතයක් වීමට නියමිතව සිටි වගත් ඔබ දැන සිටියා ද ? තාලී විසින් ඛාදී දේවිය මරා දැමීමටත් , සිගිති දියණිය සීහශාලී අග්නිගෙන් යන වග කටකතා පැතිරවීමත් මා තාලීට බාර කර තිබූ වග ඔබ දැන සිටියා ද ? හිකිස්..

🌸 ප්‍රථමයෙන් භාසුර- සුලෝධජ ආලය කිරීමටත් අනතුරුව මිධුනාථ - සුලෝධජ කතාවට රැගෙන ඒමටත් මා සිතා සිටි වග ඔබ දන්නේ ද ? අවසානයේ භාසුර කෙරේ වූ අනුකම්පාවක් හා මිධුනාථ මට නඩු දැමූ බැවින් මිධුනාථ - සුලෝධජ එලෙස රැගෙන ආ වග ඔබ දන්නේ ? කතාවේ මුල් හරියේදි භාසුරත් අග්නිට කැමතියි , අග්නිත් භාසුරට කැමති වග ඔබලා වටහා නොගත්තේ මන්ද ?

🌸 කතාව ආරම්භයේදීම සුග්‍රීව-ථිත ගැන අදහසක් තිබුණද , එය කතාවට ඇතුළත් කරනවා දැයි නැතිදැයි යන වග මම තීරණය කොට නොතිබූ වග ඔබ දන්නවා ද ? සෑම විටම මුල් පරිච්ඡේදවල හින්ට් ඉතිරි කරමින් ලියලා 58 පරිච්ඡේදයෙන් හෙණ ගසන අයුරින් සුග්‍රීව- ථිත කරළියට ගෙන ආ වග ඔබ දන්නේ ද ?

_ ඇඹුල් දොඩම්_ Where stories live. Discover now