සුපුරුදු ආලය

Start from the beginning
                                    

" දැන් හරි." එයා plaster එකත් අලවලා නැගිටලා ගියේ first aid box එක තියලා එන්න.ආයෙමත් ඇවිත් මගේ කොන්ඩේ පිහිදාන්න ගත්තා.මම එකපාරටම එයාගේ ඉනවටේ අත් දාලා එයාට තුරුල්වුනේ මේ තරම් කල් එයාගෙන් දුරස්වෙලා හිටපු පාළුව මකාගන්නමයි.

"ජූන්..................................." රූ මගේ කොන්ඩෙ අතරින් එයාගේ ඇගිලි ගෙනියන ගමන් හරි සන්සුන්ව මට කතා කරද්දි සනීපෙට වගේම හිතට දැනුන සැහැල්ලුවට මට ඇස් දෙක පියවුනා.

"මට සමාවෙන්න මැනික.මට සමාවෙන්න.තවත් නම් බෑ .මාත් එක්ක කතා කරන්න.වෙනදා වගේ මට තුරුල්වෙලා ඉන්න.මාත් එක්ක හුරතල් වෙන්න.බොරුවට රන්ඩු කරන්න.මට සැර කරන්න.කතා නොකර ගණන් නොගෙන ඉන්න එපා.මට පාලුයි රූ.............
ඒ හැමදේටම වඩා මට දුකයි මට හරියට රිදෙනවා බබා........" මම හිතේ දුකට ඔහේ කියවගෙන ගියේ තවත් එයාට තුරුල්වීගෙනමයි.

"කෝ මගේ කොල්ලා මෙහෙ බලන්න.කෝ ඉතින්."රූ මගේ කම්මුලින් අල්ලගෙන මූන ඉස්සුවත් තවම මගේ අත් ඒ ඉන වටේම තදින් එතිලා තියනවා.

"හ්ම්.....මම සමාව දීලා ගොඩක් කල් මගේ හුරතල් husbandට."එයා ගොඩක් ආදරෙන් කිව්වා.

"එ..එහෙනම් ඇයි..?ඇයි කතා නොකළේ?" මට කදුලුත් ඇවිත් මම ඒක අහද්දි.

"මට ගොඩක් දුක හිතුනා ජූන්.ගොඩාක්.........
මට මගේ හිත හදාගන්න ටික කාලයක් ගියා.ඒ කෙල්ල මගේ husbandව kiss කරද්දි මට මාවම නැතිවුණා වගේ.මටයි ඔයාව අයිති ඔයා මගේ.මගෙම විතරයි.ඔයා හොදටම දන්නවා...
මම ඔයා සම්බන්ධව මොනතරම් ආර්ථමාර්තකාමීද කියලා.මට සමාවෙන්න ඒත් මට බෑ ඔයාව share කරන්න.ඔයාගේ ඔම්මා අප්පා යොදුන්ග්සන්ග් එයාලා එක්ක නෙවෙයි.වෙන කිසිම කෙනෙක් එක්ක මම ඔයාව බෙදාගන්න ලෝභයි ජූන්.ඔයාව මගෙන් ඈත් කරාවි කියලා මට බයයි.

මට ඔයාව විශ්වාසයි.ගොඩාක්....වචනයෙන් කියන්න බැරි තරම්.මම වෙනුවෙන් ඔයා ගොඩක් දේවල් කලා ජූන්.එහෙම කරපු කරන ඔයා වෙන කෙල්ලෙක්ගේ පහස හොයාවි කියලා මම හිතන්නේ නෑ .

ඒත් ඇයි ඔප්පා මට එදා බොරු කිව්වේ? යන්න ඕන කිව්වා නම් මම කවමදාකවත් ඔයාට එපා කියන්නේ නෑනේද ඔප්පා? ඔයා දන්නවා මම ඔයාට කවමදාකවත් නීති සීමා දාලා නෑ කියලා.යන තැනක මට කියලා යන්න ඔප්පා.ඒකත් එක හේතුවක් මගේ හිත රිදෙන්න.
මම ඒකයි මගේ පාඩුවේ හිටියේ.ඔයා දන්නවා මට දුක හිතුනම එහෙමයි කියලා.

The Gift Of Love (Mr.perfect 2 After Marriage )Where stories live. Discover now