පළමු කොටස....❤️💚

Start from the beginning
                                    

ශාන්ගේ පියාණන් එසේ පවසා මේසය යටින් පැමිණෙත්ම...

"ආව්....."

පියාගේ හිස මේස කොනේ දඩාං යන ශබ්දය ඇතිව ගැටුනි...ශාන්ට එසැනින් පිටවුණු නොහික්මුණු හිනාව තම පියාගේ කෝපය රැගෙන එන දෝලාව වන බව වැටහුනේ තම පියා කෝප වූ පසුවය....😂😂

"කිසිම හික්මීමක් නොමැති කොලු ගැටයෙක්..මා පැවසූවා ඔබේ මෑණියන්ට ඔබව මෙතරම් හුරතල් කිරීමේ ප්‍රතිවිපාක පසුව අත් විඳීමට සිදු වන බවට...තම පියාව නැගිට්ටනවා හැරෙන්න සිනා සිසී ඉන්න එකද පුතෙක් ලෙස ඔබ කලයුත්තේ...."😬😬

පියාණන් සිදු වූ දේ පිළිබඳ ලැජ්ජාවට ශාන්ට බැන වදිනවා.....

"හරි පියාණනි...මට සමාව ලබා දෙන්න..."

"ඒක අත් හරින්න...මට ඔබට පැවසීමට යමක් තිබෙනවා...."

"පවසන්න පියාණනි...මා අසා සිටින්නේ...."

ශාන් තම නිය පෙල ඉරටුවක් ආධාරයෙන් සුද්ද කරමින් තම පියා පැවසීමට යන දේ ඇසීමට සූදානම්ව සිටිනවා...

"මෙතනින් අසුන් ගන්න..."

වෙනදා තම පියාණන් විසින් දෙන ලද පා වැසුම් පහර කොයි වෙලේ ලැබෙයිද යන්න ශාන් තුළ පවතින කුතුහලයකි...තවට තම පියා මෙතරම් හොඳින් කතා බහ කිරීමම ශාන්ට මහත් ප්‍රශ්නාර්ථයකි....🤔🤔

"ඔබ රාජ්‍යයේ රජුගේ පාලන ස්වභාවය ගැන දැනුවත් නේ..."

"ඒසේය...මා යම් තරමක් දුරට දන්නවා..."

"ඔබ ඒ රාජ්‍යයේ ජෙනරාල්වරයාව....."

පියාට එම වචන පෙල අවසන් කිරීමටද හැකියාව නොලැබුනි...ශාන් හඬ නගා...

"අම්මෝ...අර....ජෙනරාල්වරයා..අර මිනිසුන් දහස් ගානක් මරා දමා රාජ්‍ය බේරගත්ත කෙනා...ඔහු හදවතක් නොමැති රාක්ෂයෙක් බවට නගරය පුරා කට කතා යනවා..."

"එය එසේ නොවේ...ඔහු හරිම හිත හොඳ පුද්ගලයෙක්..."

ශාන්ගේ පියාණන්ටත් යීබො පිළිබඳව පැවසීමේදී  කෙල ගිල ගැනීමටවත් නොහැකි විය..පියා ශාන් බිය වේ යැයි සිතා පුරසාරම් දොඩවනවා..

"එය මටනම් විශ්වාස කළ නොහැකී..."

"කුමක් වුවත් ඔබට එතුමා සමඟ විවාහ වීමට සිදු වෙනවා.."

General's Partner  (Yizhan Completed)Where stories live. Discover now