කාර් එක නවත්තපු ජේ සේහි පාර්ක්‌ එක ඇතුලට ගියත් සූආ තාමත් ගල් වෙලා කාර් එක ඇතුලේ හිටියේ එයාගේ හදවත යන්න එපා කියලා බල කරනකොට.. එකපාරටම සීට් එක එහා පැත්තෙන් ඒන්ජල් මතු උනා..

"සූආ යන්නේ නැද්ද?"

"ඒන්ජල් මන් දැන් මැරුණ විදිහ දැනගත්තොත් මන් දැන්ම අතුරුදහන් වෙයි ද?"

"සූආ!"

ඒන්ජල් කියන්නේ හැගීම් නොදැනෙන මායාවක් උනත් පලවෙනි වතාවට එයාගේ ඇස්වලින් කදුළු පිට උනා..

"ඒන්ජල් මට යන්න බෑ.. ඒන්ජල්.."

"සූආ ඔයාගේ අන්තිම ආසාව ඉටු වෙලා පැය විසිහතරක් යනකම් ඔයාට යොන්හී ගේ ඇගේ ඉන්න පුළුවන්.. ඊටපස්සේ ඔයා ඔයාට අය්ති තැනට යය්."

"ඒන්ජල් මන් ගියාම මාව අමතක කරන්න එපා.. මන් කොහෙට ගියත් මාව බලන්න එන්න.."

"ඔයාගේ කැමත්තක් සූආ.."

බේරෙන කදුළු එක්ක කාර් එකෙන් බැහැපු සූආ පාර්ථනා කරේ මේ වෙලාව මොහොතකට හරි නැවතුනා නම් කියලා...

"ජේහු ඔයා කොහොමද මේවා දැනගත්තේ?"

"මන් දන්නේ නෑ සූආ එදා හොස්පිටල් එකේ ඉදන් ඔයාව එක්කන් ආවම මට ඔයා හිතන හැමදේම ඇහුනා ඒ වගේම එදා මන් ඔයාගේ කාමරේට එනකොට යොන්හීව දැක්කා එයා ඔයා එක්ක කතා කරපු හැමදේම මට ඇහුනා මට මුලින්ම මේ දේවල් විකාරයක් කියලා හිතුනත් පස්සේ..."

සූආ කරේ හිර කරන් හිටපු කදුළු නිදහස් කරපු එක විතරයි.. වෙව්ලන කකුල්වලින් හිටන් ඉන්න එයාට තවත් හය්යක් තිබුනේ නෑ... පුළුවන් හය්යෙන් කෑ ගහලා සූආට අඩන්න ඕන උනත් එයාට එහෙම කරන්න බැරි උනා..

"ඊටපස්සේ සේහි ළගට යොන්හී ඇවිත් තියනවා... සේහි හිතලා තියෙන්නේ ඒ හැමදේම නිකන් පේන සිතුවිල්ලක් කියලයි... එයා ඒ දේ මට කිව්වම මාත් එයාට මන් දැක්ක දේවල් කිව්වා.. එදා මන් ඔයාව සේහි ගේ ගෙදර එක්කන් ආවේ මට මගේ සැකේ හරියටම දැනගන්නයි... එදා මන් දැනගත්තේ ඔයා යොන්හී නෙවෙයි සූආ කියලා..."

"සූආ අක්කේ ඔයා මැරුණ විදිහ දැනගත්තොත් ඔයා අපිව හැමදාටම දාලා යනවා ද?"

ꜰᴏᴜɴᴅ yᴏᴜ «ᴄᴏᴍᴩʟᴇᴛᴇᴅ»Where stories live. Discover now