අවසාන කොටස

Start from the beginning
                                    

" සෙහස් පුතේ හදපු ෆෘට් ජූස් ඇති ෆ්‍රිජ් එකේ "

" හරි අම්මේ..."

මං කුස්සියට ගිහිල්ලා ෆ්‍රිජ් එක ඇරිලා ඒකෙ තිබ්බ ජූස් බෝතලයක් එලියට අරන් කෝප්ප වලට දාන්න ගත්තා ....

මං ෆෘට් ජූස් ටික අරන් ගිහිල්ලා හැමෝටම ඇල්ලුවා ...

අන්තිමට ඉතුරු උන ජූස් එකත් අරන් මම වාඩි උනේ මගේ නැන්දම්මා ගාවින්...

" පුතේ...මේ හැමෝම ඉස්සරහ මට ඔයා පොරොන්දුවක් වෙන්න ඕනි .." අම්මා මං දිහාට හැරිලා කිව්වා...

" ඒ මොකක්ද අම්මෙ..."

" මම නැති කාලෙක හරි මගේ කොල්ලව හොදින් බලාගන්නව කියලා මට පොරොන්දු වෙන්න ..." අම්මා කදුලු වගුර වගුර කිව්වා

" අම්මා ඒ ගැන පොඩ්ඩක්වත් හිතන්න එපා ...මං අම්මගෙ පුතාව හොදින් බලාගන්නවා... " මං අම්මගෙ අතක් අල්ලගන්න ගමන් කිව්වෙ එයාට ඒක ස්තීර කරන්න ...

-----------------------------

පසුදින ***

මං උදේ නැගිටලා හැමෝටම තේ හදලා දීලා ගෙදර පොඩ්ඩක් අස් කරන්න ගත්තා...මම මුලින්ම ගියේ අපේ කාමරේට ...

මං අතු ගගා ඉද්දි මගෙ ඇහෑ ගියේ බිම වැටිලා තිබුනු කොලයකට...

# ඉන්දීවර පුතාට.......

පුතේ...මට ඔයාට හොද තාත්තෙක් වෙන්න බැරි උනා.... මට සමාවෙන්න ...මං ඔයාට සලකපු විදිහ ගොඩක් වැරදියි... මට දැන් මං ගැනම ලැජ්ජයි ...මේ ලෙඩේට කොච්චර මං වියදම් කරත් මේක සනීප කරන්න බෑ...සල්ලි නෙවෙයි ජීවිතේ කියන්නෙ කියලා දැන් මට තේරෙනවා ...සල්ලි වලට හැමදේම කරන්න පුළුවන් කියලා හිතුවට දැන් තමයි තේරෙන්නේ කරපු දේවල්වල බරපතළකම...මට ඔයාට හොද තාත්තෙක් වෙන්න බැරි උනා...ඔයාගෙ අම්මට හොද මහත්තයෙක් වෙන්න බැරි උනා... මට සමාවෙයන් පුතේ... මේ මං ජීවත් වෙන අන්තිම කාලේ.... කවදහරි මම නැති කාලෙක අම්මව හොදින් බලාගනින්...මැරෙන්න මොහොතකට කලින්වත් මට උබේ මූන බලාගන්න තිබ්බා නම්....ඒත් උබ ඉන්නෙ මට වඩා ගොඩක් දුරින්...ඒකට වැරදිකාරයා මමමයි... ඔයා දැන් තාත්තා කෙනෙක් නේද ...මට ආරංචි උනා ඒක ....ඔයා ඔයාගෙ ජීවිතේ හොයාගත්තා...ඔයා ලංකාවට ආවා නම් ඔයා ඔයාගෙ ගෙදරට ආවා නම් මේ ලිවුම කොයිවෙලේ කොහේහරි තිබිලා ඔයාට හම්බවේවී... පුතේ මට ඔයාගෙන් එක ඉල්ලීමක් කරන්න තියෙනවා ...ආයෙ ලංකාවෙන් යන්න ඕනි නෑ ... ඔයයි ඔයාගෙ පවුලටයි මෙහෙ ඉන්න පුළුවන් ...අම්මවත් හොදින් බලාගන්න පුතේ...ඒක තමයි මගෙ ඉල්ලීම.... මගෙ අන්තිම ඉල්ලීම.......පුතාට බුදුසරනයි ...

You've reached the end of published parts.

⏰ Last updated: Feb 11, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

මන්දාරම්Where stories live. Discover now