14 වන කොටස

767 106 30
                                    


උදේම ඇහැරුන මම කුස්සියට ගියේ චූටිට කිරි එක හදන්න...

මම චූටිට කිරි එක හදලා නිවෙන්න තියලා අය්යටයි අත්තම්මටයි මටයි තේ හදන්න ගත්තා ...

මං තේ හද හද ඉද්දි ඇහුනේ චූටිගෙ කටහඩ...

වෙන්දා වගේම චූටි නැගිට්ට ගමන් මාව හොය හොයා කුස්සියට ආවෙ ඇස් දෙකත් පොඩි කර කර...

" ආනේ මගේ සූකිරි කැටේ නැගිටලා....😍😍😍😍 කෝ එන්න අම්මා ලගට..."

" අම්මේ..." තේ හද හද හිටපු මගෙ කකුලක් බදාගෙන චූටි කිව්වා...

" ආ ..." මං කිරි බෝතලේ චූටි දිහාට දික් කරා...

චූටි එතන ඉදගෙනම කිරි එක බොන්න ගත්තා...

මං ඒ අතරේ තේ හදලා මුලින්ම ගියේ අත්තම්මගෙ කාමරේට ...

" අත්තම්මේ ....අත්තම්මේ ..." මං අත්තම්මගෙ ඇගට තට්ටු කරන ගමන් කතා කරා...

" සුදූ..."

" තේ බොන්න...නැගිටින්න..."

" මේසෙන් තියන්න..."

මං තේක මේසෙන් තියලා ආවෙ අය්යට තේක දෙන්න...

"ඉන්දීවර ...ඉන්දීවර ...නැගිටින්න....ඉන්දීවර ...."

" ම්ම්හ්..."

" නැගිටින්නකෝ...තේ බොන්න..."

" හරි හරි ...ඔතනින් තියන්න..."

" බෑ බෑ ...හැමදාම නැගිටින්නෙ පරක්කු වෙලා.... තේකත් නිවෙනවා..."

" හරි හරි අනේ ...තියලා යන්නකෝ..."

" බෑ බෑ ...නැගිටින්නම ඕනි ..."

" වාතයක් ඕයි තමුසෙ නම්...😒 " අය්යා එහෙම කියාගෙන ඇදෙන් නැගිටලා හිරි ඇර ඇර ගියේ වොෂ් රූම් එකට...

මං තේක මේසෙන් තියලා එලියට ආවා...

මං ඊට පස්සෙ ආවෙ මගෙ චූටි ගාවට....

" චූටි කුක්කු බීලා ඉවරයිද ...😘 "

" ඕ..."

" ම්ම්...good boy 😘😘 "

මං චූටිව වඩාගෙන ආවෙ සාලෙට....

" අම්මෙ කාටුන් යනවා ..😌 "

" හා....මං දාලා දෙන්නම්..."

මං චූටිව සෝෆා එකෙන් තියලා... ටීවී එකත් දාලා දුන්නා...

මන්දාරම්Where stories live. Discover now