ආහ්???

Sherry : ඔව්... මම පලවෙනි පාර accident වෙලා බේරුනා, දෙවනි පාර ගුටිකාලා කෝමා වෙලා ඉදල බේරුනා, තුන්වෙනි පාර suicide කරගන්න ගිහින් බේරුනා... ඔයා හිතන්න මගේ අවාසනාව මොන තරම්ද කියලා...

ආවාසනාව?? ඒ ඔයාගේ වාසනාව... ඔයාව හැමපාරම බේරුනේ ඔයා තවමත් ජීවත් වෙන්න ඕන නිසා..

Sherry : ඒත් අන්තිමට බේරුනාට පස්සේ මට ජීවත් වෙන්න හේතුවක් හම්බුනා... මම අද වෙනකන් ජීවත් වෙනවනම් ඒ එයා නිසා... ඒ වගේම එයාව කවදාහරි බලන්න ඕන නිසා...

ඒ කවුද??

Sherry : එයාද?? එයා තමයි මම suicide කරගන්න ගිය වෙලාවේ මාව බේරගන්න ආවේ... මම කවුරුත් හිටපු නැති තැනක පාලමකින් , ඒත් මම නොහිතපු විදියට ඇවිත් කෙනෙක් මාව බේරුවා... සමහරවිට එයාට මාව අමතක ඇති... ඒත් මම එයාව දැන් ටික කාලෙකට කලින් දැක්කා... මම එයා එක්ක කතාකරන්න ගොඩක් ආසාවෙන් ඉන්නේ...

එහෙමද?? කවුද එයා?? මටත් එයා ගැන කියන්නකො...

Sherry : එයාද? එයා නම් ගෑනු ලමයෙක්... ඒත් පිරිමි ලමයෙක්ටත් වඩා හරිම cool.. හරිම ආකර්ශනීයයි ඒ වගේම හරිම ලස්සනයි... එයාව මම ඊට කලින් දැකලා තිබ්බේ නෑ ඒත් හරි පුදුම කෙනෙක් එයා... අනිත් අයට වඩා  හරිම වෙනස්...

මොකද්ද එච්චරම එයාගේ තිබ්බ වෙනස්??

Sherry : ඒ.. එයා මාව බේරගතත්ට පස්සේ මට කිව්ව එක.. එයා මට කිව්වා "අනිත් අයට නිදහසේ ජීවත් වෙන්න අපි මැරෙන්න ඕන නෑ, මොකද එයාලා එයාලගේ ජීවිතේ නිදහස උවමනාවෙන් නැති කරගෙන ඉවරයි කියලා"  එයා ඒක කියලා මාව එතන දාලා ගියා... හුග කාලයක් මම එයාව හෙව්වා ඒත් මට හම්බුනේ නෑ... දැන් එයාව මට හම්බවෙලා තියෙන්නේ...

ඔයාට දැන් ඕන එයාට thank කරන්නද??

Sherry: ඔව් ඒත්... එයාට ඊට වඩා දෙයක් ලැබෙන්න ඕන... මම වගේ කෙනෙක්ගේ ජීවිතේ බේරුවට...

හ්ම්... ඔයාට මගෙන් උදව්වක් ඕන උනොත් කියන්න... මම කැමතියි උදව් කරන්න...
ෂෙරී එක්ක කථා කරපු මම එතනින් නැගිටලා එලියට ආවා... මගේ හිතට දැනුනේ අමුතු හැගීමක්... ඒත් ඒක මීට කලින් දැනිලා නැති මහ අමුතු දෙයක් වගේ... ෂෙරී එක්ක මම කතාකරේ ගොඩක් ආසාවෙන් උනත් මම එතනින් නැගීට්ටේ මගේ හිතට දැනුන අමුතු හැඟීම නිසා... ඒක දුකක්ද?? කලකිරීමක්ද කියන්න මට වත් තේරුනේ නෑ... ඒ හැගීම වචනෙන් කියන්න මට තේරෙන්නෑ...

මම හිතුවට වඩා ෂෙරී මට ගොඩක් සමීප කෙනෙක් උනා... එයා මගේ හොදම යාලුවෙක් වෙන්න ගියේ සතියක් වගේ පුංචි කාලයක්... අපි හැමදේම කරා... හැමතැනම ඇවිද්දා... ඒ දවස් හරිම ලස්සනයි වගේම ඉක්මනින් ගෙවිලා ගියා...

දවසක් ෂෙරී මට කෝල් කරලා හදිස්සියේම මාව uni එක ඇතුලේ meet වෙන්න ඕන කිව්වා... මම ඒ ගැන ගොඩක් බය උන නිසා මම ෂෙරී එනකන් බලාගෙන හිටියා... ටික වෙලාවකින් ෂෙරී මම හිටපු තැනට ආවා...

ඇයි?? මොකක් හරි ප්‍රශ්නයක්ද?? ඔයා හොදින්ද??

Sherry : ෂෙරී... ඔව් මම ගොඩක් හොදින්... ඒත් මම දෙයක් කියන්න ආවේ...

ඔව් කියන්න...

Sherry : ඔයාට මතකද මම ඔයාට කිව්ව ඒ කෙල්ල ගැන, මාව බේරගත්ත කෙනා...

ඔව් ඉතින්... කියන්න... එයා ගැන මොකද්ද??

Sherry : මම එයාව හොයාගත්තා... මම අද මගේ හිතේ තියෙන හැමදේම එයාට කියන්න යන්නේ...

මගේ හිතට අමුතු දුකක් දැනුනා... ෂෙරී එහෙම කියද්දි ඇයි මට දුක හිතෙන්නේ?? එයත් මට හම්බුන එක හොද යාලුවෙක් විතරයි... මම දන්නවා මට දැන් දැනෙන්නේ මොකද්ද කියලා, සමහර විට මේක තමා ඉරිසියාව කියන්නෙ...

ඔව් ඔයා එයා එක්ක කතා ක....
මට කියන්න ආපු එක ඉවර කරන්න උනේ නෑ... ෂෙරී මගේ මූනෙන් අල්ලගෙන මගේ තොල් වලට කිස් එකක් දුන්නා...  ඇයි එයා මාව කිස් කරේ?? මම පුදුමෙන් එයා දිහා බලන් හිටියා...

Sherry : ඒ ඔයයි ජේ... ඒ ඔයා... මගේ ජීවිතේ බේරපු කෙනා... මගේ හිත වෙනස් කරපු එකම කෙනා... මාව ආරක්ෂා කරන්න මවපු කෙනා... ඔයා තමයි මම ආදරේ කරන කෙනා...

මොකක්?? එයා මෙච්චර කල් කතා කරේ මම ගැනද?? මේක මම දකින හීනයක්ද?? මම නොහිතුවට ෂෙරී ගැන කැමැත්තක් මට නොදැනීම මගේ හිතේ හැදිලා... ෂෙරී ආදරේ කරන කෙනා මම කියද්දි මට දැනුනේ හරිම අමුතු සතුටක්....

__________________________________________________

It's going to end yay... 🥳💓

I'm soo happy because I end a story from 2 weeks..

Gosh!! It's too long, but I made it ☺❤

LoveYa

AUTHOR : ayana_03

𝗙𝗜𝗡𝗔𝗟𝗟𝗬  (ɢʟ) ᶜᵒᵐᵖˡᵉᵗᵉ ˢʰᵒʳᵗ ᶠᶠWhere stories live. Discover now