"එසේයි.. මා ඇයට සෙනෙහස දැක්වූවා.." තම අතක් මිට මොලවාගත් වන්ග්ජි වෙයි වුශියැන්⁣ දෙස බලා⁣ගෙනම පැවසුවා..

ඉන් අනතුරුව මොහොතක් යනතුරු දෙදෙනාගෙන් එක් අයෙක්වත් කිසිවක් නොපැවසූ අතර එක්වරම වන්ග්ජි අසලට ලං වූ වෙයි වුශියැන් තම දෑත් ඔහුගේ ගෙල වටා දමා ඔහුව වැළඳගත්තේ තම හිස ඔහුගේ උරහිස මත තබා ගනිමින්..

වෙයි වුශියැන් සිදු කල දෙයින් වන්ග්ජි පුදුමයට පත් වුවාත් ඔහු ද පෙරලා තම අධිරාජිනියව වැළඳගන්නට වුණා..

වෙයි වුශියැන් සිදු කල දෙයින් වන්ග්ජි පුදුමයට පත් වුවාත් ඔහු ද පෙරලා තම අධිරාජිනියව වැළඳගන්නට වුණා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"ලාන් චාන්.. මා හට කමා කරන්න.. මා ඒ බවක් මින් පෙර දැන සිටියේ නැහැ.. එසේ වූවා නම් මා ඔබට මෙලෙස ලං නොවී සිටින්නට තිබුණා.. එලෙසම මා ඔබට කෘතඥ වෙනවා අධිරාජිනිය ලෙස පළමු දින සිටම ඔබ මට හිමි සෑම ගෞරවයක්ම ලබා දීම පිළිබඳව.. නමුත් ඒ සියල්ල මුලාවක් පමණයි.. මා දැන් එය හොඳින්ම දන්නවා.. මා ඔබට පොරොන්දු වෙන්නම් අදින් පසු මා⁣ගෙන් ඔබට කිසිදු බාධාවක් සිදු නොවන බවට.. ඔබට හැකියි ඔබ කැමති ඕනෑම අයෙක් හා රජ මැදුර තුළ දිවි ගෙවීමට.."

"ඔබ නොදන්නවා වුනත් රජ මැදුරට පැමිණි මාගේ එකම අරමුණ වූයේ මාගේ සොයුරියගේ ඝාතකයන් සොයා ගැනීම පමණයි.. යම් දිනෙක මාගේ අරමුණ ඉටු වූ පසු මා මේ රජ මැදුරෙන් නික්ම යනවා.. එදිනට ඔබට හැකියි ඔබ කැමති ඕනෑම අයෙක්ව ඔබේ අධිරාජිනිය බවට පත් කරගැනීමට.. එලෙසම මා දන්නවා පුරුෂයෙක් ලෙස කාන්තාවකගෙන් ලැබෙන සෙනෙහස මට ඔබට ලබා දිය නොහැකියි කියා.. එසේ වුවාත්.. එසේ වුවාත් මා....." තවත් කිසිවක් පවසා ගත නොහැකි වූ වෙයි වුශියැන් ලාන් වන්ග්ජිව අත්හැර ඔහුගේ මුහුණ දෙස බලන්නට වුනේ ඔහුගේ කම්මුල් දිගේ කඳුලු ගලා යද්දී..

Male Empress (Wangxian)✔️Where stories live. Discover now