"යා කෙල්ල ඇයි ගොළු වෙලා.."

"අම්මා දන්නවා ද මේ වාතේ හොස්පිටල් එකේ හිටියේ... අම්ම දන්නවා නේ මන් අද මගේ හැමදේම දාලා මගේ ජීවිතේ වටින කෙනෙක් වෙනුවෙන් ලොකු වැඩක හිටියේ කියලා... ඒ අස්සේ මෙයත් නැති වෙලා... ආයේ නම් මට මේ යොන්හී ගැන කියන්නවත් එන්න එපා.."

මොකා කව්ද ඒ වැදගත් කෙනා.. මෙයාගේ වැඩේ මේ යොන්හී ට බනිනවා.. දෙවියනේ!!මන් කොහොමද මට වෙච්ච දෙ හොයාගන්නේ? මන් මැරිලා ද දන්නේ නෑ?...

"යොන්හී එයා කියන ඒවා ගණන් ගන්න එපා.. ඔයා ඉදගන්න කෝ මන් කන්න මොනාහරි ගේන්නම්.."

මන් ගිහින් ලොකු සෝෆා එකේ ඉදගත්තා.. එහෙම්මම වටේම ඇස් යවනකොට මගේ පින්තුරයක් දැක්කා ඒත් එතනින් මල් තියලා... ඒ කියන්නේ

"නැන්දේ... එන්නකෝ අනේ... ආ..."

"මොකද ළමයෝ කෑගහන්නේ?"

"නැන්දේ සූ?"

"ඔයා එයාව දන්නවා ද?"

"එයා එයා මැරිලා ද?"

"ඔව්..."

මන් මගේ කට අත් දෙකෙන් තද කරලා වහගත්තේ බයටම කටින් එන ඉකිය නවත්තන්න... මගේ මුළු මූණම දාඩියට නෑවිල... මගේ ෆොටෝ එකෙන් ආයෙමත් එදා රෑ වෙච්ච දේවල් පේන්න ගත්තා...

ඒත් එකපාරටම ආපු කෙනෙක් මගේ නිකට තද කරලා අල්ලන් මාව බිත්තියට හේත්තු කරා...

"මගේ සූ මැරිලා නෑ... තමුන් ආයේ ඒ ගැන මෙහෙ කතා කරන්න බෑ.."

ජේ.. එයාගේ ඇස් තරහින් රතු වෙලා.. ඇස්වල කදුළු... මන් එයාව මෙහෙම දැකලම නෑ...

"ජේහු අහකට... ඔය ළමයව මරන්න ද හදන්නේ?"

"අම්මා මන් කියලා තියනවා සූ මැරිලද අනං මනං අහන්න බෑ කියලා මේ ගෙදර ඉන්න අයට.. එයා පණපිටින්... එයාගේ මතක ඕනෑතරම් තියනවා ඒවය්න් එකක් කතා කරන්න..එහෙම නැතුව..."

කතා කරන එක නවත්තලා ආයෙමත් රතු වුන ඇස්වලින් මන් දිහා බලපු ජේ උඩ තට්ටුවට ගියා...

"යොන්හී ඔයා හොදින් ද? සමාවෙන්න.. ඔයා දන්නවා නේ එයාගේ හැටි.. සූආ කියන්නේ එයාට ගොඩක් වටින කෙනෙක් එයාට විතරක් නෙවෙයි මටත්.. ඒ නිසා අපි පස්සේ මේ ගැන කතා කරමු දැන් රූම් එකට ගිහින් වොෂ් එකක් දාන් රෙස්ට් කරන්න... යන්න.."

එහෙම කියපු නැන්දා එතනින් ගියා.. දැන් නම් මට පිස්සු වගේ.. මන් කොහොමද කාමරේ හොයාගන්නේ.. කමක් නෑ උඩට ගිහින් බලනවා...

උඩ තට්ටුවේ කාමර ගොඩක් තිබ්බා ඒත් මොකද්ද හේතුවකට මට එක කාමරේකට යන්න හිතුනා.. දොරත් බාගෙට ඇරලා තිබ්බ නිසා මන් ඇතුලට ගියා..

වාව්!!එතන තනිකරම මගේ ෆොටෝ තිබ්බේ.. ඒ කිව්වා සූආ ගේ... තවත් මගේ ලොකු චිත්‍රයක් බිත්තියේ තිබ්බා ඒක තාමත් පාට කරලා ඉවර නෑ.. ඒක කාගේ හරි බෙඩ්රූම් එකක් වගේ...

"තමුසේ ආයෙත් මගේ සූආ ව මරන්න ද හදන්නේ?"

ꜰᴏᴜɴᴅ yᴏᴜ «ᴄᴏᴍᴩʟᴇᴛᴇᴅ»حيث تعيش القصص. اكتشف الآن