"මැඩම් මේ ටික ගන්න මන් ම මේක හදන්නම් මට ගොඩක් වැඩ තියනවා මැඩම් පිස්සු කරනවා.."

"මොකද්ද ඒ උනේ? අද දවසම විකාරයි "

එලියට ඇවිත් එතන තිබ්බ බංකුවක ඉදගෙන නර්ස් දුන්න හෑන්ඩ්බෑග් එක ඇද්දා.. මගේ බෑග් එක නෙවෙයි නේ මේක... ෂිට් ඊයේ වෙච්ච දේවලුයි අද වෙන දේවලුයි මගේ ඔලුව පිස්සු වට්ටනවා...

"ID එකක්..

නම යොන්හී
වයස 34
පදිංචිය වෙන්ෂු සිටි
මැනේජර් කෙනෙක්

හෑ... කව්ද මේ?

කන්නාඩියක්!මගේ මූණ බලන්න පුළුවන් කැත වෙලාද මන්ද

ඈ........ මගේ මූණ කෝ? මගේ මූණ වෙනස් වෙලා.. අර ID එකේ ඉන්න කෙල්ලගේ මූණ වගේ වෙලා.."

"යොන්හී තමුන්ව කොහේ කියලා හොයන්න ද? ඔෆිස් එන්නෙත් නැත්තම් මට කියන්න ඕනේ.."

"ජ්... ජේ.. හු...ඔයාම ද මේ?"

"හිතුවද ඉන්න තැන හොයාගන්න බෑ කියලා.. අම්මත් මොකටද මන්ද ඔහේව තියාගෙන ඉන්නේ..."

මොනාද දෙවියනේ මේ වෙන්නේ?අනේ මට නම් පිස්සු වගේ මගේ මූණත් වෙනස් අවුරුද්දත් වෙනස් මන් කොහොමද මේ පටලැවිල්ල ලෙහන්නේ.. මොනා උනත් ජේ ව දැක්ක එක සතුටක්.. එයා මාව ගෙදර එක්කන් යයි...

"ජේ මාව ගෙදර එක්කන් යන්න ප්ලීස්..."

"ඒකට තමයි ආවේ.. එනවා යන්න.."

ජේහු ගොඩක් ලස්සන වෙලා ඇස් තවත් දුබුරු වෙලා කොන්ඩේ නම් ගානට කපලා අතේ මසල්ස් අනේ දෙය්යනේ!

ජේගේ බය්ක් එකට නැග්ග ගමන්ම මේ මනුස්සයා ආයේ කෑ ගහනවා..

"මාව අල්ලන්න එපා.. වැටෙනවා වගේ නම් බැහැල මගේ පස්සෙන් දුවන් එනවා.."

අනේ මෙයාගේ ගෑස්.. පරණ සූ හිටියා නම් මෙයා ඔහොම කියයි..

අන්තිමට මන් ගෙදරට ආවා ඒත් ඒක දැන් වෙනස්.. හෙන විශාල තට්ටු දෙකක ගෙයක්.. මන් දැන් කොහොමද යොන්හී වගේ රගපාන්නේ.. මෙයාගේ නමයි ගමයි ඇර මන් මුකුත් දන්නෙත් නෑ..

"යොන්හී.."

මන් ඇතුලට ගිය ගමන් නැන්දා මාව බදාගත්තා.. මගේ ඇහෙන් කදුලක් ඉබේම වැටුනා.. මට කියන්න තියනවා නම් මන් ඔයාගේ සූ කියලා කලින් වගේම ඔයාට ආදරෙන් මගේ නැන්දේ කියලා කියන්න තිබ්බා නම්..

ꜰᴏᴜɴᴅ yᴏᴜ «ᴄᴏᴍᴩʟᴇᴛᴇᴅ»Where stories live. Discover now