2 වන කොටස

1.3K 205 47
                                    


-----------------------------

හාපෝ...මේ මගුල් බස් එක ගාට ගාට එන්න ගියාම එපා වෙනව...ශික් ...එන්න ගිය වෙලාවක් බලන්නකෝ...# මං බස් එකෙන් බැහැලා බස් එකේ රියදුරු මහතාගේ ගුණ වරුණා සිහි කරමින් ගෙදරට ඇවිදන් ගියා...

මං ගෙදරට යනකොටම අත්තම්මා දොර ලග ඉදගෙන බලන් ඉන්නව ...

" මොකෝ අද පරක්කු "

" එපා වෙනවා අනේ...අරුන් දෙන්නා මොන මගුලෙ ගිහිල්ලද දන්නෑ...ශික්...මාව දාලා උන් ගිහිල්ලා ...මාර යාලුවො තමයි මුන් නම්...මං බස් එකේ ආවෙ...ඒ මදිවට බස් හෝල්ට් එකටත් වෙලා හෙන වෙලාවක් බලන් හිටියා... බස් එකත් ආවෙ ඉබි ගමනින් "

" පව් බං ඒ කොල්ලො දෙන්නට බනින්නෙ... උන් උබට කොච්චර උදව් පදව් කරනවද...ඔය පොඩ්ඩක් එහෙ මෙහෙ උනාට මොකද අනිත් දවස් වලට උබව ගේ දොරකොඩටම ගෙනල්ලා දාලා යන එකම මදෑ...වෙන උන් ඕවා කරනවද...සී දේවී කොල්ලො දෙන්නා..."

" අනේ අත්තම්මා දන්නෑනෙ උන් මට කරන බලු වැඩ... උන් උදව් කරනවා තමයි ...ඉතින් මාත් උන්ට කොච්චර උදව් කරනවද...අනික සී දේවි කොල්ලොලු...සී දේවිකම වෑහෙනවා...🙄 "

" හ්හ් ඔය වෙන මුකුත් නෙවෙයි ...උබේ ඊරිසියාව ...පැහැදිලි ඊරිසියාව 😂"

" හ්හ් මං මොකටද උන්ට ඊරිසියා කරන්නෙ ...අත්තම්මටත් ඉතින් ඉස්සෙල්ල ආපු අගට වඩා පස්සෙ ආපු කන ලොකු උනානෙ.. 😪"

" ඉදකින් ...උබ අවුරුදු ගානක් ඉස්කෝලෙ බඩගෑවෙ පොල් ගාන්නද බං ...ඉස්සෙල්ලා ආපු අගට වඩා පස්සෙ ආපු කන ලොකුයි නෙවෙයි බං ...ඉස්සෙල්ලා ආපු කනට වඩා පස්සෙ ආපු අග ලොකු උනා..😂😂"

" හරි හරි ඉතින් මිනිස්සුන්ටනෙ වරදින්නෙ... අත්තම්මත් හරි නරකයි ...😪🙄 "

"හරි හරි ගිහිල්ලා ඇගක් පතක් හෝදගනින්...මං තේකක් වක්කරන්නං "

අත්තම්මා කුස්සියට යනකන් බලන් හිටියේ එයාගෙ කිණ්ඩි හිනාවට උන ලැජ්ජාව වහගන්න ඕනි කමට නෙවෙයි මගෙ කකුල් රිදෙන හින්දා හොදේ..😌....මං කාමරේට ගිහිල්ලා ඇදුම් මාරු කරන් තුවායක් ඉන වටේ ඔතාගෙන ගියේ නාගන්න කියලා ...නාගෙන එනකොට අත්තම්මා ටීවි බල බල ඉන්නව දැක්කා...

මන්දාරම්Where stories live. Discover now