1 වන කොටස

Start from the beginning
                                    

" ඒ...යකෝ සෙහස් ...ගෙදරට අමුත්තෝ ආවම තේකක්වත් නොදී ඔහොම කාමර අස්සෙ රිංගලා හරියනවද..."

යසිරු මගෙ කාමරේට කියාගෙන එද්දි මං හිටියේ ඇදේ...
" තොට ඕන්නං හදාගෙන බීපිය..."

එතකොටම දුශේනුත් කාමරේට ආවා...උන් දෙන්නම ඇවිල්ල ඇදට නැග්ගා....

" මගෙ ඇද අව්ල් කරන්න නම් එපා ඈ..."

" අනේ අපිට උබේ ශ්‍රී යහන් ගර්භය අව්ල් කරන්න ඕන්නෑ....වරෙන් දුශේන් යන්න..."

" හරි හරි බං විහිලුවක් කරේ....ඔහොම ඉදහල්ලා..."

" මේ ඒක නෙවෙයි ඇයි උබ අද මලෙන් ඉන්නෙ "

දුශේන් එහෙම ඇහුවෙ යසිරුගෙයි මගෙයි අතර උන කතාව දන්නැති නිසා...

" උබ දන්නවද දුශේන් ...ඉන්දීවර අය්යා මූට කැමතියි බං ..."

" ඕහ් රියලී...ඉන්දීවර අය්යා ??? "

" ඔව් ඔව් බං ඉන්දීවර තමයි ...ඒත් මේ ගොනා කැමති නෑ කියහන්කෝ ...."

" අඩෝ වයි බං සෙහා ...උබ ඌට අකමැති ...උගෙ මොනවැයින් කියලා අඩුවක්ද බං ...සල්ලිද...ලස්සනද....මොනවද ඌට නැත්තෙ..."

දුශේන් එහෙම අහද්දි මට කේන්තියක් ආවෙ නැත්තෙ උන්ට නොතේරෙන දෙයක් මට කලින්ම තේරිලා තිබුන නිසා....

" සල්ලියි ලස්සනයි තාවකාලිකයි බං ...අනික කාටද බං පුළුවන් සල්ලිකාරයෙක් විශ්වාස කරන්න ...උන්ට පුළුවන් සල්ලි වලින් ඕනි නැටුමක්් නටන්න...ඉතින් උබලා මට කියන්නෙ එහෙම එකෙක් එක්ක පවුල් කන්න කියලද..."

" යසිරු ..මොනා උනත් මූ කියන දේත් ඇත්තක් නැත්තෙම නෑ ..."

" හරි හරි ...මූ කැමති නැත්තන් අපි ඕක අමතක කරලා දාමු....අපිට ඕනි උබ සතුටින් ඉන්නවා දකින්න විතරයි සෙහස් ... "

මට කියන්න කියලා කිසිම දෙයක් මගේ මොලේට ආපු නැති නිසා මං කට වහන් උන් දෙන්නා දිහා බාලාගෙන හිටියේ බිත්තියට හේත්තුවකුත් දාගෙන ඉද්දි...ඒ අතරෙම....

"සුදූ..සුදූ..පුතේ...ඔයා ආවද...."

" ඔව් අත්තම්මා...දැන් ටිකක් වෙලා ඇවිල්ල ...අත්තම්මා නිදි නිසා ඇහැරුවෙ නෑ .."

මන්දාරම්Where stories live. Discover now