ජේකේ & කුකී

532 72 50
                                    

💙එකමත් එක කාලෙක...‌ලස්සන කුමාරිකාවක් කඩවසම් කුමාරයෙක් එක්ක ආදරෙන් බැදුනා..ඒ දෙන්න විවාහ උනාට පස්සේ කුමාරයා තමන්ගේ රාජධානිය පාලනය කරන්න පටන් ගත්තා හදිසියේම මේ රජුට සිදුවුනා තමන්ගේ මිතුරු රාජ්‍යයකට සංචාරයක යන්න..

ඔහු තමන්ගේ බිරිදට හුගක් ආදරේ කලා..ඉතින් ඔහු බිය වුනා තමන්ගේ බිරිදව තනි කරලා යන්න මොකද කියුවොත් මේ බිසවට දරුවො දෙන්නෙක් ලැබෙන්න ඉදිය නිසා..අනික අනාවැකි කරුවෙක් ඔවුන්ගේ දරුවන් දෙදෙනාට විපතක් සිදුවෙන්න පුළුවන් කියලා කියුව නිසා රජු ඉදියේ කලබලෙන්..

බිසවගේ උපස්ථාන කටයුතු වලටත් ඇයගේද දරුවන්ගේද ආරක්ශාවත් තර කල රජු බිසවට දරුවන් ලැබෙන්නට පෙර පැමිනෙන බවට පොරොන්දු වෙලා පිටත් වුනා...

රජු සතියකින් පමණ නැවතත් තමන්ගේ රාජධානියට පැමිණෙන විට ඔහුගේ සතුරු රාජ්‍යයක් යුද්ධයක් සදහා සැරසුණා...

රජුගේ සේනාවන් විශාල ලෙස මිය ගියේ හදිසි ‌‌වසංගතයක් නිසා.. බිසවට දරුවන් දෙදෙනෙක් බිහිවුනා ඔවුන් නිවුන් සොයුරන්..

රජු තමන්ගේ බිරිදද රැගෙන පැන යන්න හැදුවත් සතුරු රජු මේ බිසවගේ එක් දරුවෙක් උදුරාගත්තා..අසරණ බිසව හා රජු බොහෝ බැගෑපත් වුනා දරුවාට අනතුරක් නොකරන ලෙස..

නමුත් සතුරු රජු දරුවාව රැගෙන ගොස් මරා දමා රජ පවුලේ සියළු දෙනාවම පිටුවහල් කලා..









''ඔන්න ඉතින් ඔහොම තමා කතාව ඉවර වුනේ ගුකී..'' ජන්කුක්ගේ ඔම්මා ‌ජියෝන් සේහි තමන්ගේ පුතාගේ හිස අතගාලා කතන්දර පොත වහලා පැත්තකින් තිබ්බා..

''අනේ ඔ..ම්මා එයා..ලා පව් නේ..ද?''

''ගුකී අඩනවද මගේ පුතේ..''

''ම්හු...''

''බොරු කියන්න එපා කෝ බලන්න අඩන්න එපා මෙච්චර ලොකු මගේ කොල්ලා අඩලා හරියනවද..කෝ හෙට යුනි යන පලවෙනි දවස ඒ නිසා අද හොදට නිදාගන්න ම්ම්ම්..''

JEON TWINSWhere stories live. Discover now