මිධුනාථ භීෂ සිදුවීම්

Start from the beginning
                                    

සුග්‍රීව ථිත සම්තින් සම්තින් ගැන මිධුනාථ භීෂ දැනගෙන ඉදියා.. ඒදෙන්නා එක මතයක් දැරුවා නම් ඔතනදී විතරයි... දෙන්නාම බොරු කියලා සුගීවයි ථිතයි බේරනවා...මේ ජල පොරයක් ගැන කියලා තියනේනේ ... එතනදී වෙන්නේ මිධුනාථව ගිල්ලනවා භීෂ කේන්ති ගිහින්..මිධුනාථිට ආපස්සට කේන්ති ගිය පාර භීෂගේ වළලුකර කඩලා වතුරට ඇදල දානවා..දෙන්නම මැරෙන්න යද්දි සුග්‍රීව තමා බේරගන්නේ....

දබර කර ඈ උරණ වූ විට , ඇසළ අරණේ සුවි පහණ යට...
නුඹේ සෝ ගිනි ශෝකලාපය අසන්නට වූයේද මහටය...
අහෝ ! ඒ ප්‍රේමයක දුක් ගිනි , මට අවැසි නැත එහෙව් ප්‍රේමය..
සොටු ද සූරා හඩන ඔබ දුටු මම ද සිතුවේ එදා එලෙසය...

ඉතින් ඛාදී-භීෂ රණ්ඩු කළාම ,භීෂට කවුරුත් නෑ ඕක කියන්න දැන්... ඉතින් භීෂ තනියම එනවා ඇසළ අරණේ මුනි පුත්‍රයෝ රැස් වෙන තැනක් සුවි පහණ කියලා.. ඒක ගලක් වටේට තිබ්බ මණ්ඩපයක්.. මිධුනාථ රෑට මෙතන ඉන්නවා කියලා දන්න නිසා භීෂත් එනවාඑතනට ඛාදී එක්කලා රණ්ඩු කළාම... මිධුනාථ රවාගෙන ඉදිද්දි භීෂ - ඛාදී ගැන කියලා අඩනවා... මිධුනාථට මලේ මල... මට නං ලව් ඕනේ නෑ කියලා හිතන්නේ මිනිහා....

හදුන ගත්තේ ඔහුට පෙරදිම , නුඹයි මා සිත එකම ප්‍රේමය...
කිණිස්සක් වෙත ආල කුමට ද ? සෝපාහාසයෙන් විමසුවේ නුඹ...
කිපී ගෙල සිර කළත් එමදින , නුඹ පහර නැත මහට යොමුවුන..
දෑස් නුඹගේ යොමුව තිබුණේ , මා කොපුල තෙත් කළ කදුළ අභියෙස..

සුලෝධජව අග්නියි කියලා දැනග්තතාට පස්සෙයි මිධුනාථට තේරෙන්නේ එයාගේ හිත තියන හැගීම හරියටම මොකක්ද කියලා.. ඉතින් කොල්ලා කිණිස්ස තියාගෙන පුහුණුවීම් අස්සේහිනා වෙවී ඉන්නවා භීෂ දකිනවා..මිනිහාගේත් කට හොද නෑන්. එයා මිධුනාථට විහිළු කරනවා, එයාව බදින්න කවුරුත් නැතිනිසා කිණිස්සකට ලව් කරනවා කියලා... අන්තිමේ ඔයාට ඔයකිණිස්ස විතරයි බ්ලාහ්බාල් කියලා.. මිධුනාථට කේන්ති ගිය පාර එයා භීෂට බිම දාගෙන ගහලා බෙල්ලත් හිර කරනවා..ඒත් භීෂ ඒ වෙලාවේමිධුනාථට ගහන්නේ නෑ මොකද එයා දකිනවා මිධුනාථගේ කම්මුල් දිගේ කදුළක් බේරෙනවා....

තනිව සිනැහෙන නුඹට උමතුද ? ! කෝපයෙන් නුඹ විමසූව සද ...
නුඹට සිනහාව අහිමි බැවිනුයි ගිල දමා සැගවූයේ මා එය.. 
ඔහුගේ සුරැකුම මහට කිසිදා බරක් නොවූ වග කිපී කිව්ව ද
නුඹ නොවන්නට පියාණන්ගෙන් කෙසේ මා ඔහු රැක තබන්න ද ?

පස්සේ සුලෝ - මිධු ටිකක් එකතු උනාට පස්සේ , මිධුනාථ කැටපෝලේ තියාගෙන තනියම හිනාවෙනවා...සතුටට.... ඒක දැකලා භීෂ අහනවා මොකද තනියම හිනාවෙන්න පිස්සුද කියලා... ඒ සැරේ මිධුනාථ ඉක්මනට හිනාවෙන එක නවත්තනවා. හේතුව භීෂ ආදරේ ඛාදිට කියලායි , ඛාදිව කවදාවත් භීෂට ලැබෙන්නේ නැ කියලායිමිධුනාථට මතක් වෙනවාකියලා.. එයා ආදරේනිසා හිනා උනත් භීෂට එහෙම බෑ නිසා තමා මිධුනාථ භීෂ ඉස්සරහා හිනා වෙන්නේ නැත්තේ....අනික මිධුනාථ කැමති නෑ පිළිගන්න එයාට තනියම සුලෝධජව පරිස්සම් කරන්න බෑ කියලා..ඒක නිසා භීෂ සුලෝව පරිස්සම් කරද්දි මිද්දා වලි එයාට තනියම පුළුවන් කියලා..ඒත් හැමතිස්සේම සුලෝධජව ම්‍යාන මුනිගෙන් බේරලා තියාගන්නේ භීෂගේසපෝට් එකනිසා...

ඇනුම් පද නෙක හී ද රැස නුඹ , කෝපයෙන් මා උසුලා සිටිය ද
දනියි ඉදහිට අතක් පයකුත් නුඹත් මා හා කඩාගත් වග..
සිත් ගතින් අපි ක්‍රෝධ වූ වග , කවුද කිව්වේ නුඹට එලෙසට ?
උඩින් ගින්දර යටින් නොනිමෙන කල්ය නුඹ මා සොයුරු පෙම්දම..

කිණිස තුඩ පපුතුරෙන් යැව්වම භීෂ නුඹ හට නොරිදුණාම ද ?
නුඹගේ ශාලී හඩන වග දැන ඇයව දෝතට නොගනු කෙලෙසද ?
ඛාදී දේවිය නුඹ නැතිව නෙක අපහාස කදු ඇයව ගිලගෙන..
නොයන ලෙස අඥාන ඔහුවත් නුඹට එමදින නොපැවසුමේ කිම ?

නොපවසනු එය මා නිසා වග , දැඩි වුනත් මට නොහැක දැරුමට..
වරක් පැමිණෙනු මෙමා අසළට , ගලවාමි නුඹ ගෙල ම' එසැණින..
ඇසළ මල් උයනක් බලන්න ද ? නුඹ ගියේ ඈ සමග තනිවම ?
කම් නොවේ විගසින්ම පැමිණෙනු.. දබර නොමැතිව සිතට නැහැ රසු..

ඇයත් දැන් එක තරුණියක්.. සිතට ළංවුණු දුවණියක්...
නුඹට වැඩියෙන් දගකරත්... සිත ඇගේ මුදු පද්මයක්...
වසර ගණනක් පසු කරන්.. නුඹගේ පැතුමන් ඉටුව දැන්...
අතහරිනු නොහැකිය කිසිකලත්.. නුඹද මා හට සොහොයුරෙක්..

මිධුනාථගෙන් භීෂට...

* එතනත් ආදරයක්තිබ්බා..

_ ඇඹුල් දොඩම්_ Where stories live. Discover now