18.. එකට එක....🤦

2K 434 99
                                    

🌻🌻 SAVE ME 🌻🌻 ..........

" කවුද ශාන්ගා එන්නෙ....."

යීබෝ පැන්ට්‍රියෙන් බිමට පැන ශාන් පිටුපසින් යන අතර ඇසුවේය ...

" ආවම බලන්නකො ඉතින්..."

ශාන් කාමරයට යන අතරම කීවේය ... යීබෝ කේන්තියෙන් ඇදට පැන දෑස් පියාගත්තේ එන්නේ කවුදැයි නොකියන නිසාය ..

" ටාරෝ ..... කෝ...එන්නකො ගගා ලඟට......"

ශාන් ඇදෙහි වාඩිවෙමින් කීවත් යීබෝ හිස එසවූයේවත් නැත....

" ඕන්නෑහ්....."

යීබෝ කොට්ටය අස්සේ මුහුණ හොවාගෙන කීවේය .... ශාන් සිනාසෙමින් ඒ හිස අතගෑවේය .... ඉතින් විනාඩි කිහිපයකට පසු යීබෝ කොට්ටයෙන් රූටා ඇවිත් ශාන්ගේ උකුලෙහි හිස තියාගත්තේය...

" ශාන්ගා ....."

",කියන්න මැණික ....."

" දැන් මොනවද කරන්නෙ .... හැමදාමත් හැංගිලා ඉන්නවද අපි....."

යීබෝ ශාන්ගේ මුහුණ දෙස බලමින් ඇසුවේය ....

"නෑ මැණික .... ඉක්මනින් ප්‍රශ්න විසදනවා..... තේරුනාද ... ඔයා විතරක් නෙවෙයි සීයපපාටත් හැංගිලා ඉන්න දෙන්නෙ නෑ හැමදාම ..."

ශාන් විශ්වාසයෙන් කීවේය ...ඒ වචනවල ඇති විශ්වාසවන්තභාවය යීබෝට දැනුනි.... යීබෝ ශාන්ගේ කකුල් දෙක මත උඩු උඩුබැලි අතට හාන්සි වී ඔහු දෙස සෑහෙන වෙලාවක් බලා සිටියේය ... ශාන්ගේ දෙනෙත් තිබුණේ ජනේලයෙන් පිටත වුවත් ඔහු සිටින්නේ බර කල්පනාවක බව යීබෝට අවබෝධ විය... මේ සියලු ගැටළු ඔහු ඔහුගේ කර මත තබාගෙන තනියම කල්පනා කරනබව යීබෝ හොදින්ම දනී...

"ශාන්ගා........"

යීබෝ අතකින් ශාන්ගේ මුහුණ අතගාමින් කතාකලේය ... මෙතෙක් වෙලා බර කල්පනාවක සිටි ශාන් යීබෝගෙ අතෙහි ස්පර්ශයෙන් දැහැනින් මිදුනේය ...

" කියන්න මැණික ....."

ශාන් ඒ අත ගෙන සියුම් හාදුවක් තැබුවේය ...

" මොනවද ඔයා කල්පනා කරන්නෙ... මටත් කියන්නකො... ඔයා ඉන්නේ දුකින්ද ....ඔයාට මාවත් වදයක් ද....."

ශාන් මෙතෙක් වේලා අල්ලාගෙන සිටි යීබෝගෙ අත ඔහු යලිත් සිම්බේය .... අතේ මුලින් පටන්ගත් දෙතොල් අතදිගේම පහලට ඇදගෙන එද්දී දැනුනු කිතියට යීබෝ දඟලන්නට විය...

🌻🌻 SAVE ME 🌻🌻   Zhanyi fan fiction( Complete)Where stories live. Discover now