15.. අදුරු අතීතය 🪐

1.9K 456 211
                                    

🌻🌻 SAVE ME 🌻🌻 ......

" ගිහින් සුදු කිරි එකක් හදලා පෙණ මතු වෙනකම් බාගෙට නිවාගෙන එන්නකෝ ....මම දැන් කතාව කියන්න හදන්නෙ...."

කිරෙන් යීබෝ දෙස බලා සිනාසෙමින් කීවේය ... යීබෝ පුදුමයෙන් ඔහු දෙස බැලුවත් මාරියෝ නැමැති පුද්ගලයා කියූ කතාව නිසා ..............................................................................................

යීබෝ තව තවත් පුදුමයට පත්විය ..

" එයත් අම්මා වගේමයි නේද දොස්තර හාමු....'"

කිරෙන් සිනාසෙමින් හිස වනා එය අනුමත කලේය ....

" ඔයාලා කොහොමද මගේ අම්මිව දන්නෙ .. එයා මෙහි කෙනෙක් නෙමෙයිනෙ ...."

යීබෝ පුදුමය අතරින් ඇසුවේය ...කිරෙන් මාරියෝට යන්න යැයි කියා තෝමස් දෙසට හැරුනි...

" තෝමස් .... මගෙ ඔෆිස් රූම් එකේ තියෙන අර ඇල්බම් එකයි ෆයිල් එකයි අරගෙන එන්න....."

ඔහු පිටව ගිය පසු කිරෙන් යීබෝ අසලටම ගොස් ඔහුගේ අතකින් අල්ලාගත්තේය ...

" ඔයාගෙ අම්මි කොරියන් කියලා නේද පපා කියලා තිබුනේ...."

යීබෝ ඔව් යැයි කියන්නට හිස සෙලවීය..

" ඉන්නකො.... මං ඔයාට අද ඇත්තම කතාව කියන්නම් ... ඒත් ඔය ලේ ගෑවුනු ඇදුම වත් අයින් කරලා ඉන්නවද ඔයා ...."

යීබෝ තම ඇදුම දෙස බැලුවේ එවිටයි .

" අනේ ගලවන්නකො...."

යීබෝ අත්දෙක ඔසවා කීවේය .... කිරෙන් සිනාසෙමින් යීබෝගෙ කමිසය ගලවා දමද්දී තෝමස් පැරණි ඇල්බමයක් සහ ලිපි ගොනු කිහිපයක් රැගෙන විත් කිරෙන් අතට දී අල්මාරිය හැර කමිසයක් රැගෙන දුන්නේය ... යීබෝ ඉක්මනින් කමිස ඇඳගෙන කිරෙන් අත තිබෙන ඇල්බමය දෙස බලා සිටියේ කතාව අසා ගන්නට ඇති උනන්දුව නිසාවෙනි ...

" මෙන්න මේ ෆොටෝ වල ඉන්න දෙන්න අදුරනවද කියලා බලන්නකෝ .."

කිරෙන් ඡායාරූප කිහිපයක් යීබෝ අත තබමින් කීවේය ..... තම පියාගේ තරුණ කල ඡායාරූප බව ඔහු හදුනා ගත්තත් ඒ අසල සිටින කාන්තාව පිළිබඳ මතකයක් ඔහුට නැත....

" මේ පපා නේද... ඒත් මේ කවුද..."

යීබෝ ඒ මුහුණ දෙස හොදින් බැලුවේය ... පුරුදු බවක් එහි තිබුනි ...

🌻🌻 SAVE ME 🌻🌻   Zhanyi fan fiction( Complete)Where stories live. Discover now