මගහැරීම

33 14 9
                                    

"සනායා"
සුපුරුදු කටහඩක් මාව අමතද්දි දෙදනිස් අතර ගුලි වෙලා හිටපු මන් ඔලුව එසව්වෙ ඒ නේහා කියලා හොදටම දන්න නිසා

"ඔයා එනකන් ලෙහා ලැබ් එක ලග බලන් ඉන්නව"
ඒ වෙලාවෙ නේහගෙ මූනෙ හැගීම් විරහිත බවක් පෙන්නුම් කලත් ඒ වචන ටිකකට මගෙ හදවතට අලුත් පනක් දෙන්න පුලුවන් උනා.

මට පුලුවන් උපරිමයෙන්ම ඒ ඇස් හොයාගෙන දුවල නතර උන තැන අඩි කිහිපයක් එහායින් ඒ සිතුවම ජීවමානව ඉන්නවා දැක්කම මට හති අරින්නවත් සිහියක් තිබුනෙ නෑ.

එයා නිහඬ යි. අද එයා වෙනදටත් වඩා නිහඩයි. ඒ නිහැඩියාව ම මගෙ හිතට චකිතයක් එක් කරද්දි ඒ පපුවට තුරුලු වෙන්න බලන් හිටපු හදවත මගෙන් ඇහුවෙ තව දුරටත් මට ඒකට අයිතියක් තියෙනවා ද කියලා .

දිගු හුස්මකට සමු දුන්න මගෙ හිත ඒ ඇස් ලග සන්සුන් උනේ වචන වලට සීමා නොවුන සංවාදයක එක් වෙමින්

"ල්.. ලෙහන්‍යා "
හදවතේ තිබ්බ දීර්ඝ කතාව මට පිට කරන්න පුලුවන් උනේ එක වචයකින් විතරයි . ඒ වචනය අවසානයේ සැනසීම හොයපු මට ලෙහන්‍යා ගෙ තිගැස්මට හේතු හොයන්න පුලුවන් උනා. ඔව් ඔයා හිතුව හරි ඉස්කෝලෙටම ලෙහා උන ඔයාට අදටත් ලෙහන්‍යා කියලා කියන්නෙ මන් විතරයි .

"අදින් පස්සෙ මට ඔයාව දකින්න වෙන එකක් නෑ"
එයා එක හුස්මකට කියලා දැම්ම වචන පේලිය ඉස්සරහ මන් නිරුත්තර උනා

"පරිස්සමින් ඉන්න " එයා ආයෙත් නිහැඩියාව බිද දැම්ම

"ලෙහා"  මට තවදුරටත්  කතා කරන්න තිබ්බ අවස්ථාව උදුරාලමින් අකේෂි අපි දිහාවට එද්දි ඔයත් පරිස්සමින් ඉන්න කියලා මන් එයාට ඉගි කලේ තාමත් මගෙ ඇස් කියවන්න එයාට පුලුවන් කියලා විශ්වාස කරමින්

අකේෂි ගෙ අතේ පැටලිලා එයා යද්දී ලෙහන්‍යා මාව පහු කරල ගොඩක් දුර ගිහින් කියලා ඉවරයි කියලා මට ඉබේටම පසක් උනා.

ලොකු තනිකමක සීතල මන් ලග දැවටෙද්දි මන් ඕන උනේ ලෙහන්‍යා ගෙ උනුහුම උනත් එක පාරටම නේහා ගෙ උනුහුම මාව බැද තබාගත්තෙ බිදී යන්න සැරසුන හදවත නවතාලමින්.

මන් ලග වචන නොතිබුනත් මගෙන් සමුගෙන යන ලෙහන්‍යා ගෙ නම දහස් වතාවකට වඩා මුමුනන්න ඇති

තව දුරටත් මගහැරීම කියලා වචනය මා සතු උනේ නෑ.
මොකද තව දුරටත් මග හැරෙන්න කියලා දෙයක් මන් ලග තිබ්බෙ නෑ.
ලෙහන්‍යා මතක ගොන්නක් ඉතිරි කරල මගෙන් සමු ගනිද්දී
ඒ මතක එක්ක ම හුස්ම යදිනව ද නැතිනම් නව මතකයට හදවතේ
ද්වාරය විවර කරනවද කියන තීරණය
මං ලග ඉතිරි උනා

..නිමි..

එච්චර ලස්සන නැතිව ඇති

නම් ගම් සියල්ල මනඃකල්පිතයි

මග හැරීමWhere stories live. Discover now