මගහැරීම

58 17 3
                                    

ලෙහන්‍යා's pov

පාසල් සීනුව නාද වෙනවත් එක්කම පංති කාමරයට ඇදුන මං අදත් සුපුරුදු විදියටම ඒ ඇස් ලග නතර උනා. කියාගන්න බැරි උන ලොකූ කතාවක් ඒ ඇස්වලට තියෙනවා කියලා දැන දැනම අකේෂිගෙ අත තද කරල අල්ල ගත්තෙ මට ඒ ඇස් මග හරින්න ලේසි වෙන්න . මං කරන දේ හරිද වැරදි ද කියලා දන්නෙ නෑ ඒත් මන් ලග නතර වෙන ඇස් මවාගත්ත හිනාවක් එක්ක  ආයෙත් වෙන දිහාවට ඇදෙන්නෙ ඔය හිතේ සතුටකින් නෙවෙයි කියලා මන් දන්නව. ඔයා ඉස්සර මගෙ අතේ එල්ලෙනව වගේම අද ඔයාගෙ අතත් නේහාට අයිති වෙලා ඒත් ඔය හිත තාමත් තියෙන්නෙ මන් ලග කියලා ඇයි මට හිතෙන්නෙ. අපි තව කොච්චර කාලයක් මේක කරන්න ද සනායා.

අවුරුදු තුනකට කලින් මගෙ අතේම එල්ලිලා හිටපු කටකාර කෙල්ල අද නිහඬ වෙලා . හැම කෙනා එක්කම හදවතින් හිනා උන ඔයා ලග දැන් ඉතිරි වෙලා තියෙන්නෙ මවාගත්ත හිනාවක් විතරයි .මේ හැම දේකටම හේතුව මන් කියලා නොදැනෙන්න තරම් මන් මෝඩයෙක් නෙවෙයි . ඔයා එක්ක ගෙවුන මාස හයට ඔයාගෙ හුස්මත් තේරුම් ගන්න පුලුවන් තැනකට මන් ආවා . ඒත් මේ හැම දේම වෙනස් උනේ මන් ඔයාට අකේෂි ගැන කියපු දවසෙ නේද.

අකේෂි කියන්නෙ මගෙ පලවෙනි ආදරය . මන් අවුරුදු ගානක් පිස්සුවෙන් ආදරය කරපු කෙල්ල. ඒත් ඒ ගෙවුන කාලයටම ඒක මගෙ හිතේ තිබ්බ අසම්පූර්ණ ආදරයක් විතරයි . ඔයා දන්නව ද සනා ඔයා තවත් ටික කාලයක් මන් ලග හිටිය නම් සමහර විට මගෙ හදවතත් යාලුකමේ සීමාව පන්නන්න තිබ්බා . ඒත් ඒ හැම දේම වෙනස් වෙන්න ගියේ දවස් දෙක තුනයි . අකේෂි මගෙ ජීවිතයට එනවත් එක්කම මගෙ හිතේ තිබ්බ පලවෙනි ආදරය ආයෙත් පාරක් දලු දාන්න ගත්තා . මන් පිස්සෙක් උනා. ඔව් මන් පිස්සෙක්.  අවුරුදු ගානක් බලාපොරොත්තු උන දෙයක් එක පාරටම ලගට එද්දි හැමදේකටම හිටපු ඔයාව මගහැරෙන්න තරම් මන් මන් පිස්සෙක් උනා. මගෙ සතුට නිසා ඔයා අවුරුදු ගානක් දුක් විදී කියලා දන්නව නම් මන් කීයට වත් මේ තීරණය ගන්නෙ නෑ. ඒත් මන් දැන් පරක්කු වැඩී මට ආපස්සට හැරෙන්න බෑ. ඒ වගේම ඔයා දුක් විදිනව බලන් ඉන්නත් බෑ.

තව කී කාලයක් මෙහෙම කරනව ද සනා. අදින් පස්සෙ තව දුරටත් ඔයාට මාවවත් මට ඔයාව වත් මේ විදිහට මග හරින්න බැරි වෙයි. සමාජය විසින්ම අපි දෙන්නව දෙපැත්ත්කට දායි.

මග හැරීමWhere stories live. Discover now