• Chapter 7 •

253 40 8
                                    

කාර් එක නවත්තපු තැන ළග ම තිබ්බ Cafe එක පෙන්නන ගමන් යුමී ට කතා කරපු ටේ යුමීවත් ඇදගෙන ඉස්සරහට ගියේ නිදහසේ කතා කරන්න කියලා හිතාගෙන..ඒත් යුමී අල්ලගෙන ඉදපු ටේ ගෙ අත තද කරලා ටේ ව නැවැත්තුවෙ ජන්කුක් එතන ඉද්දි එයා ව දාලා යන්න බෑ කියලා හිතුන නිසා.. මොකද කොල්ලා පල්ලෙහාට බැස්සෙත් කෙල්ල ගැන හොයන්න..ඇස් දෙකෙන් පිටිපස්සෙ රව රව ඉන්න ජන්කුක්ව පෙන්නපු යුමී එයත් අපිත් එක්ක එනවද කියලා අහන්න කියලා ටේ ට ඇගෙව්වෙ එයාගෙන් අහන්නෙවත් නැතුව යන්නැති එක හරි නෑ කියලා හිතුන හින්ද..

" ආහ්.. ජන්කුකා.. උබත් එනවද අපිත් එක්ක ? අපි අර Cafe එකට යන්න හදන්නෙ !! "
යුමී කියපු ගමන් ක්‍රියාත්මක වුන ටේ ජන්කුක් ගෙ පැත්තට හැරිලා කතා කරන්න පටන් ගත්තෙ මොකක් හරි කිව්වොත් කලින් දැක්කෙ නෑ කියලා සමාව ගන්නවා කියලා හිතාගෙන..මොකද කොල්ලා ඇත්තට ම එතන ඉදියෙ යුමීගෙ සිහියෙන් හින්දා කොල්ලට ජන්කුක් ගැන හොයන්නවත් , බලන්නවත් වුනේ නෑ.. කාලෙකින් හම්බුනෙත් නැති නිසා එයි කියලා හිතපු ටේ මූණේ ලස්සන හිනාවකින් පිරෙව්වෙ ජන්කුක් එනකල් බලාන ඉන්න ගමන්..

" මට පිස්සු නෑ වැඩ කාර කෙල්ලත් එක්ක Cafe එකකට යන්න.. උබට ඕනිනම් පලයන්.. උබනෙ කොහොමත් ඕකිව රන් කරන්නෙ ඒකිට තේරෙන්නෙ නැති වුනාට !! "
පලවෙනි වාක්‍ය දෙක හයියෙන් කෑ ගහලා කිව්වත් අන්තිම වාක්‍ය තමන්ට ඇහෙන නෑහෙන ගානට ජන්කුක් කිව්වෙ මොනවා වුනත් කොල්ලගෙ චරිතෙ නැති කරන්න හොද නෑ කියලා හිතුන නිසා.. කෙල්ලත් ටේ ජන්කුක් එනකල් ටේ ට ටිකක් ඉස්සරහින් නැවතිලා බලාන ඉදියත් ජන්කුක් යනවා දැක්ක නිසා එයා තේරුම් ගත්තා ජන්කුක් ට එයාලත් එක්ක cafe යන්න උවමනාවක් නැති බව..
තව මොනවත් කියන්නෙ නැතුව ටේත් හැරිලා ආවේ ජන්කුක් ට ඕනි දෙයක් කර ගන්න ඉඩ දෙන ගමන්..කොල්ලට ඕනි වුනේ නෑ යුමී එයා ළග ඉන්න වෙලාවට ජන්කුක් තියා එක කොල්ලෙක් වත් එයාලා ළග තියා ගන්න..අඩු ම තරමෙ කෙල්ලෙක්වත්..

පැය කට්ට හරි වේගයෙන් කැරකිලා තුන් වෙනි පාරටත් රවුමක් පාස් කරේ ජන්කුක් හොටෙල් එකේ තනියෙන් ඉද්දි ටේ , යුමී දෙන්නා cafe  එකේ කතා කර කර ඉන්න හරිද්දි.. පැය තුනකටත් පස්සෙ කෙල්ලට සමු දීලා ටේ අහපව් ගෙදර යන්න ගියෙ හදිසියෙම වැටුන වැඩක් නිසා..යුමී ව හොටෙල් එක ළගට ම ඇරවපු නිසා උඩ පැන පැන රූම් එකට ගිය යුමී දැක්කෙ මූසල මූණක් හදාගෙන ඉන්න ජන්කුක් ව.. උදේ පාන්දරක දැක්කොත් එහෙම දවස ම මූසල කරන්න පුලුවන් තරම් කැත මූණක් හදාගෙන ඉදපු ජන්කුක් යුමී දොර ඇරගෙන ඇතුළට එනකල් ඉදලා බලන්නෙවත් නැතුව ම වෙන දිහාවක් බලා ගත්තෙ හරියට තරහා වෙලා වගේ..

You've reached the end of published parts.

⏰ Last updated: Jan 01, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

High School Playboy : JJK Where stories live. Discover now