ජන්කුක් ටේහියුන්ගේ කොණ්ඩෙට නහය තියලා හුස්මක් ගත්තා..ජන්කුක් ටේහියුන්ගෙ බෙල්ලටත් නහය තියලා ටේහියුන්ගෙ සුවඳ බැලුවා..

ම්හ් ඔයාගෙ සුවඳ මාව පිස්සෙක් කරනවා බේබි..

කු_කුක් ඕක නවත්තන්නකො..

ටේහියුන් ජන්කුක්ගෙන් ඈත් වෙන්න හැදුවත් උත්සහය අසාර්ථක කරමින් ජන්කුක් ටේහියුන්ගේ ඉන වටා අත් යවලා ටේහියුන්ව පැන්ට්‍රිය උඩින් තිබ්බා..

කුක්..මොකද්ද කරන්නේ..

ජන්කුක් ටේහියුන්ගේ කකුල් දෙක ඈත් කරලා ඒ මැදට ඇවිල්ලා ටේහියුන් දිහා බැලුවා.

ඇත්තටම ඔයා ගොඩක් ලස්සනයි..

මම දන්නවා.
ටේහියුන් රතු වෙච්ච මූණ ජන්කුක්ගෙන් හංගගන්න ගමන් කිව්වා.

කෝ ඔයාගේ යාළුවා.

ජන්කුක් ටේහියුන් හදපු බීම එක බොන ගමන් ටේහියුන්ගෙ කකුල් අතර හිටගෙන ඇහුවා.

එයා ඇවිදින්න ගියා..

ඔයා ගියෙ නැත්තේ ඇයි..

එයාගේ බෝයිෆ්‍රෙන්ඩ් එක්ක
ගියෙ..ඉතින් මට යන්න බෑනේ..

ආහ් එහෙමද..

හ්ම්..කෝ ඕක දෙන්න..

ජන්කුක් බීම එක බීලා ඉවරයි කියලා දැක්ක ටේහියුන් හිස් බීම කෝප්පය තමන්ගේ අතට ගත්තා.

ඔයා විතරද කුක් ඒ ගෙදර ඉන්නේ..

හ්ම්..පවුලේ අය කොරියාවෙ

මගෙත්..

ටේහියුන් හිනා වෙමින් කිව්වා.
ජන්කුක් ටේහියුන්ගේ කකුල් වලින් අත් දෙක තියලා ටේහියුන්ගෙ දිහා බැලුවා.

ඔයාට කලින් girlfriend ලා ඉඳලා නැද්ද බේබි..

කුක්..ඇත්තටම මේකයි..

මොකද්ද

මම..මම කෙල්ලන්ට කැමති නැ..

ඔහ් ඒ කියන්නේ ඔයා..

ඔව් ඔව් ගේ..
ටේහියුන් ලැජ්ජාවෙන් කියන ගමන් අහක බලා ගත්තා..

ඉතින් මාත් එහෙමනෙ. ඇයි ලැජ්ජාවෙන්නේ..

ඇත්තද..ඔයත් ආස පිරිමි ළමයින්ටද..

හ්ම්.

මම හිතුවෙ ඔයා කොරියන් නිසා ඒක වැරදි කියයි කියලා..

ඇත්තටම බේබ් ඔයා මෝඩයි අනේ..මම එහෙම වෙන්නෙ නැත්තම් ඔයාට බේබි කියයිද?😂

ඔව්මයි නේද..

ටේහියුන් ජන්කුක්ට හිනා වෙන ගමන් පැන්ට්‍රි එකෙන් බැහැලා බීම කෝප්පය හේදුවා.
-
-
-
,
,
,
,


Continue...👀

Peachy__vk🎁🍍

Neighbour...?📲[TK]✔حيث تعيش القصص. اكتشف الآن