කවි නොලියන සොයුරු පෙමක්...

Start from the beginning
                                    

ඇනුම් පද නෙක හී ද රැස නුඹ , කෝපයෙන් මා උසුලා සිටිය ද
දනියි ඉදහිට අතක් පයකුත් නුඹත් මා හා කඩාගත් වග..
සිත් ගතින් අපි ක්‍රෝධ වූ වග , කවුද කිව්වේ නුඹට එලෙසට ?
උඩින් ගින්දර යටින් නොනිමෙන කල්ය නුඹ මා සොයුරු පෙම්දම..

කිණිස තුඩ පපුතුරෙන් යැව්වම භීෂ නුඹ හට නොරිදුණාම ද ?
නුඹගේ ශාලී හඩන වග දැන ඇයව දෝතට නොගනු කෙලෙසද ?
ඛාදී දේවිය නුඹ නැතිව නෙක අපහාස කදු ඇයව ගිලගෙන..
නොයන ලෙස අඥාන ඔහුවත් නුඹට එමදින නොපැවසුමේ කිම ?

නොපවසනු එය මා නිසා වග , දැඩි වුනත් මට නොහැක දැරුමට..
වරක් පැමිණෙනු මෙමා අසළට , ගලවාමි නුඹ ගෙල ම' එසැණින..
ඇසළ මල් උයනක් බලන්න ද ? නුඹ ගියේ ඈ සමග තනිවම ?
කම් නොවේ විගසින්ම පැමිණෙනු.. දබර නොමැතිව සිතට නැහැ රසු..

ඇයත් දැන් එක තරුණියක්.. සිතට ළංවුණු දුවණියක්...
නුඹට වැඩියෙන් දගකරත්... සිත ඇගේ මුදු පද්මයක්...
වසර ගණනක් පසු කරන්.. නුඹගේ පැතුමන් ඉටුව දැන්...
අතහරිනු නොහැකිය කිසිකලත්.. නුඹද මා හට සොහොයුරෙක්..

මිධුනාථගෙන් භීෂට...

Ledge_D


* මේ.. මං ආයේ Wattpad එන එකක් නැහැ.. මේ පාර නම් බොහෝ විට නැහැමයි... මාව ආශ්‍රය කරන එක කරදරයක් වගේ අය කරුණාකරලා කැපෙන්න.. වෙලාවක් ආව සැනින් මං කතාවක් හිමින් දානවා. ඒත් කිසිම ප්‍රතිචාරයක් බලාපොරොත්තු වෙන්න එපා. කතාව දානවා ආයේ යනවා මං. ආවාත් කතා ටිකක් කියවන්න තමා. සත්තකින්ම මට එපා වෙලා හොදටම#

* ෆ* එව්රිතින්.... :/

* මං BL ලියන එක ප්‍රශ්නයක් උන හැමෝටම මට නිළ වශයෙන් දන්නලා සබදතා නවත්තන්න පුළුවන්. මතක ඇතිව කරපු එක උදව්වක් මතක් කරලා තැන්ක්යූ කියන්න. එතකොට හොදට රිදෙනවා... ආයේ මේ වට්ටි උලව්වේ බැදීම් එපා මට...

* සාමාන්‍යයෙන් කෙනෙක්ට උදව් කරන්න ගියාම මං ඒ කෙනාගේ හැම ප්‍රශ්නයකටම උදව් කරනවා. ඒක මගේ ගොන් කම කියලා හැමදාම මතක තියේවා.. ඒස්වා.. පරම හතුරා ළගට ඇවිත් අනේ බං උදව්වක් කියපු ගමන් පණ දීගෙන උදව්ව කරන මට කටු පොල්ලෙන් ගහන්න වටින්නේ..

* කෙනෙක් අවුලින් නම් මං අනිවාර්යෙන්ම හොයලා බලනවා, මනුස්සකමට මිසක්, ඒ පරණ කොහේවත් යන උදව්වකට තැන්ක්යූ කියලා, මාත් එක්ක ආයේ චැට් කරන්න එපා කියන්න තරම් මං වැරැද්දක් කරලා නැහැ...

* මං හැමෝටම උදව් කළාට , මං ළං වෙන අය හොදයි නම් එයාලාට හැම උදව්වම කළාට ගොඩක් අයට මගේ වටේ ඉන්නේ ප්‍රයෝජනය පිණිස පමණයි කියලා මං හොදට තේරුම් අරගෙනයි ඉන්නේ.

#මැසේජ් ගොඩක් තිබ්බා.. කොච්චර කියෙව්වත් මගේ හිත හැදෙන්නේ නැහැ.

* මං පොත් ලියන්නේ මට ඕන විදියට. ඒකට බලපෑම් කරන්න එපා ප්ලීස්...

මං වැටිලා වගේ පේනවා නම් ලොකු වැරදීමක් ඈ,. මං ඉස්කොලෙදි ඉන්න විදිය දන්නවා ... නැව ගිලුනාත් බෑංචූං... 

ඇඹුල් දොඩම් ටික ඉදියාම ඇති.. එයාලාට හැමදාම ආදරෙයි.

මේ ටිකත් කිව්වේ මට විශ්වාස එකම ටික දෙනා ඔයාලා නිසා..

එනිවේස් පරිස්සමින් ඉන්න හැමෝම.. කවියක් දාලා යන්නත් කම්මැලි නිසා එන්නම්.. අද මේ කරන්ට් නැති නිසා පාඩම් කරන්න බැරි නිසයි කවිලිව්වේ.. #

_ ඇඹුල් දොඩම්_ Where stories live. Discover now