🦋සුන්දර ආරම්භය(අවසන් කොටස) 🦋

Start from the beginning
                                    

"ඇයි හිනා වෙන්නේ..???

" නෑ නිකන් "

"" නිකන් වෙන්න බෑ ඇත්ත කියන්න.."

" නෑ හෂානිට ගලදාරි එකෙ අපේ වෙඩින් එක ගන්න ඕනි කිව්වේ.. මම හෙන ගේමක් දීලා මවුත්ලැවේනියාවල හොටෙල් එකකට කැමති කරගත්තා. හොටෙල් හෙව්වා මාස බාගයක්ම ඇවිද ඇවිද.. අම්බෝ... "

එයාගේ ඒ වචන මට සැඟවුණු ලොකු කතාවක් කිව්වා...
අපි අපේ ජීවිතේ පුළුවන් තරම් සරල කරගන්න ඕනි... වැදගත් වෙන්නේ නැති පොෂ්කමක් මවා පාන එක නෙවෙයි. තියන පොෂ් ගතිය තියන විදියට රැක ගන්න එක..
ඉතින් මගේ සරල ඇවතුම් පැවතුම් එයාගේ සිත්ගත්තා කියලා මට වෙලාවකට හිතුනා..

කොල්ලො කොලු වයසට කරන නාස්තිකාර වැඩ එකක්වත් මම කරලා නැති තැලිලා පොඩි උනේ නැති මලක් නිසාලු එයා මට මුලින්ම කැමති උනේ...
ඒ උනාට රෑට ඇදට ගියාමනම් හේතුව වෙනස් වෙනවා.

"අහ්........ බබී ඔයා හරිම ලස්සනයි සුවදයි සිනිදුයි..
මම මුලින්ම වැටුනේ ඔයාගේ ඔය  හුරතල් බැල්මට..."

ඒ වෙලාවට මට මාර ලැජ්ජයි. කමක් නෑ එයා ඒක කියන්නේ කරුවලේනේ..
හැබැයි එයා ඒවා කියනකොට මගේ හිතේ ආදරේත් උතුරනවා. ඒ වගේම මට තවත් එයාව ඕනි වෙනවා...
පොඩ්ඩක් නෙවෙයි මහ ගොඩක් .

ඉතින් මගේ ජීවිතේ හැඩවුනේ පන වගේ ආදරේ කරන වැඩිමල් අත් දෙකකින්.
කවදාවත් අපි රණ්ඩු වෙලා නෑ.
ඉදලා හිටලා  පාරේ යද්දී එයාව අවුස්සන්න කෙල්ලෙක් දිහා බලලා වලි අල්ලනවා වගේ ඒවා නෙවෙයි.
දරුණු හිත රිදෙන ඒවා තාමත් අපේ ජීවිතවල නෑ..
ඒවා නම් ඇති වෙන්නත් එපා...
කොහොමත් එයා නිතර  කේන්ති ගන්න කෙනෙක් නෙවෙයි.
ඒ වගේමයි මමත්.
අපි දෙන්නටම කේන්ති ගිය වෙලාවට අපි කරන්නේ කතා නොකර රව රව ඉන්න එක..
නැනෝ අම්මා ඒ වෙලාවට අපිට කියන්නේ Angry Owls ලා කියලා..
එතකොට නම් නැනෝ අම්මා පරවියා ගානට වැටෙනවා..
අර බත ඉදෙනකන් කියනවා වගේ ඒක අපි දෙන්නගේ තියරියට අනුව රෑට ඇදට යනකන් තමා.

ඒත් දවසක් මම සැටියට එන්න හැදුවේ. මොකද එයා මට ගුඩ් මෝනින් කිස් එක නොදී ඔෆිස් ගියා.
ඒකට නම් මම සැරටම වලි ඇල්ලුවා.
ඒත් පාන්දර 1 ට විතර නින්දෙන්ම මාව උස්සන් ගිහින් ඒ වෙලාවෙම මගේ නූල් පොටක්වත් නැති වෙන්න ගලෝල ඇගේ එක තැනක්වත් ඉතුරු නොවෙන්න කිස් කරා..
අන්න ඒ වගේ ආදරණීය මොහොතවල් අපේ ජීවිත මාරම ලස්සන කලා...
අහ් තවත් එකක්.
එයා දැන් ඕස්ට්‍රේලියාවේ සිඩ්නිවල ප්‍රසිද්ද නීතීඥ එඩී මාස්ලෝ ලග වැඩ..
මමත් මියුසික් ගෲප් එකක වැඩ.
ඉතින් අපි දෙන්නෙක් හම්බ කරන නිසා පොඩ්ඩොන්ට කිසි අඩුවක් තිබුණේ නෑ..
එයාලත් සිඩ්නිවල ප්‍රසිද්ද නර්සරි එකකට යනවා..
ඉතින් ඔන්න ඔහොමයි අපේ ජීවිතේ දැන් ගෙවෙන්නේ. එයා මැරෙයිද ඉස්සෙල්ලම මම මැරෙයි ද කියන්න බෑ.. ඒත් අවසාන හුස්ම වෙනකන් අපි දෙන්නා අනිවාර්යයෙන් සතුටින් නම් ඉන්නවා..

🔞My Unconditional Love[NoN-FF]✔️🔚Where stories live. Discover now