09- අරුන්ගේ ඇසින් ආදරය 🦋

928 181 14
                                    

My Unconditional LoVe 🦋
.
.
.
.
.
.
.
" බබා...හ්.....මට ඔයාව අද ඕනි නේ..??
ප්ලීස්.... මට පුළුවන් ද..?

මම මගේ චූටි මැණිකගෙන් එයාව මගේ කරගන්න අවසර ඉල්ලුවා...

එයා ලැජ්ජාවෙන් ඇඹරෙනවා..
අනේ මේ මැණික මට මගේම විතරක් කරගන්න ඕනි..
තාමත් මම මේ ඇගට අත නොතිබ්බේ මට ඒක වැදගත් විදියට ලස්සනට කරන්න ඕනි උන නිසයි...

🦋අතීතයේ අරුන්ගේ දෑසින් බිදක්.....🦋

ජීවිතේ මහා පුදුම දෙයක්.. එයා මගේ ජීවිතේට ආපු සුන්දර හීනයක් වගේ....
මගේ ලගට ඒ ඇස් ආවේ හරිම අහිසක විදියට...
කවදාවත් මගේ හිත කා වෙනුවෙන්වත් නොදැනුනු හැඟීමක් මට කෙයාන් දැක්කම ඇති වුනේ..
Proposal එකෙන් මට මැරි කරන්න ආපු ෂෙරින්වත් කවදාවත් හොල්ලපු නැති මගේ හදවත කෙයාන්ගේ එක බැල්මකින් හෙල්ලුනා...
ඒ ගැන කිව්වොත් ෂෙරින්ගෙයි මගෙයි තිබ්බේ ලෝකෙට පේන්න කොලේකට බැඳුණු බැඳීමක්.
මම හිතන්නෙ නෑ එයාවත් මංවත් කවදාවත් එකිනෙකාට ආදරය කරා කියලා..
මාව මැරි කරන්න කලින් එයාට ආදරේ කරන්න කෙනෙක් ඉදලා තිබුණා...
ඒ ගමේ අහිංසක කොල්ලෙක්..
ඒත් එයා මාව ඒ කොල්ලව අතෑරලා මැරි කරා කියලා මම දැනගත්තේ අහම්බෙන් එයයි මමයි ශොපින් ගිය වෙලාවක ෂෙරින්ගේ යාලුවෙක් හම්බෙලා එයාගේ කටින් පැන්න වචන නිසා..
එදයි මම තේරුම් ගත්තෙ එයා මට එයාට ලං නොවෙන්න දෙන හේතුව..
මොකද අපි අතර තිබ්බේ කටුක කායික බැඳීමක්..
හනිමූන් එක රෑත් එයා මගෑරියම මම නිකන් හිටියා..
ඒත් නෑදෑයෝ අම්මලා තාත්තලා බල කරන්න ගත්තම එයා මට එයාගේ කන්‍යාභාවය අමාරුවෙන් දීලා මගේ දරුවො දෙන්නා ලැබුණා..
ඒකත් උනේ නිකන් පඹයො ගානට..
කවදාවත් අපිට ලස්සන Sexual life එකක් තිබිලා නෑ...
මම ඒක මිහිරි ද කියලාවත් දන්නේ නෑ..
මොකද මට මේ අවුරුදු ගානටම එහෙම අත්දැකීමක් තිබ්බේ නෑ කියලා කොල්ලෙක් වෙලත් ලැජ්ජාවෙන් කියන්න වෙනවා..
ඒ නිසා අපි අතර යුතුකම් හා වගකීම් හා බැඳුණු කටුක බැදීමක් තිබුණා..
කවදාවත් අපි අපිට ආදරෙයි කියාගෙන නෑ...
කවදාවත් එයා මගෙන් මට මහන්සි ද ඇහුවේ නෑ...
මම රෑ වෙනවද ඇහුවේ නෑ...
මම සතුටින්ද ඇහුවේ නෑ....
ඉතින් මම ටිකෙන් ටික එයාගේ විදියට හුරු උනා...
මම ඒත් පුළුවන් විදියට හොයලා බලලා මගේ යුතුකම් ඉෂ්ට කරා...
ඔව් අපි ජීවත් උනා. රොබෝලා ගානට...

🔞My Unconditional Love[NoN-FF]✔️🔚Where stories live. Discover now