My Unconditional LoVe.🦋
.
.
.
.
.
.මාස 06 කට පසු......Keyan's POV..
" කෝ නිදිද...? "
" හ්ම්... දෙන්නම නිදිකලා.."
" ශුවර් ද..?
" හ්ම්ම්..."
"එතකොට නැනෝ අම්මා.."
"එයත් නිදි.."
" කෝ ඕක ඩබල් ලොක් දාන්න.."
" හෙව්වොත් නැත්නම් ආවොත් ?"
" දැන් ආයේ කොහේ එන්නද...?"
" හා හා ඔන්න වැහුවා.."
" කෝ අලුත් ඒවා.. "
මට එයාට ඇස් දෙකෙන් ලොක් කරපු ලාච්චුවක් පෙන්නුවා.
" key එක ???"
" කොට්ට උරේ අස්සේ.."
එයා හිනා වෙනවා.
හිනා නම් වෙයි මම බොහොම අමාරුවෙන් අර දඟමළු දෙකේ ඇහැ වහලා ඔතන යතුර හැංඟුවේ.. වටින කියන අත්‍යාවශ්‍ය දේවල් පරිස්සම් කරගන්න සෑහෙන්න ගේමක් දෙන්න ඕනි මෙහෙ....*******
දැන් අපි ඉන්නේ සිඩ්නිවල අපේ නමටම සංකුගේ යාලුවෙක් මාර්ගයෙන් ගත්ත ගෙදරක...
ලංකාවේ ගෙදරකට වඩා මහ වෙනසක් නෑ. ඒත් බඩුමුට්ටු වටිනාකමෙන් යුක්තයි...
සාමාන්‍ය මිදුලක් සාමාන්‍ය ගෙයක් අපි තෝරගත්තේ බබාලට උපන් රටේ හැඟීම පොඩ්ඩක් දෙන්න.
ඒත් මම එහෙම කිව්වට ඇත්තම හේතුව අමුතුවෙන් සුපිරි අපාට්මන්ට් අරන් දරන්න අපි වගේ පිටරැටියොන්ට ඇත්තටම ටිකක් අමාරු එක...
මම ආස නෑ එයා ගෙයක් වෙනුවෙන් වැඩියෙන් නහිනවට.ඒත් අපි අද ගොඩක් සතුටින්.
ලංකාවේ ආරංචි ගැන කිව්වොත් හෂානි පෙරේදා නිදහස් වෙලා තිබුනා. ෂෙරින් කලින්ම ඇප අරන් තිබුණා. එයා එයාගේ වැරදි පිළිගත්තා. දැන් නම් අර පරණ මනුස්සයා එක්ක ආයේ සෙට් වෙලා කියලා ආරංචී..
ඔන්න ඔහොමයි.. අපේ ජීවිතේ අපි ප්‍රශ්න වවාගෙන සංකීරණ කරගත්තෙත් නෑ..
මට ඕනි හිතේ සැනසීමෙන් මේ පවුල ඇතුලේ මැරිලා යන්න. දැන් පවුල තමයි මගේ ජීවිතේම.
එක අතකට මම ගොඩක් වාසනාවන්තයි .
අල්ල ගත්ත අත මොනම ප්‍රශ්නයක් ආවත් අතාරින්නේ නැතුව ඉන්න සැමියෙක් ලබන්න..
අහ් කියන්න බැරි උනානේ අපි මෙහෙට ආව ගමන් අපේ විවාහය ලියාපදිංචි කලා..
එකම එක පොටෝ එකක් අරන් විතරක් අපි සැනසුනා.
ඇත්තටම මම එයාට ඊට වඩා දෙයක් කරන්න දුන්නේ නෑ.. එයාගේ මූනේ එදා ලස්සන හිනාවක් ඇදුනා...
YOU ARE READING
🔞My Unconditional Love[NoN-FF]✔️🔚
Non-Fictionඔයා ද වැරදි මම ද වැරදි කියලා හිතනවට වඩා ලේසී ආදරේ කියන්නේ ආදරේ කියලා තේරුම් අරන් ඉන්න එක..හිතට වහල් වුනු සැබෑ ආදරයක ඔයත් මමත් කොටස්කරුවන් වූයෙමු..🦋