❖ Chapter 02

727 185 2
                                    

• • • • • • • • • • • • • • • • • • • • • • • • • • • • • • •
[ මතකාවර්ජනය ]
පැය දෙකකට පෙර..
________________________________________

පාර පනින්න කහ ඉර ගාවට ආපු ඔහුව ඔහුගේ පිටිපස්සෙන් දුවගෙන ආපු කෙනා නතරකරගත්තේ ඔහුගේ සියුමැලි අත ඒ ශක්තිමත් දෑත්වලට මැදි කරගනිමින්.

"ජිමින්..ඔහොම ඉන්න..ටිකක් මං කියන එක අහන්න..."

ඒ කෙනා එහෙම කියමින් ජිමින්ව නවත්තගන්න හදද්දි ජිමින් කලේ තමන්ව අල්ලගෙන හිටපු ඔහුගේ අත ආවෙගෙන් ගසලා දාපු එක.

"අතාරිනවා මාව....!!මගේ ජීවිතෙන් ඈත් වෙලා යනවා....!! යනවා.......!!!!!!"

ජීමින් මහ හඩින් කෑ ගැහුවේ ගිනි ගන්න ඇස්වලින් ඔහු දිහා බලන ගමන්.ඒත් ඔහු ජිමින්ව අත් ඇරියේ නෑ.ඒ වෙනුවට ඔහු ඒ කලු පාට තියුනු ඇස්වලින් ජිමින් දිහා ආයාචනාත්මක බැල්මෙන් බලාගෙන හිටියා.

"ජිමින්....!"

"මට දැන් තමුන්ව ඇති වෙලා තියෙන්නේ..මං මොකෙක් කියලද තමුසේලා හිතාගෙන ඉන්නේ..තනියෙන් කිසිම දෙයක් කරගන්න බැරි පොඩි එකෙක් කියලද...උදේ නැගිටපු වෙලේ ඉදන් රෑට නිදාගන්නකම් මොහොතක් නෑර තමුන් මගේ ලග කැරකෙද්දි මට ඒක මොන තරම් වදයක්ද කියලා තමුසේ දන්නවද...තමුසේ එන්න කලින් මගේ ජීවිතේ මහ ලොකු හොදක් තිබුනේ නෑ තමයි..ඒත් දන්නවද...තමුන් ආවට පස්සේ මගේ ජීවිතේ අපායක් වුනා ජන්කුක්..මගේ මුලු ජීවිතේම අපායක් උනා..තමුන් ඉන්න තැනක මට නිදහසේ හුස්මක් ගන්නවත් බෑ..මාව පොඩි එකෙක් ගානට දාලා තමුන් මගේ හැම වැඩක්ම කරලා දෙද්දි මට හිතෙන්නේ මං කිසිම වැඩකට නැති එකෙක් කියලා..අදින ඇදුමත් තමුන් මට තෝරලා දෙද්දි ඒක ගැනවත් මට තනියෙන් තීරණයක් ගන්නබැරි එක ගැන මට මං ගැනම දැනුනේ මොම තරම් කාලකන්නි හැගීමක්ද කියලා තමුන් දන්නවද...මෙ හැමදේම තමුසේ නිසා ජන්කුක්...මට මගේ ජීවිතේම තිත්ත වුනේ තමුසේ නිසා......!!!!!"

ජිමින් කෑ ගැහුවේ ජන්කුක් නිහඩවම ඔහු දිහා බලාගෙන ඉද්දි.ජන්කුක්ගේ මූණේ වේදනාවක් ඇදුනත් ඔහු මොකුත්ම කිව්වේ නෑ.ජීමින් මොන දේ කිව්වත් ජන්කුක් කලේ ජිමින්ව නවත්තගන්න උත්සාහ කරපු එක.ඒත් ජන්කුක් බලාපොරොත්තු නොවුනු විදිහට ඔහුගේ අතේ ග්‍රහනයෙන් මිදුනු ජිමින් ජන්කුක්ගෙන් ඈතට වුනේ ජන්කුක් පුදුමයෙන් බලාගෙන ඉද්දි.

I K I G A I  | JiKook | (Completed)Where stories live. Discover now