23

323 87 182
                                    

(මේක LGBTQ+ ගණයට අයත් කතාවක් බැවින් එවැනි අංග කතාවේ තිබීම පිළිබඳව වග කියනු නොලැබේ.)


නෙතිඳුගේ දෑස් අන්ධකාරයේ ගිලිනි. නිවසේ වූ පාළු නිහැඬියාව ඔහුගේ සිරුරට ගෙන දුන්නේ දැඩි අපහසුතාවයකි.

ඔවුන් යාපනයේ නිවසට ළඟා වූ විට එම නිවසේ සිටියේ නාදන්ගේ පියා පමණි. අත්තම්මා මීට වසරකට පමණ පෙර මිය ගිය බව ඔහුගේ මුවින් පිට වද්දී නෙතිඳුට තමාගේ සිරුරම අඩපණව යන්නාක් මෙන් දැනිණි. 

කෙසේ මුත් යුධ බිමේදී ඔහු දුටු මළ සිරුර සංඛ්‍යාවට සාපේක්ෂව මෙය තවත් එක් මරණයක් පමණක් යනුවෙන් සිතීමට ඔහු ඔහුගේම සිතට බල කර ගත්තේය.

ඉන් සති තුනකට පමණ පසුව කුමාර හා කුමාරනාදන් නිවසින් පටට බැහැරව ගියේ නිවසට අවැසි යම් යම් ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහාය. ඔවුන් පිටව ගිය විට නෙතිඳු නිවසේ තනි විය.

තමාගේ උපැස් යුවළ ගලවා පසෙකින් තැබූ නෙතිඳු ඔහු යාපනයට පැමිණෙන විට කෙතරම් නම් දෑ වෙනස් වී තිබුණාද යන්න කල්පනා කරන්නට විය. පෙරදා ඔවුන් මෙහි සෙල්ලමේ යෙදෙන විට ළමා ළමපටි පිරී සිටියේ අතොරක් නැතිවය. නමුත් අද ඔහු පැමිණෙන විට ඔහුගේ පයේ පෑගී ඇවිළුණු දූලි ඇරෙන්නට අවට සෙල්ලමේ යෙදෙන්නට කිසිවෙකුත් නොවීය. 

තල් ගල් සියල්ලකම ගෙඩි සෑදී බිම වැටී තිබූ අතර ඒවාට කිසිවෙකු අතක් හෝ තබා තිබූ බවක් නොපෙනෙණි. මාර්ගයද සම්පූර්ණ හිස් විය.

සාමකාමී මිත්‍රශීලී ජනයාව මෙතරම් නිහඬ කිරීමට යුද්ධය නම් අකුරු හතරට හැකි වුණිදෝ යන සිතුවිල්ල ඔහුගේ උගුර වරදකාරී හැඟීමකින් පුරවාලීය. 

නාදන් හා තමා පෙර සිටි කාමරයේ බිම පැදුරක් දමා ගත් ඔහු එහි වැතිරී වහලයේ සෙල්ලම් කරනා මකුළුවන් දෙස බලා සිටියේය. 

ඔහුගේ අවධානය එක් වරම බිඳී ගියේ නිවසේ දොරකොඩට යමෙකු එන හඬ ඇසීමෙනි. පියාව බලාපොරොත්තුවෙන් නැගිට දොර වෙතට ගිය ඔහුගේ සිරුරම දැවෙන්නා මෙන් විය.

නිවසේ දොරකොඩ සිටි අමුත්තාද මදක් නතරව ඔහු දෙස බලා සිටියේය.

මුලාව | The Lost [✅]Où les histoires vivent. Découvrez maintenant